IMG-LOGO

අපේක්ෂකයකුට වියදම් කළ හැකි මුදල් ප්‍රමාණය මැතිවරණයට පෙර සම්මත විය යුතුයි

  (නිමල කොඩිතුවක්කු)
මැතිවරණයකට ඉදිරිපත්වන අපේක්ෂකයකුට වියදම් කළ හැකි උපරීම මුදල් ප‍්‍රමාණය  සම්බන්ධයෙන් වන නීති  ඉදිරි මහ මැතිවරණයට පෙර පාර්ලිමේන්තුවේදි සම්මත විය යුතු බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහන හෙට්ටිආරච්චි මහතා අද(14) කොළඹදී පැවසීය.
 

 මැතිවරණ ක‍්‍රමය සංශෝධනය කළ පමණින්  මැතිවරණ වල නිදහස් හා සාධාරණ භාවය රැකෙන්නේ නැති බවත් පැවසූ  ඒ මහතා  මෙම වියදම් සීමා කිරිම නීතියක් බවට පත් කල යුතු බවද සදහන් කළේය.
 
පසුගිය පළාත් පාළන මැතිවරණයේදි එක් අපේක්ෂකයෙකු සිය කොට්ඨාෂය ජයග‍්‍රහනය කිරිම වෙනුවෙන් රුපියල් ලක්ෂ 400 ක මුදලක් වැය කර ඇති බවත් මරදාන පිහිටි සමාජ හා සමයික කේන්ද්‍රයේදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා පැවසීය.
 
තොරතුරු දැන ගැනීමේ පනත මගින්  ලබා ගත් තොරතුරු මත ඔහුට එරෙහිව නීතිමය ක‍්‍රියාමාර්ග ගන්නා බවත්  ඔහු සදහන් කළේය.
 
මැතිවරණයකට ඉදිරිපත්වන අපේක්ෂකයකුට වියදම් කල හැකි උපරීම මුදල් ප‍්‍රමාණය  සම්බන්ධයෙන් වන නීති රටේ සම්මත නොවුනොත්  මැතිවරණවල සුජාත භාවය බරපතල ලෙස අභියෝගයට ලක්වනු ඇති බවත් රෝහණ හෙට්ටිආරච්චි මහතා වැඩිදුරටත් සදහන් කළේය.



අදහස් (3)

අපේක්ෂකයකුට වියදම් කළ හැකි මුදල් ප්‍රමාණය මැතිවරණයට පෙර සම්මත විය යුතුයි

de silva Wednesday, 14 August 2019 05:48 PM

ඕවා ඔප්පු කරන්නේ කොහොමද? ලංකාවේ ඉන්න මන්ත්‍රීලගේ වත්කම්, බැරකම්වත් මැතිවරණ කොමිසම දන්නේ නැතිකොට..

:       0       7

Bandara Wednesday, 14 August 2019 07:35 PM

වෙනවානම් හොඳයි. ඒත් මහබැංකු සල්ලි වියදම් කරන්නත් ඕනෑනේ.

:       0       25

රොහාන් දයාදර පැරිස් Thursday, 15 August 2019 10:03 AM

ඉතා හොද කාලෝචිත අපේ රටට ඉතා හොදින් ගැලපෙන නීතියක්. මේ නීතිය මගින් පක්ෂ ,පාට ,පුද්ගලයන් , හිතවත්කම් ,නිලතල ,තාන්න මාන්න , නොතකා සැමටම එක සමානව නීතිය අකුරටම ක්‍රියාත්මක කරන්න පුළුවන් නිසා මුළු රටම මේ සඳහා ඒකමතිකව එකග වනු ඇත . ඒවගේම මේ නීතිය රටේ සෑම මැතිවරණයකටම ක්‍රියාත්මක කරන්න .

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 290 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 150 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1799 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site