අපේක්ෂා රෝහල තුළදී පරිපාලන නිලධාරීවරයාට තියුණු ආයුධයකින් පහරදුන් සුළු සේවකයා අත්අඩංගුවට
( බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මහරගම අපේක්ෂා රෝහලේ කාර්යාලයකට මාළු කපන විශාල මන්නයක් රැගෙන කඩා වැදී පරිපාලන නිලධාරීවරයාට එයින් පහරදී බරපතල තුවාල සිදු කර පළා ගිය සැකකාර සෞඛ්‍ය කාර්ය සහායකවරයා අත්අඩංගුවට ගත් බව මහරගම පොලිසිය කියයි.
සැකකරු පොලිසියට බාර වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන ඇත.
අසාධාරණ ලෙස තමාව ස්ථාන මාරු කිරීම හේතුවෙන් මෙම පහරදීම සිදුකළ බව සැකකරු පොලිසිය සිදු කළ ප්‍රශ්න කිරීම් හමුවේ පැවසූයයි පොලිස් නිලධාරියෙකු පැවසීය.
සැකකාර සේවකයා මන්නයෙන් පහර දෙන අවස්ථාවේදී කාර්යාලයේ රැඳී සිටි සේවිකාවන් පිරිස අතර සිටි සේවිකාවක් ක්ෂණිකව ක්‍රියාත්මක වී සැකකරු පසු පසින් ගොස් එකවරම බදාගෙන ඔහු මෙල්ල කිරීමට සමත් වීම හේතුවෙන් සිදුවීමට ගිය ජීවිත හානියක් වැළකී ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් කිය
2025 දෙසැම්බර් මස 18
176
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
155
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අපේක්ෂා රෝහලේ පරිපාලන නිලධාරීවරයාට පහරදුන් සැකකරු අල්ලයි
ගැමුණු Wednesday, 07 February 2024 12:33 PM
වීර සේවිකාවට උසස්වීමක් දෙන්න වටිනවා... මාරු කරයි ද දන්නේ නෑ.
රංබොඩ Wednesday, 07 February 2024 12:38 PM
දේශපාලකයින් තමන්ගෙ හෙන්චයියන් වුණු රස්තියාදු කාරයින් , මැරයන් , පාතාලයන් කුඩුු කාරයින් රෝහල්වල විවිධ සේවා සඳහා බඳවා ගැනීමේ විපාක තමයි මේ .
Lankabarana Wednesday, 07 February 2024 05:57 PM
රංබොඩ කියන දේ හරියට හරි... ඒ වගේම දේශපාලුවෝ නමකරන කෙනාට තාවකාලිකව හෝ පත්වීමක් දීලා සේවයේ යොදවනවා.. එයාට මොන ප්‍රශ්නයක් ආවත් එයා රකින්න දේශපාලුවෝ උපරිමයෙන් කටයුතු කරනවා හරියාකාරව පුහුණුවක් නැතිවා වගේම තමන්ගේ උසස් නිලධාරි කවුද කියලා දන්නේ නැහැ. මෙම අලුගෝසුවා ස්ථාන මාරුකර තියෙන්නේ විනයානුකූලව කියලා පෙර දිනයේ වාර්තා වුණා.. කොහොම හරි රෝහලේ කුස්සිය කියන්නේ සේවකයින්ට රත්‍රන් ආකාරයක් තමයි මේ අලුගෝසුවා සේවයෙන් පහකිරීමට කටයුතු කරන්න ඕනෑ.. ඒත් එයාගේ දේශපාලුවා තදින්ම ඉන්නවා. දුෂ්කර ප්‍රදේශයකට මාරු කළොත් ඉතාමත් හොඳයි. මම නම් නැවතත් කියන්නේ රජයේ කුමන අමාත්‍යාංශයක දෙපාර්තමේන්තුවක සනීපාරක්ෂක කම්කරුවන් වුවත් බඳවා ගැනීම ලිඛිත විභාගයක ප්‍රතිඵලය මතම කළයුතුයි කියලා තමයි...!