
(ප්‍රසන්න පත්මසිරි)
ඌව පළාතේ හිස්ව තිබු ආණ්ඩුකාරවර තනතුර සදහා අනුර විදානගමගේ මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පත්කර තිබේ.
අනුර විදානගමගේ මහතා දැනට ජනාධිපතිතුමන්ගේ ඌව පළාත බාර සංවර්ධන ජ්‍යෙෂ්ඨ උපදේශක තනතුරේ කටයුතු කරන අතර ඒ් මහතා පසුගිය ඌව පළාත් සභාවේ අමාත්‍යවරයකු වශයෙන් ද කටයුතු කර ඇත.
නාගරික හා නිවාස සංවර්ධන රාජ්‍ය ඇමැති තේනුක විදානගමගේ මහතාගේ සහෝදරයා වන අනුර විදානගමගේ මහතා ඌව පළාතේ හිටපු ආණ්ඩුකාරවර ඒ්.ජේ.ඒම් මුසම්මිල් මහතා පසුගිය 4 දින තනතුරෙන් ඉල්ලා අස්වී ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහයෝගය ලබාදීමට යාමත් සමඟ ඇතිවු පුරප්පාඩුව සදහා අනුර විදානගමගේ මහතා පත්කර තිබේ.
2025 දෙසැම්බර් මස 18
651
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
317
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1106
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අනුර විදානගමගේ ඌව ආණ්ඩුකාර ධූරයට
සෙනෙවිරත්න Friday, 06 September 2024 01:20 PM
ඔන්න ඕක තමයි අනුර කියන්නෙ, මේව ආණ්ඩු නෙවෙයි රංචු ගැහිල්ලක් කියල, ජනතා දේපල පවුල් කීපයකට යන විදියට කල්ලි ගැහිල කරන පාලනයක්. මේ ක්‍රමයෙන් රට වෙනස් කරන තුරු රටේ දියුණුවක් ගැන හිිතන්න එපා, මේව හරි බලල මෙදාා පාර වෙනසක් කරමු.
Nimal Friday, 06 September 2024 03:38 PM
දැන් ඉතින් ඌව පළාතේම සුපිරි සංවර්ධනයක් වෙයි.
පිටරටවැසියා Friday, 06 September 2024 06:46 PM
හැබැයි වැඩ බලන්න පොලිස්පති කෙනෙක් පත්කරන්න බැහැලු... රට බාරදෙන්න ඕනෑ මෙහෙම නායකයෙකුටද?