IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


අනුර - ජම්ඉයියතුල් උලමා සංවිධානය අතර හමුවක්

(ආරියරත්න රණබාහු)

ජනාධිපතිවරණ අපේක්ෂක ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ජයන්ත වීරසේකර මාවතේ පිහිටි සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභා ප්‍රධාන කාර්යාලයේදී සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සංවිධානයේ ප්‍රධානීන් අද (21) පෙරවරුවේ හමුවිය.

එහිදී එම සංවිධානයේ ප්‍රධානි අස් සේහ් මුෆ්ති මවුලවි තුමා ඇතුළු ඒ.ජේ.ඒ. රිස්වි,  අස් සේහ් අර්කම් නුරඅමිත් තුමා සහ ආචාර්ය ඒ.ඒ. අහමඩ් අස්වර් යන මවුල විවරු සමඟ  සාකච්ඡාවක නිරත විය.

මේ වන විට රට තුළ පවතින දේශපාලන තත්වය පිළිබඳව මුෆ්ති තුමන්ලා හා පාලක මව්ලවිතුමන්ලා සමග සාකච්ඡා කළ අතර එළඹෙන ජනාධිපතිවරණයේ ජයග්‍රහණය වෙනුවෙන්ද අනුර කුමාර දිසානායක සහෙෝදරයා  එතුමන්ලාගේ ආශීර්වාද ලබා ගත්තේය.

මෙම අවස්ථාව සඳහා ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික විජිත හේරත් මහතා එක් විය.



අදහස් (13)

අනුර - ජම්ඉයියතුල් උලමා සංවිධානය අතර හමුවක්

Geetha Wednesday, 21 August 2024 05:05 PM

අනුර දිසානායක අපගේ බලාපොරොත්තුවයි.

:       28       65

සමන් විමල් Wednesday, 21 August 2024 05:24 PM

ජාතික ලැයිස්තුවට කට්ටිය හොයනවා...

:       56       28

පිටිගල මිලානෝ Wednesday, 21 August 2024 05:25 PM

කාලෙකින් වඳ කොත්තුවක් කන්න බැරි වුණා. රාජාලාගේ කොත්තු කඩේ වහලද..?

:       18       26

marikkar Wednesday, 21 August 2024 05:47 PM

අපේ සැබෑ අනාගත ජනාධිපති තුමාට සුබ පතමු...

:       24       57

SanathWednesday, 21 August 2024 07:40 PM

මාලිමාවට ජය වේවා.

:       15       34

සමන් Wednesday, 21 August 2024 06:14 PM

පරණ යාළුවෝ හම්බ වුණාට නම් කමක් නැහැ... බෝම්බ පත්තු කරගන්නැතිව...! 

:       48       22

මැක්ස් Wednesday, 21 August 2024 06:15 PM

ආගමික නායකයින් මුණ ගැසෙන්නට යාම ඉතාම ගෝත්‍රික කියමින් අනෙක් දේශපාලන නායකයින්ට සවුත්තුව දැමු, හාදයකුට ගිය කලක්! අන්ධ භක්තික දායක සභාවට හැර අනෙක් කවුරුත් දන්නවා මෙයාලාගේ රඟපෑම් ගැන...!

:       38       26

රංබොඩ Wednesday, 21 August 2024 06:30 PM

කඩු එහෙම ගොඩ ගහත්තු ඒවා අල්ලන්න එපා කිව්වා වද්ද, දිනුවාට පස්සේ... මං කිව්වේ අර පල්ලි වටේ තණකොළ කපන්න එකතු කරපුවා...!

:       29       20

සෙනෙවිරත්න Wednesday, 21 August 2024 06:47 PM

රංබොඩ, වඳ කොත්තු කාල වඳ බ්‍රෙසියර් ඇන්දාද? කෝ අර සාපිගේ වඳ මව්වරු, මුස්ලිම් මරණ ආදාහන කරලා ජාතියකින් සමාව ගත්තා. එහෙම එකේ වාචාල කතා කියන්න එපා...

:       10       32

සෙනෙවිරත්න Wednesday, 21 August 2024 06:54 PM

සජිත් වගේ පාරෙ යන අයටත් අඬගහලා අවබෝධතා ගිවිසුම් ගහන පක්ෂයක් නෙවෙයි එන්.පී.පී. ය. මාලිමාවට ජයවේවා!

:       15       34

Asitha Wednesday, 21 August 2024 07:02 PM

සහරාන් ගැන්සියට එහා ගිය සෙට් එකක් හම්බවෙලා. ඊට පස්සේ කියන්න අනේ අපි දැනගෙන ජාතික ලැයිස්තුවට දැම්මේ නෑ. අපි චූටි බබාලා කියලා. මොවුන් කියන කෙප්ප කෙබර පිළිගන්න ගොන්නුත් ඉන්නවානේ ඉතින්. ඊට පස්සේ අගරදගුරු හම්බ වෙලා රාජපක්ෂලාට බැන බැන අපි ආවොත් අල්ලලා දෙනවා කියලා ඒ වයසක උන්දෑවත් අන්දනවා...

:       30       24

fairoos Wednesday, 21 August 2024 07:33 PM

ජයවේවා .බයියන්ට මේවා පෙන්න බෑ

:       5       2

Shelton Thursday, 22 August 2024 05:28 AM

අනිත් හැමදේටම වැඩියෙන් මෙයාලට ඕන, මැදපෙරදිග ඉස්ලාමීය ත්‍රස්තවාදීන් සමග සමීප සම්බන්ධකම් මාලිමාව සමග ශක්තිමත් කර ඊශ්‍රායලය සමග සම්බන්ධ කම් නතර කරවන්න.ඉන්පසු ලංකාවේ ඉස්ලාමීය ක්‍රියාකාරකම් පහසුවෙන් කරගෙන යන්න.

:       5       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 625 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 302 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1102 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site