IMG-LOGO watawala

2024 මැයි මස 21 වන අඟහරුවාදා


අනධ්‍යන සේවක වර්ජනයෙන් සරසවි සියල්ල කඩා වැටේ

(යොහාන් භාසුර)

විශ්වවිද්‍යාල විධායක නිලධාරීන් සහ අනධ්‍යන සේවකයන්ගේ වැඩවර්ජනය නවවැනි දිනටත් අද (10) දිනයේ ද ක්‍රියාත්මක කළ අතර අනධ්‍යන සේවකයන් වැඩවර්ජනය තව දුරටත් දැඩිකිරීම හේතුවෙන් සමස්ත විශ්වවිද්‍යාල පද්ධතියම අකර්මණ්‍ය වී තිබුණි.

අනධ්‍යන සේවකයන් වැඩවර්ජනය තව දුරටත් දැඩි කරමින් ජලය සහ විදුලි සැපයුම් බිඳ වැටීම් යථාතත්වයට පත්කිරීම සහ ඇතැම් පිරිසිදු කිරීමේ සේවාවලින් ඉවත්වීම පියවර ගත් බවත් අධ්‍යාපන අමාත්‍යංශය, අනධ්‍යන සේවකයන්ගේ වැටුප් ප්‍රශ්නය ප්‍රමුඛ ගැටලුවලට චක්‍රලේඛයකින් විසඳුම් දෙන තෙක් වැඩවර්ජන අත්නොහරින බවත් විශ්වවිද්‍යාල වෘත්තීය සමිති සන්ධානයේ නිලධාරියෙක් පැවසීය.

විශ්වවිද්‍යාල වෘත්තීය සමිති සන්ධානය පසුගිය දින දෙකේදී අධ්‍යාපන අමාත්‍යවරයා ඇතුළු බලධාරීන් සහභාගිවූ සාකච්ඡා කීපයකට සහභාගි වූ බව කී එම නියෝජිතයා අනධ්‍යන සේවකයන්ගේ ගැටලුවලට විසඳුම් දීමට ලබන සඳුදා පැවැත්වෙන කැබිනට් මණ්ඩලට පත්‍රිකා දෙකක් ඉදිරිපත් කරන්නේ යැයි පැවසූ බව ද සඳහන් කළේය.

එම කැබ්නට් පත්‍රිකා පිළිබඳව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති සන්ධානය අවදානයෙන් පසු වුවද පිළිගත හැකි විසඳුමක් ලැබෙන තෙක් වැඩවර්ජනය අත්නොහරින බව ද එම නිලධාරියා සඳහන් කළේය.

ඇතැම් ආචාර්යවරු අනධ්‍යන සේවකයන් නොමැතිව විභාග පැවැත්වීමට කටයුතු කරමින් සිටින්නේ යැයි දැනගන්නට ලැබී ඇති බවත් ආචාර්යවරු තමන්ගේ රාජකාරිය වැඩිකරගන්නනේ නම් අනාගතයේ ගැටලුකාරී තත්වයන් ඇතිවීමේ අවදානමක් ද ඇති බවත් එම නිලධාරියා වැඩි දුරටත් කීය.

 



අදහස් (5)

අනධ්‍යන සේවක වර්ජනයෙන් සරසවි සියල්ල කඩා වැටේ

Lalla Friday, 10 May 2024 11:10 PM

අනධ්‍යයන සේවකයින් හරියටම ලංවිම හෝ සිපෙට්කෝ සේවකයින් වගේ. වර්ජනය ක්‍රියාත්මක කරන අවස්ථාවේ සියලු සැපයුම් බිඳ වට්ටන්න. අනික අනධ්‍යයන කාර්ය මණ්‌ඩල හැමවිටම අධ්‍යයන කාර්ය මණ්ඩල සහ සිසුන්ට හැකි හැම බාධාවක්ම කරනවා. මේ සේවාව පෞද්ගලික අංශයට කොන්ත්‍රාත් දිය හැකි දෙයක්. ඉතා සුලු ඉහළ නිලධාරීන් කණ්‌ඩායමක පමණයි ස්ථිර වශයෙන් අවශ්‍ය...

:       0       5

Warnasinghe Saturday, 11 May 2024 06:01 AM

අපේ රටේ වි.වි. සිසුන්ගේ වර්ථමානයත්, අනාගතයත් මේ තුන් ගොල්ලොම එකතු වෙලා බුදිනවා...

