IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


අනියම් ඇසුර හෙළි වී මන්ත්‍රී ඉල්ලා අස්වෙයි

(විමුක්ති එස් රුද්‍රිගු)

සිංගප්පූරු පාර්ලිමේන්තු මන්ත්‍රී ලියෝන් පෙරේරා මහතා සිය ධුරයෙන් ඊයේ (18) ඉල්ලා අස් වී තිබේ.

ඉල්ලා අස්වීමට හේතු වී ඇත්තේ ලියොන් පෙරේරා මහතා පැවැත්වූ අයථා සබඳතාවයක් පිළිබඳ වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය වෙත මුදා හැර තිබීමයි.

සිංගප්පූරු ප්‍රධාන විරුද්ධ  පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායිකාවක් වන නිකොල් සේ සමඟ ලියෝන් පෙරේරා මහතා මෙම අයථා සබඳතාවය පවත්වා ඇත.  වසර දෙකකට අධික කාලයක සිට මෙම සබඳතාවය පැවතී ඇති බවත් වීඩියෝ පටය නිකුත් වන තෙක් ඔහු තම වරද පිළිගැනීමට සූදානම්ව නොසිටි බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

නිකොල් සේ සහ ලියෝන් පෙරේරා කිහිපවතාවක් ආපනශාලා වලදී මෙන්ම හෝටල් වලදී මුණගැසී තිබෙන බව සිංගප්පූරු ස්ට්‍රේට් ටයිම්ස් පුවත්පත පෙන්වා දී තිබේ.ඔවුන් දෙදෙනා සම්බන්ධ වීඩියෝවක් සමාජ මාධ්‍ය වෙත නිකුත් වීමත් සමඟ දෙදෙනාම වරද පිළිගනිමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ලියෝන් පෙරේරා මහතා සිය මන්ත්‍රී ධුරයෙනුත් ජ්‍යෙෂ්ඨ නායිකාව වන නිකොල් සේ පක්ෂ සමාජිකත්වයෙනුත් ඉල්ලා අස් වී තිබේ.



අදහස් (5)

අනියම් ඇසුර හෙළි වී මන්ත්‍රී ඉල්ලා අස්වෙයි

පැරකුම් Wednesday, 19 July 2023 04:43 PM

අපේ රටට නම් ඔය නීති ගේන්න එපා අන්තිමට රට අරාජික වේවි…!

:       3       28

wedage Wednesday, 19 July 2023 04:55 PM

ජොනීට කොහොමද මේවගේ දේවල් බලපාන්නේ...?

:       4       22

San Wednesday, 19 July 2023 10:18 PM

දෙන්නම විරුද්ධ පක්ෂ මන්ත්‍රිලා... !

:       0       0

Perera Thursday, 20 July 2023 07:52 AM

නොදියුණු රටවල් වල ඔහොම තමයි .ලංකාවේ වගේ ඔය අතින් දියුණු රටකින් උපදෙස් ගන්න ඕන නේ

:       0       0

Rambanda Podiralahamy Thursday, 20 July 2023 01:09 PM

ජොනීව පාලන නීති වලින් නිදහස් කර ඇත

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 482 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 253 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1049 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site