IMG-LOGO

2025 ඔක්තෝබර් මස 01 වන බදාදා


අපට දැන් හිරේ යනවද?උගන්වනවද? හිතන්න වෙලා

(අංජුල මහික වීරරත්න)

ළමයින් හිංසනයට ලක්වීම වැළැක්වීම සඳහා රජය ගෙන ආ පනත් කෙටුම්පත සම්මත වුවහොත් දරුවන්ට උගන්වනවාද? නැතිනම් හිරේ යනවද? කියා ගුරුවරුන්ට හිතන්න වෙන බව ගුරු විදුහල්පති එකමුතුවේ කැඳවුම්කරු උලපනේ සුමංගල හිමියෝ මාධ්‍ය හමුවකදී අද (30) පැවසීය.

මෙම දණ්ඩ නීති සංග්‍රහ සංශෝධනය ක්‍රියාත්මක වුණොත් පාසලකට ශිෂ්‍ය නායක මණ්ඩලයක් වැඩක් නැතැයි ද සුමංගල හිමියෝ කීහ. ගුරු සංගම් වල සහභාගීත්වයෙන් කොළඹදී පැවති මෙම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ උලපනේ සුමංගල හිමියෝ:-

මේ පනත සම්මත වුණොත් වගේම පාසලකට විනය මණ්ඩලයක් වැඩක් නැහැ.කොටින්ම කියනවා නම් පාසලේ විනය කියන වචනයක් කතා කිරීමත් තහනම් වෙනවා.මේ නිසා රට වනසන, පාසල වනසන මේ පනත වහ හකුලා ගන්නැයි අප රජයෙන් ඉල්ලා සිටිනවා.

ශ්‍රේණිධාරී විදුහල්පති සංගමයේ ප්‍රධාන ලේකම් නිමල් මුදුන්කොටුව මහතා:-

මේ පනත සම්මත වුණොත් සමාජ ව්‍යසනයක් ඇතිවෙන්න නියමිතයි.මේ පනත සම්මත කළාට පස්සේ කොණ්ඩෙ බැඳලා පිරිමි ළමයෙක් පාසලට ආවොත්,පිරිමි ළමයෙක් කරාබු දාලා පාසලට ආවොත් ගැහැණු දරුවෙක් නහය විඳලා කරාබුවක් දාගෙන පාසලට ආවොත් අනුගමනය කළ හැකි පියවර මොනවාදැයි අධ්‍යාපන අමාත්‍යංශය චක්‍රලේඛයක් මගින් දැනුම් දිය යුතුයි.එසේ නොකළොත් ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් ලොකු අමාරුවක වැටෙනවා.ඒ වගේම ශිෂ්‍ය ශිෂ්‍යාවන් විශාල වශයෙන් නොමඟ යාමට ගොදුරු වෙන්න පුළුවන්.

ඒ සම්බන්ධයෙන් කොළඹදී පැවති තවත් මාධ්‍ය හමුවකදී රජය පාර්ශවයෙන් අදහස් දක්වමින් ලංකා ගුරුසේවා සංගමයේ ප්‍රධාන ලේකම් කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා:-

ශාරීරික දඬුවම් කරන්න ඕන කියන එකක් නෑනේ.දඬුවම් කරන ක්‍රමවේද ඕන තරම් තියෙනවා.කොන්ඩේ වවාගෙන එනවා නම් කොණ්ඩේ කපන්න යන්න එපා. ඒක මාපියන්ට පවරන්න.දරුවන් යහමගට ගැනීමේ සැබෑ චේතනාවෙන් ගුරු විදුහල්පතිවරුන් කටයුතු කර තිබේ නම් මේ පනතින් ඔවුන්ට දඬුවම් දෙන්න හැකියාවක් නෑ.

 



අදහස් (10)

අපට දැන් හිරේ යනවද?උගන්වනවද? හිතන්න වෙලා

C.K.Lankaputhra Wednesday, 01 October 2025 07:17 AM

සමහර විට ඔබ වහන්සේටත් ඒක සිදුවෙන්නත් බැරි නෑ, කහින කැහිල්ල දැක්කම. කැස්ස සනීප සනීපකර ගත්තොත් ඔය ඔක්කොටම වැඩිය හොඳයි. කටින් විසබීජ පැතිරෙනවා වැඩියි. ලමයින්ටත් බෝවෙන්න පුලුවන්නෙ.

