IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


අනියම් සැමියා සැකපිට

බම්බලපිටිය  ශාන්ත  පීතර  විදුහලේ   පාසලේ  පිරිසිදු කිරිමේ  රාජකාරියේ  නිරත සේවිකාවගේ  මරණය  සම්බන්ධයෙන්  ඇගේ   ජංගම  දුරකථනයේ අංකය  ඔස්සේ   කළ පරික්ෂණ  අනුව අනියම්   සැමියා  සහ  පාසලේ  ආරක්ෂකයකු  සැකපිට අත්අඩංගුවට   ගත්  බව  පොලිසිය  කියයි.

කාන්තාව හා  මෙම  සැකකරු   අතර  පාසලේදී අනියම් සම්බන්ධයක් සිදුව ඇති බවත් එහිදි  කිසියම්  පහර   දිමක්   මත  ඇය මිය ගොස්  ඇති  බවටද  පොලිසිය සැකකරයි.

පිටස්තර  පුද්ගලයෙකු   පාසලට   ගැනිම  හා   මෙම සිද්ධිය  පොලිසියෙන්   වසන්  කිරිම  සම්බන්ධයෙන්   පාසලේ   ආරක්ෂක  නිලධාරියා අත්අඩංගුවට  ගෙන  තිබුණි.



අදහස් (0)

අනියම් සැමියා සැකපිට

ගිහාන් Wednesday, 22 April 2015 08:30 AM

බලන්න මේ පාසල දරුවන්ට මොන තරම් අනාරක්ෂිත ද කියලා. එක එක්කෙනාගේ අනියම් සැමියන්ට ඇතුල් වෙන්න අවස්ථා මදිවාට තව දේවල් දුරදිග යන්නත් පාසලේම පහසුකම් සලසලා. (බ)

:       0       0

ශාන් සෞදි Wednesday, 22 April 2015 08:34 AM

පර පුරුෂ සේවනයේ යෙදෙනවාට හොද වැඩේ (බ)

:       0       0

ධම්ම Wednesday, 22 April 2015 09:02 AM

පර අඹුවන් සේවනයේ යෙදෙනවාට හොද වැඩේ (බ)

:       0       0

කුරුවිට Wednesday, 22 April 2015 09:07 AM

දැලිපිහියෙන් කිරි කෑම ඉතාම භයානක වැඩක් (බ)

:       0       0

සහන් Wednesday, 22 April 2015 03:58 PM

මේ ආරක්ෂක නිලධාරියාටත් මරණීය දණ්ඩනය දිය යුතුයි , මේ වගේ තමන් විසින් රැකගත යුතු තැන අනුන්ට වැරදි වැඩට දෙන අනික් උන්ටත් උණ ගන්න (බ)

:       0       0

ආනන්ද Wednesday, 22 April 2015 09:15 AM

පරීක්ෂණ සඳහා ඉවහල් කරගත් දුරකථන ජාල පරික්ෂාවේ තොරතුරු ප්‍රසිද්ධ මාධ්‍යවල පළකිරීම වංචනිකයන්ට ආරක්ෂා වීම සඳහා ක්‍රම සොයාගැනීමට උපකාරීවේ. (ස)

:       0       0

ලාල් Wednesday, 22 April 2015 09:16 AM

අපේ පොලිසිය හුඟක් අය විවේචනය කලාට ඔවුන් කොයිතරම් දක්ෂද කියල මේ මිනීමැරුමේ සැකකරුවන් ඉතාම කෙටි කාලයක් ඇතුලතදී කොටු කරගැනීමෙන් තව දුරටත් ඔප්පු වෙනවා නේද? අපේ පොලිස් දෙපාර්තමේන්තුවට තව තවත් පහසුකම් හා නවීන උපකරණත් , තාක්ෂණයත් ලබා දුන්නොත් මීටත් වඩා කාර්යක්ෂමව රාජකාරි කරාවි කියල මම නම් හිතන්නේ. (ස)

:       0       0

රජින්ද Wednesday, 22 April 2015 09:35 AM

අයියෝ අපේ ඉස්කෝලේ හොඳ නම, එක එකාගේ විලි සංගයක් නැති වැඩ වලින් කැත වෙන්න දෙන්නෙපා. අපේ ඉස්කෝලේ, අපේ අම්මා වාගේ අපට. (ස)

:       0       0

මලික් Wednesday, 22 April 2015 09:47 AM

පාසලේ පරිපාලනයේ ලොකු හිඩසක් තිබෙනවා. මේක බාලිකා විදුහලක් වුණා නම් ඉවරයි. (ම)

