IMG-LOGO

අපේක්ෂා රෝහලේ කාර්ය මණ්ඩලයේ 15 නිරෝධායනයට

(නිමන්ති රණසිංහ)

කොරෝනා රෝගය වසන් කරමින් මහරගම අපේක්ෂා රෝහලේ බාහිර රෝගී අංශයෙන් බෙහෙත් ලබා ගැනීමට පැමිණී පුද්ගලයකු හේතුවෙන් එම රෝහලේ වෛද්‍යවරු ඇතුලු කාර්ය මණ්ඩල සාමාජිකයින් 15 දෙනෙකු වයික්කාල නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කළ බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය වසන්ත දිසානායක මහතා අද (06) පැවසීය.

ඉකුත් 03 වැනිදා සවස කොළඹ ඔරුගොඩවත්ත ප‍්‍රදේශයේ සිට පැමිණ සිටි මෙම පුද්ගලයා ප‍්‍රතිකාර ලබා ගැනීම සඳහා බාහිර රෝගී අංශය වෙත පැමිණ තිබූ බවත් ඔහු තමන්ට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට දැන දැනම ප‍්‍රතිකාර ලබා ගැනීමට පැමිණ තිබූ බවත් මහරගම අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂවරයා ප‍්‍රකාශ කළේය.

මෙම තැනැත්තාට බෙහෙත් ලබාදුන් වෛද්‍යවරයා ඇතුලූ කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් 15 දෙනෙකු හදුනා ගැනීමෙන් පසු ඔවුන් නිරෝධායනය සඳහා වයික්කාල නිරෝධායන මධ්‍යස්ථානය වෙත අද (06) පෙරවරුවේ පිටපත් කර යැවූ බවද වෛද්‍ය දිසානායක මහතා සඳහන් කළේය.

එසේම, රෝගය අසාදනය වූ පුද්ගලයා හෝමාගම මූලික රෝහලේ කොරෝනා ඒකකය වෙත යොමු කළ බවත්, මේ වන විට අපේක්ෂා රෝහලේ ප‍්‍රතිකාර සේවා සමාන්‍ය පරිදි සිදුවන බවද රෝහල් අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේය.

 



අදහස් (3)

අපේක්ෂා රෝහලේ කාර්ය මණ්ඩලයේ 15 නිරෝධායනයට

සේන Monday, 06 April 2020 10:37 AM

ඇයි මේ මිනිසුන් තිරිසනුන් වගේම හැසිරෙන්නෙ ?

:       0       0

lalithm Monday, 06 April 2020 12:07 PM

ලෙඩෙක් නම් තමයි. එහෙත් කල දුෂ්ට පාපී ක්‍රියාව නිසා වටින්නේ මරණීය දණ්ඩනයට. වෙන කිසිවකින් සෑහීමට පත් වෙන්න බැහැ.

:       0       0

මිත්‍රයා Tuesday, 07 April 2020 01:04 AM

මේක සංවිධානය කරල කරන වැඩක් කියල හිතෙන්නෙ මට විතරද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 367 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 529 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 222 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site