සංහිඳියා යාන්ත‍්‍රණය පිළිබඳ සම්බන්ධීකරණ ලේකම් කාර්යාලයේ මහලේකම් මනෝ තිත්තවැල්ල මහතා අතුරුදන් වූවන්ගේ කාර්යාලයේ ලේකම්වරයා හෝ සාමාජිකයෙකු නොවන බවත් අතුරුදන් වූවන්ගේ කාර්යාලයේ සාමාජිකයින් පත් කිරීම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සභාව විසින් සිදු කරනු ලබන්නක් සංහිඳියා යාන්ත‍්‍රණය පිළිබඳ සම්බන්ධීකරණ ලේකම් කාර්යාලය අද (26) නිතුත් කළ නිවේදනයක සඳහන් වේ.
පසුගිය 24 වැනිදා පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කියා සිටියේ අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ ප‍්‍රධානියා හෙවත් මහලේකම්වරයා ලෙස මනෝ තිත්තවැල්ල මහතා පත් කිරීමට රජය තීරණය කළ බවයි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
“අපිකා ලේකම් තිත්තවැල්ල නොවේ“
දසුන් Friday, 26 August 2016 10:38 PM
හොරාට කලින් කෙහෙල්කැන වැට පනිනවා කියලා අපි කියන්නේ මෙන්න මේවට තමයි
රන්ජන් Saturday, 27 August 2016 05:25 PM
තිත්ත වැල දාල පැණි වැලකවත් එල්ලියෝ ! (ම)
රත්නායක Saturday, 27 August 2016 02:08 AM
ඔය තනතුරට එන්න කවුරුත් කැමති නැතුව අැති කියලයි මම නම් හිතන්නේ (නි)
රමණි Saturday, 27 August 2016 03:00 AM
හා හා කවුරුත් කලබල වෙන්න එපා.
ජනහිත Sunday, 28 August 2016 02:06 AM
යහපාලනය නිසා මොනවට කලබල වෙන්නද? (නි)
ලුසේනා Saturday, 27 August 2016 10:17 AM
පිටරටක සිට ලංකාව දෙස බලන කෙනෙකුට තමයි ලංකාව කොතරම් අවුල් සහගත දේශපාලන තත්වයක්ද කියලා තේරුම් යන්නේ. (බ)
ශශික Friday, 26 August 2016 03:07 PM
කොහොමත් දේශපාලකයන්ට හැමදාම ගොඩක් දේවල් වැරදුනානේ. (නි)
සරත් Friday, 26 August 2016 04:45 PM
රාජිතට විතරක් නොවෙයි මේ ආණ්ඩුවට හැමදෙයක්ම පැටලිලා තියෙන්නේ. (නි)
ඇසළ Saturday, 27 August 2016 01:32 PM
ඕකට "අපිකා " කියන්නේ නැතුව "අපි ඉල්ලන් කා " කියල දැම්ම නම් හොදට ගැලපෙනවා. (බ)
සුජීව Friday, 26 August 2016 05:25 PM
යාන්තම් ඇති, සුබ ආරංචියක්. (නි)