:       0       0

රුවන් Wednesday, 22 April 2015 10:20 AM

මේක වෙලා තියෙන්නේ පාසල් නිවාඩු දවසක ඒක නිසා පරිපාලනය මොනවා කරන්නද? (ස)

:       0       0

නිෂාද් Wednesday, 22 April 2015 10:31 AM

පොලිස් සේවය බොහොම හොඳ කාර්යක්ෂම සේවයක්. ජේෂ්ඨ නිලධාරීන් සමහර වෙලාවට දෙන බොහොම අසාධාරණ සහ හිතට එකඟ නොවෙන කාර්යයන් බොහොම කලකිරීමෙන් පහල මට්ටමේ නිලධාරීන්ට කරන්ට සිද්ධ වෙනවා. එවැනිම හේතු නිසා තමයි පොලිස් සේවය සවුත්තු වෙලා තියෙන්නේ. පොලිස් සේවය පවිත්‍ර වෙන්ට ඕනේ නම් චුදිතයෙක් හෝ වරදක් සම්බන්ධව නීතිමය කටයුත්තක් කිරීම සම්බන්දව හෝ වෙනයම් දෙයක් සම්බන්ධව දෙන ඕනෑම නියෝගයක් උස් පහත් භේදයක් නොමැතිව අනිවාර්යයෙන්ම ලිඛිතව දිය යුතු බවට පොලිස්පතිතුමා විසින් නීතියක් පැනවිය යුතුයි. (ස)

:       0       0

ශාන් Wednesday, 22 April 2015 11:45 AM

මේක වෙලා තියෙන්නේ නිවාඩු කාලේ සති අන්ත දවසක.එහෙම කාලෙට අපේ පාසලේ අධිආරක්‍ෂිත කැමරා විතරයි ක්‍රියාත්මක වෙන්නේ.අනික් දවස්වල 100 කට අධික සේවක සේවිකාවන් ප්‍රමාණයක් මෙහි වැඩකරන නිසා ඔය වගේ ඒවා නටන්න බැහැ. මම මෙහෙම කියන්නේ මම මගේ ජීවිතේ අවුරුදු 13ක් ගතකළේ මේ භූමියේ හින්දා. අපේ පාසල විනය අතින් ගොඩක් ඉදිරියෙන් ඉන්නේ කොළඹ අනෙක් පාසල්වලට සාපේක්ෂව.මම ඒක වගකීමෙන් කියන්නේ (නි)

:       0       0

චතුරි Wednesday, 22 April 2015 11:52 AM

මේ පාසල ඉතා හොඳ පාසලක්. ලොකු දරුවෝ ඉන්න අම්මා කෙනෙක් නේද මේ? මේ මුරකරු එයාගේ සේවය හරියට කරලා පොලිසියට ඇත්ත කිව්වා නම් ඉවරයි (නි)

:       0       0

සාලිය ප්‍රභාත් Wednesday, 22 April 2015 12:10 PM

හොඳින් රාජකාරිය කළත් වැඩක් නැහැ. නීතිය හරි නැත්නම් නීතිය වල්වැදිලා තිබුනහම පොලිසිය කොතරම් උත්සාහ ගත්තත් වැඩක් වෙයිද? (නි)

:       0       0

සොපී Wednesday, 22 April 2015 12:11 PM

මීටවඩා පරිපාලනය දුර්වල,ළමුන්ට අනාරක්ෂිත පාසල් තිබෙන බව අමතක කරන්න එපා.පාසල ඇතුළේ රාජකාරි වෙලාවේදීම විදුහල්පතිවරු,ගුරුවරු වෙතින් අතවර වලට ලක්වුණු ළමයි ගැන පසුගිය කාලයේ අනන්තවත් වාර්තාවුණා. (නි)

:       0       0

අනුර Wednesday, 22 April 2015 12:49 PM

දැන් ඇය මැරිලා ඉවරයි.නමුත් හිතන්න ගොඩක් දේවල් තිබෙනවා. මිනිස්සු හරි පුදුමාකාරයි! (නි)

:       0       0

විකී Wednesday, 22 April 2015 12:50 PM

ආශාව නැති මිනිහෙක් සෙවිය නොහැක. සංහිඳියාවකින් පිරුණු සමාජයක් සැදිය හැක. අපරාධය පිටුපස ඇත්තේ නීතියේ නොසැළකිල්ලය. සමහරවිට කුසගින්නය. පසුගිය සමයේ අපරාධයට මිනිසුන් පෙළෙඹවුවා මිස ජනතාවගේ සැපත සතුට, ආරක්ෂාව, සඳහා ගත් පියවරක් නැති තරම්ය. කළේ ජාතිය බැලමෙහෙවරකමේ යෙදවීමය. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 54 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 848 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 610 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site