:       0       3

හේමන්ත Saturday, 11 May 2024 06:22 AM

දරුවන්ගේ අනාගතය සම්පූර්ණයෙන්ම කාබාසිනියා කරන අනධ්‍යන අයට සසර ගමනින් එතෙර වීමට නොහැකිවෙන්න එවුන් කරන අකුසලය හේතුවක් වෙනවා... ඔවුන්ගේ ප්‍රශ්න ගැන නොබලන අයටත් එසේම වේවා..!

:       0       3

SusanthaSaturday, 11 May 2024 03:50 PM

අනධ්‍යන කාර්‍ය මණ්ඩලයේ සියලු සාමාජිකයින්ගේ පවුල්වල අයටත් අපේ දරුවන්ට සිදුවූ හානි හා පාඩුවීම් සිය ගුණයකින් වැඩිවී ජාති ජාතීත් අත් විඳීමට සිදුවේවා..!

:       0       2

එස් සමරවික්‍රම Saturday, 11 May 2024 08:51 PM

මෙවර පළමු වසර සඳහා දැනට ඇතුළත් කරගෙන ඇත්තේ වෛද්‍ය හා දන්ත වෛද්‍ය වැනි දරුවන් පමණි. තවත් බොහෝ දරුවන් තවමත් ඇතුළත් කරගෙන නැත. මෙම වර්ජනය නිසා එම කටයුතු ද අඩාල වෙයි. එම දරුවන් මීට පෙර විවිධ වර්ජන නිසා වසර දෙකක් පමණ කාලයක් තිස්සේ අසරණ විය. විශ්ව විද්‍යාල සියල්ල අද අඩපණ වී ඇත. මෙය අද ජාතික ප්‍රශ්නයකි. ඒත් ජනමාධ්‍ය රජය හෝ විපක්ෂය හෝ මෙවන් තරුණ ප්‍රශ්න ගැන නොසලකා දේශපාලන පුහු වාග් ප්‍රහාර ගැන නන් දොඩවයි. ආගමික නායකයින් ද ඒ තුළම පසුවෙයි. අනේ අපේ දරුවන්ට ජාතියට සිදු වූ විපත විශ්ව විද්‍යාල දරුවනි හොඳ සිහියෙන් යුක්තව මෙම සිදුවීම් විමසා බලා අපේ රටේ වෙනස්කම් කරගන්න...

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කළුතර වෙඩි තැබීමකින් තිදරු පියා මරුට:දියණියට තුවාල
2024 මැයි මස 20 452 0

කළුතර කටුකුරුන්ද ප්‍රදේශයේ අද රාත්‍රී සිදුවූ වෙඩි තැබිමකින් තිදරු පියකු මියගොස් ඔහුගේ 7 හැවිරි දියණිය තුවාල ලබා ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි.


සුළඟින් ගම්පහ තොරණට හානි
2024 මැයි මස 20 336 0

ගම්පහ ප්‍රදේශය හරහා හඹා ගිය තද සුළං තත්ත්වයක් හේතුවෙන් අස්ගිරිය ඇනිකට් හන්දිය අසල ඉදිකරමින් තිබූ වෙසක් තොරණට දැඩි ලෙස හානි සිදුව තිබිණි.


ලංකාවේ අයි.එස් 4ක් ඉන්දියාවේදී අල්ලයි
2024 මැයි මස 20 286 0

පාකිස්තාන බාරකරුවන් පැමිණ රාජකාරී සහ අවි ලබාදෙන තෙක් අහමදාබාද් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ රැඳී සිටි අයිඑස් ත්‍රස්තවාදීන් ලෙසින් සැලකෙන ලාංකිකයන් ස


ඉරාන ජනපති අභාවයට හෙට ශෝක දිනයක් කරයි
2024 මැයි මස 20 479 0

ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි මහතාගේ අභාවයට ශෝකය පළකිරීම සඳහා ශ්‍රී ලංකා රජය හෙට (21) ශෝක දිනයක් ලෙස නම් කර ඇතැයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ පවසයි.


අනධ්‍යයන සේවක වර්ජනයෙන් උපාධි උත්සවත් කඩාකප්පල්
2024 මැයි මස 20 274 0

විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන්ගේ වැඩ වර්ජනය හේතුවෙන් විශ්ව විද්‍යාල කීපයකම උපාධි ප්‍රදානෝත්සව දින නියමයක් නොමැතිව කල් දමා තිබේ.


ලංකා - ඉන්දුනීසියා නායකයෝ හමු වෙති
2024 මැයි මස 20 149 0

ඉන්දූනිසියාවේ බාලි අගනුවර පැවත්වෙන 10 වැනි ලෝක ජල සමුළුවට සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දුනිසියානු ජනාධිපති ජෝකෝ විඩෝඩෝ (Joko Widodo) මහතා අත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 839 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2379 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2042 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site