ශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිත ක්‍රිකට් සම්මේලනය වාර්ෂිකව සංවිධානය කරන දෘෂ්‍යාබාධීත තරගාවලියේ අවසන් මහා තරගය නාරාහේන්පිට ‘ශාලිකා’ ක්‍රිඩාංගණයේදී අද පැවැත්විණී.
මේ වසරේ කණ්ඩායම් 15 ක් මෙම තරගාවලියට එක් වු අතර රත්මලාන අන්ධ විද්‍යාලයයේ කණ්ඩායමත් ශ්‍රී ලංකා රාගම රණවිරු සෙවන කණ්ඩායමත් අවසන් මහා තරගාවලියට සුදුසුකම් ලැබීය.
රණවිරු කණ්ඩායමේ සියලු ක්‍රීඩකයන් උතුරු නැගෙනහිර පැවති යුද්ධය වෙනුවෙන් දායක වී දෘෂ්‍යාබාධීත තත්ත්වයට පත්වුවන් වීමත් ඔවුන් දිගටම වසර 8 ක් තිස්සේ දෘෂ්‍යාබාධිත ක්‍රිකට් ශූරයාත් වීමයි.
යුද හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි දමයන්ති රත්නායක මහත්මිය ඇතුළු පිරිසක් ක්‍රීඩකයන් දිරිගන්වමින් තරගය නැරැඹ්මට පැමිණ සිටියහ.
2025 දෙසැම්බර් මස 18
591
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
291
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1092
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අඳ විදුහලත් ක්‍රිකට් අවසන් තරගයට
දෝන දිල්හාරි Saturday, 28 September 2013 12:13 PM
ආදරණීය සොයුරනේ, අපි ඔබලාට සදා නයගතී .(අ)
දුම්මලසූරිය. Friday, 27 September 2013 09:35 PM
අපිට සාමකාමී නිදහස් රටක් හදන්න තරුණ දිවිය කැපකළ දයාබර විරුවනි ඔබලාගේ සතුට අපෙත් සතුටයි.(අ)
පාලිත මහින්ද ඉතාලියේ මිලානෝ නගරයේ සිට Friday, 27 September 2013 04:36 PM
ජයවේවා! (නි)
චන්දි Friday, 27 September 2013 11:57 PM
අනේ මට මේ වගේ දේවල් බලනකොට ඇඩෙනවා අනේ ඇත්තමයි !! රණවිරු සොයුරනේ පවසමි හද බැතියෙන් .., ඔබේ දිවි දුන්නේ අප ඉපදුන රට වෙනුවෙන් .., දුටු විට මේ වගේ දස්කම් ඔබ අතරින් .., සත්තයි මගේ දෙනුවන් පිරුනා කදුලින් දුටුවිට මෙමා ඔබලගේ ඇස් නොපෙනීම ..,කුමටද කියා සිතුනා මගේ ඇස් දෙකම .. දෙන්නට ඇහැකි නම් නුබලට ඇස් පෙනුම .., සත්තයි කරනවා මම ඇස් දන් දීම (දී)
අමිල කටුනායක Friday, 27 September 2013 05:20 PM
ඔබ ගැන අපට දුකයි. නමුත් සන්තෝෂයි (නි)
තිලක් ඉන්දික Friday, 27 September 2013 05:26 PM
අනුකම්පාව නොවෙයි,අගයමු ඔවුන්ගේ දිරිය... (නි)
චන්දි Monday, 30 September 2013 12:30 PM
ජනා ., මං ඒක ලීවෙත්, කදුළු බේරී බේරී තමයි ..! ඒ උනාට බලන්න මේ වගේ දේවල් වලට කවුරුවත් අදහස් දාලත් නැහැ.. (ස)
ජනා Saturday, 28 September 2013 07:15 AM
කතාව කියවලා ඇස්දෙකට කදුළු ඉනුවා.චන්දිගේ අදහස් දැකලා කදුළු ගලනවා අත්තටම. (නි)
ලක්මාල් Saturday, 28 September 2013 09:16 AM
අපේ පෙනුම වෙනුවෙන් කැපවුන ඔබතුමන්ලාට මගේ හද පිරි ප්‍රණාමය! (නි)
ෆ්‍රී Saturday, 28 September 2013 10:44 AM
සුබ දසුන්. හැමෝටම ජය වේවා
සම්පත් Friday, 27 September 2013 03:49 PM
හොඳ සංකල්පයක්. ජයවේවා. (නදී)