:       0       2

Indika Wednesday, 01 October 2025 07:36 AM

ඇමටි පනත කියෝලා නෑ... ඒකේ අනුව කිසිම අර්තකතනයක් එක්කරලා නෑ... අවමානයක් වූවායැයි ලමයින්ට ඕන දේකට ගුරුදෙමාප්යින්ට එරෙහිව කටයුතු කිරීමට පුලුවන්

:       0       0

අරවින්ද මොණරවිල Wednesday, 01 October 2025 08:21 AM

අහෝ භික්ෂු සමාජයට ගිය කලක්, තමන්ගේ දේශපාලන උවමනාවන් වෙනුවෙන් තමන්ගේ සාස්තෘන් වහන්සේ දේශනා කල ධර්මයට පටහැනිව කතා කරන වැඩ කරන සිවුරු රදවන මේවා.

:       0       4

පිටිගල මිලානෝ. Wednesday, 01 October 2025 09:05 AM

ශාරීරික දඩුවම් පැමිණවීම ඉස්කෝලයක තබා හමුදාවකවත් සිද්ධ වෙන්නේ නැහැ දැන්. ශාරීරික දඩුවම් වෙනුවට ලබා දෙන්නේ කතාවක් පැවැත්වීම රචනාවක් ලිවීම. කරන ලද වරදී ආදීනව සම්බන්ධයෙන් ඉදිරිපත් කිරීමක් කිරීමට සැලැස්වීම.වගේ ළමයාගේ අධ්‍යාපනය සම්බන්ධයෙන් වැදගත් වන ආකාරයේ දඩුවමක් පැමිණවීමයි. ස්වාමීන් වහන්ස හිරේ යන්න එපා, උගන්වන්නත් එපා. මට පේන්නේ ඔබ වහන්සේ ඉගැන්වීමට සුදුසු කෙනෙක්නෙමෙයි මහණදම් පුරාගෙන ඉන්න කරුණාකරලා.

:       2       15

මැක්ස් Wednesday, 01 October 2025 09:11 AM

මහින්ද ජයසිංහ වැන්නන් ආණ්ඩුවේ රෙදි සේදීම අරමුණු කොටගෙන සිදු කරන ප්‍රකාශ පිළිගන්නා ගුරුවරුන් තවමත් වෙත්නම් අනේ ඉතිං ලංකාවෙ දරුවන්ට දෙවියන්ගේම පිහිටයි!

:       11       3

Jayasekara Wednesday, 01 October 2025 09:20 AM

හොඳම දෙය සිවුර දාගත්ත කාරණය මතක් කරගෙන පැත්තකට වෙලා බණක් භාවනාවක් කරගෙන ඉන්න එක... නැත්නම් ඉතින් චීවරය දරාගෙන හන්දි ගානේ ගිරිය යටින් කැගහගෙන අව්වේ කර වෙන්නේ නැතුව, සිවුරු ඇරලා සටන් කර කර ඉන්න එක...

:       0       7

Saththaya Wednesday, 01 October 2025 09:20 AM

දැන් මේ ක්‍රියාත්මක වන්නේ ඩයස්ලාගේ ප්‍රතිප්‍රත්ති අපේ හාමුදුරුවනේ . එතකොට මේ පැත්තේ ළමුන්ගේ විනය පිරිහිලා , ඉගෙනීම කඩාකප්පල් වෙනවා . ඩයස් ළමයි හොදට ඉගෙනගනියි . මෙයාලට බලය අරන් දුන්නේ ඩයස්ලානේ

:       15       2

tharaka Wednesday, 01 October 2025 10:05 AM

සෙට් එකට ළමයිට ගහන්න තියෙන ආසාවක්

:       0       6

wedage Wednesday, 01 October 2025 10:14 AM

දෙකම ටික ටික කරන්න

:       0       4

ලූස් බමුණා Wednesday, 01 October 2025 11:29 AM

හිරේටම වඩින්න, එතන ඔය දෙකටම කට්ටිය ඉන්නවා.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32800 40


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 15400 10


අනුර -ට්‍රම්ප් හමුවේ
2025 සැප්තැම්බර් මස 24 10001 15

මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 170 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 473 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1398 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site