IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


අනුරාධපුරයේ ’’වෙස්සගිරිය’’ ඉසුරුමුණියේම කොටසක්

(බී.ජී. චතුරංග)

අනුරාධපුර පූජා නගරයේ "වෙස්සගිරිය"වර්තමාන ඉසුරුමුණියේම කොටසක් බවට සාක්ෂි ලැබී ඇතැයි පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ඩී. තුසිත මෙන්ඩිස් මහතා පැවැසීය.

පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව පැවැසුවේ සංස්කෘතික කටයුතු රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් දාහතර වැනිදා වෙස්සගිරිය "උරුම උද්‍යානයක්" ලෙස එහි සංරක්ෂණ කටයුතු ආරම්භ කිරීම සහ නිරීක්ෂණ චාරිකාවකට සහභාගී වූ අවස්ථාවේදීය.

වෙස්සගිරිය පුදබිමේ ඉදිරිසංරක්ෂණ සිදු කරන අතර තොරතුරු මධ්‍යස්ථානයක් මෙන්ම සංචාරක කර්මාන්තයට ඉවහල් වන පරිදි අලංකාර ලෙස මෙම ස්ථානය සකස් කිරීමටද නියමිතය.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ මහාචාර්ය තුසිත මෙන්ඩිස් මහතා මෙසේද පැවසීය.

"වෛශ්‍ය කුලයේ භික්ෂූන් පන්සීයක් මෙහි වැඩ සිටි බවට මූලාශ්‍ර මගින් හෙළිවී තිබෙනවා.2006 වසරේ ජේතවන ව්‍යාපෘතිය මගින් මෙහි සිදු කළ කැණීම්වලදී මධ්‍යශිලා යුගයේ බලංගොඩ මානවකයාගේ ප්‍රාග් ඓතිහාසික තොරතුරු රැසක් ලැබී තිබෙනවා.ඒ අතර මෙහි ජනාවාස තිබූ බවටද සාක්ෂි තිබෙනවා.එයට හේතුව කදම්බනදිය හෙවත් මල්වතු ඔය පිහිටා තිබීම අපට සිතා ගතහැකියි.ක්‍රිස්තු පූර්ව තුන්දහස් නවසීයක පමණ ඈත අතීතයට ඒ රැගෙන යනවා.කිසි පූර්ව තුන්වැනි සියවසේ කටාරම් සහිත නිර්මාණ මෙන්ම ක්‍රිස්තු වර්ෂ පස්වැනි මෙහි ඉදිකර ඇති පබ්බතාරාමය සීගිරි කාශ්‍යප යුගයේදී වූ බවට තොරතුරු හෙළි වී තිබෙනවා.

වෙස්සගිරිය ඉසුරුමුණියේම කොටසක් බවට කරන ලද කැණීම්වලදී ශිලා ලේඛන මගින් පෙන්වා දී ඇති අතර එය පිළිගැනීමට අවශ්‍ය සාධක නෂ්ටාවශේෂ සාක්ෂි දරනවා.බෝධි රන්මසු උයන, වන්දොර ඒ අතර වෙනවා.

අනුරාධපුරපූජා නගරයේ ඇතුළුනුවර තවදුරටත් සංරක්ෂණය විය යුතුයි.ඉදිරියේදී කිසිදු ඉදිකිරීමක් සඳහා ඇතුළුනුවරට අවසර දෙන්නේ නෑ.ඇතුළුනුවර අඩි හතළිහක් යටින් ජනාවාස තිබූ බවට කැණීම්වලදී මතු කර ගන්නට හැකි වී තිබෙනවා."



අදහස් (1)

අනුරාධපුරයේ ’’වෙස්සගිරිය’’ ඉසුරුමුණියේම කොටසක්

මැක්ස් Wednesday, 17 July 2024 07:14 PM

ශ්‍රේෂ්ඨ ඉතිහාසයක් මත ජීවත් වුුවත් ඒ ගැන වගේ වගක් නැතිව දේශපාලන වශයෙන් හතර අතට බෙදී කා කොටා ගන්නා මෙවන් ජහමනයින් සිටින රටක් ලොවෙත් නැත!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 581 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 285 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1088 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site