IMG-LOGO

2025 ජුනි මස 14 වන සෙනසුරාදා


අනතුරින් බේරුණු රමේෂ් හමුවන්න මෝදි ගිහිල්ලා

ඉන්දීය ගුවන් අනතුරින් දිවි ගලවා ගත් 40 හැවිරිදි විශ්වාෂ් කුමාර් රමේෂ් නමැති ඉන්දීය සම්භවයක් සහිත බ්‍රිතාන්‍ය ජාතිකයා, ඉන්දියාවට පැමිණ ආපසු යද්දී මෙම අනතුරට මුහුණ දුන් බව පැවැසෙයි.

ශ්වාෂ් කුමාර් රමේෂ් ඉන්දියාවට පැමිණ ඇත්තේ, 45 හැවිරිදි සොහොයුරා අජේ කුමාර් ද සමඟය. ගුවන් අනතුරින් අජේ කුමාර් මියගියේය. සුළු තුවාල ලබා දිවි බේරාගත් කුමාර් රමේෂ්, අහ්මදාබාද් රෝහලට ඇතුළත් කෙරුණි. දින කීපයකින් ඔහු රෝහලෙන් පිටවී යනු ඇතැයි වෛද්‍යවරුන් පවසා ඇත.

ගුවන් අනතුර ගැන සැලවීමෙන් තමන් අතිශය කම්පනයට පත්වුණු බව ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි පැවැසුවේ, සමාජ මාධය ඔස්සේ සටහනසක් තබමිනි. බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කීර් ස්ටාර්මර් ද අනතුර සම්බන්ධයෙන් කම්පනයට පත්වූ බව නිවේදනය කළේය. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ගුවන් යානය කඩා වැටුණු ස්ථානයට ගියේය. අනතුර සිදුවුණු ස්ථානය දැක බලා ගැනීමෙන් පසු මෝදි රෝහලට ගොස් අනතුරින් දිවි ගලවා ගත් විශ්වාෂ් කුමාර් රමේෂ් ද හමුවිය.

(එන්.ඩී.ටීවී.)



අදහස් (0)

අනතුරින් බේරුණු රමේෂ් හමුවන්න මෝදි ගිහිල්ලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1390 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 512 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 595 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site