IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


අනුරගේ පිළිතුරට සජිත්ගෙන් හාහුවක් නෑ

(ආරියරත්න රණබාහු)

ලබන මස 6 වෙනිදා යෝජිත විවාදය  පැවැත්වීම සඳහා ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා කැමැත්ත පළකරමින් විපක්ෂ නායක  සජිත් පේමදාස මහතාට කළ ආරාධනයට මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් ලැබී නැතැයි  එම පක්ෂයේ විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය

යෝජිත විවාදයේ වත්මන් තත්ත්වය පිළිබඳව ලංකාදීපය අද (21) ඒ මහතාගෙන් කළ විමසීමේදී ඒ බව කී ඔහු මෙසේද කිය

විවාදය සඳහා අපි දුන්න දිනවලට විපක්ෂ නායකවරයා බෑ කිව්වත් එයාලා අපිට දුන්න දින වලට අපි කැමතියි ඒ නිසා ප්‍රථමයෙන් නායකයින් දෙපළ අතර විවාදයකින් පසුව ආර්ථික කමිටුව සමඟින් විවාදයටත් අපි ලෑස්තියි

අපි මේක බාරගනියි කියලා ඔවුන් සිතන්නේ නැතුව ඇතැයිද ජයතිස්ස මහතා මහතා අවසන් වශයෙන් කීය 



අදහස් (15)

අනුරගේ පිළිතුරට සජිත්ගෙන් හාහුවක් නෑ

හා හුව Tuesday, 21 May 2024 05:18 PM

ඔවු ඒකට සජිත් හා හු නැහැ වගේම ආර්ථික කමිටු විවාදේ ගැන අනුරත් හා හුවක් නැහැ නේද?

:       71       114

nayomiTuesday, 21 May 2024 06:40 PM

රටේ ඉස්සෙල්ලා එන්නේ ජනාධිපතිවරණයක්... ඒක හින්දා ඉස්සෙල්ලා නායකයෝ අතරේ විවාදේ තියන්න ඕනේ කියලා කියලා තියෙන්නේ රටේ විධායක බලතල තියෙන්නේ ජනාධිපතිවරයාට නැතුව ඔය ආර්ථික කමිටු වලට නෙවෙයිනේ...!

:       114       82

kanchana Tuesday, 21 May 2024 05:52 PM

දැන් පැහැදිලියි, මේක සජිත්ව අමාරුවේ දාන්න රනිල් ගහපු ගැටයක්. රනිල්ට හොරෙන් හොරෙන් කේලාම් කියන නලින් බණ්ඩාරයි, හර්ෂ ද සිල්වායි තමයි විවාදයේ යෝජනාව ගෙනාවේ. රනිල් දන්නවා අනුර කුමාර සමග විවාදයක් කරලා ජයගන්න හැකියාවක් කොහෙත්ම සජිත්ට නැති බව. රනිල් කියන්නේ සජිත්ගේ දේශපාලන ගුරුවරයා. රනිල් දන්නවා සජිත්ගේ හැකියාවල් සහ නොහැකියාවන්. මේ ගැන හිතන්නේ නැතිව සජිත් හැමතැනම බෙරිහන් දෙනවා" මම ඕනෑ වෙලාවක විවාදවලට ලැහැස්තියි.. "කියලා. සජිත් අනිවාර්යයෙන්ම පරදිනවා, ඊට පස්සේ සමගි ජන බලවේගය අසමගි ජනබලවේගයක් වෙලා, සමහරවිට වෙනත් නායකයෙක් පත්කර ගන්නවා, නැතිනම් වෙනත් ජනාධිපති අපේක්ෂකයෙක් තෝරා ගන්නවා. ඡන්දෙටත් කලින් පක්ෂය (අනුන්ගේ පක්ෂය - ඩයනාගේ පක්ෂය) හැරදාලා සජිත් පුත්‍රයා යාල වනයේ තමන්ගේ නීති විරෝධී වැඩ පටන් ගනීවි නැවතත්...

:       56       63

අරවින්ද මොනරවිල Tuesday, 21 May 2024 06:08 PM

එයා තරම් දක්ෂයෙක්, එයා තරම් බුද්ධිමත් අයෙක්, එයා තරම් කැපවීමක් තියෙන කෙනෙක් එක්ක හැර වෙන අයෙක් සමග එයා විවාදයට එන්නේ නැහැ...!

:       8       42

Saman Tuesday, 21 May 2024 06:09 PM

සජිත් කවදාක්වත් විවාදයට එන්නේ නැහැ.. ඕක කවදාවත් වෙන්නේ නැහැ.

:       44       54

chinthaka Tuesday, 21 May 2024 06:12 PM

සජිත් ඊයේ ආයෙත් වෙනත් කේන්දර බලන්නෙක් ළඟට ගිහිල්ලා බැලුවාලු 6 වෙනිදා හොඳද? කියලා. සාස්තර කාරයා (කරුණාරත්න වෙදමහතා) කිව්වාලු, කවු දමේ දවස් දුන්නේ? මේවා ඔහෙට මාරක දවස්, 6 වෙනිදාට නම් එළියටවත් බහින්න එපා "මරු" නීචවෙලා ඉන්නේ කියලා...!

:       49       39

KalpanaTuesday, 21 May 2024 07:01 PM

මරු උච්ච වෙලා හිටියාම භයානකයි කියලා නොසිතා නීචවෙලා හිටියාම භයානකයි කියන්නෙ ඇයි චින්තක? මරු නීචවෙලා නම් අපිට හිතන්නේ මරුට බලය නැහැ කියලා තමයි...

:       37       11

එරංග Tuesday, 21 May 2024 06:58 PM

අපට නම් පෙනෙන්නේ මේ දෙන්නාගේම ඇඟේ දුවන්නේ නරි ලේ බවයි. කපටිකම උතුරන්නේ එනිසයි. අනුර පනිනවා ආර්ථික කමිටු විවාදෙන්. සජිත් පනිනවා අනුර සමග විවාදෙන්. අනුරට තියෙන්නේ කට විතරයි. සජිත්ටත් එච්චරයි. නමුත් සජබ ආර්ථික කමිටුවේ විෂය දන්නා අය ඉන්නවා. ජවිපෙ ආර්ථික කමිටුවේ ඉන්නේ ලොක්කා වගේම කයියෝ ටිකක් විතරයි.

:       61       84

Prabha Tuesday, 21 May 2024 08:44 PM

මොන ආර්ථික කමිටු තිබූනත් විධායක තීරණය ගන්නේ අනුර සජිත් විවාද තමා වැදගත්

:       34       8

RuwanWednesday, 22 May 2024 12:48 AM

අනුරට තියෙන්නේ කට විතරයිද බලන්න විවාදේ තියෙන්න එපෑයෑ .....අනික නායකයින් අතර විවාදෙට පස්සෙ ආර්තික කමිටු විවාදෙ කරමු කියලා කියනවනේ ....

:       28       10

kalharaWednesday, 22 May 2024 08:23 AM

ඔයා සජබෙද?

:       20       4

Samarawardana ThilakaratneWednesday, 22 May 2024 11:24 AM

සජබ ආර්ථික කමිටුවේ දැන් ඉන්න එවුන් තමා යහපාලනය කාලෙ මේ රටේ ආර්ථිකය පහත් කරන්න කටයුතු කලේ. රනිල් මහ බැන්කුව මහ දවාලේ කොල්ලකනකොට හර්ශ, ඉරාන්, සජිත් ඇතුළු මුළු කණ්ඩායම කීවේ රනිල් මහ බැන්කුව කොල්ලකෑවේ නැහැ කියලා... රනිල්ව සුදනා කළේ. සුනිල් හඳුන්නෙත්ති එයාගේ රිපෝට් එකේ මහ බැන්කු බැඳුම්කර වන්චාව ගැන කියන තුරු ඔය සජබේ ආර්ථික ඔස්තාර්ල මොනවාද කළේ..? NPP එකේ අය නැතිනම් මොවුන්ගේ හොරකම් සහ ජඩවැඩ මේ රටේ කිසිම කෙනෙක්ට අද වෙනතුරු දැනගන්නට ලැබෙන්නේ නැහැ.

:       4       3

sarathw wijeweera Wednesday, 22 May 2024 02:56 AM

සජිත් තනියම ඉස්කෝලවලට ගිහින් ළමයිට බෙරිහන් දුන්නට අනුර එක්ක තියා රනිල් එක්ක වත් විවාදයට එන්නේ නැහැ.මේක හර්ශයි නලිනුයි සජිත් අමාරුවේ දාන්න ගහපු ප්ලෑනක් වගෙයි පව් සජියා.

:       21       5

නිමල් Wednesday, 22 May 2024 03:31 AM

සජිත්ගේ ජානගත දුර්වල කමක්. මීට පෙර අතට දුන් අගමැති තනතුර ගත්තේ නැහැ.

:       18       2

Vithana Wednesday, 22 May 2024 01:40 PM

දැන් අනුර ඉංග්‍රීසි පන්තියකට යනවා වාගේ. එයාගේ කතාවල එහෙන් මෙහෙන් ඉංග්‍රීසි වචන කෑලි එළියට දානවා. හැබැයි ඒ එක්කම ඒකේ සිංහල තේරුමත් කියනවා. ඇයි සිංහලෙන්ම හෝ ඉංග්‍රීසියෙන්ම විතරක් එක දිගට කතා කරන්න බැරි? ඇයි බොරු සෝබන? අවංකවම ඉංග්‍රීසි ඉගෙන ගන්නවා නම් හොඳයි. සතුටුයි. ඒත් අනුර ඔයාට තව ඉගෙන ගන්න බොහෝ දේ තියෙනවා. ඒ බව විතරක් මතකේ තියාගන්න.

:       2       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 487 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 258 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site