IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


අන්තර් ජාලයෙන් වන සතුන් විකුනති

අන්තර්ජාලයෙන් වන සතුන් විකුණන බව කියන පුද්ගලයෙකු කිරුළ පනදී අත්අඩංගුවට ගත් බව වන ජීවී නිලධරයෝ කියති.

ඔහු අද ගංගොඩවිල උසාවියට ඉදිරපත් කළේය.

නයි පැටවෙකු, බෝදිලිමෙකු, පිඹුරෙකු ඇතුළු ආරක්ෂිත සතුන් විකුනන බව අන්තර්ජාලයේ දැන්වීම් පල කර ඇත.

නයි පැටවෙකු රුපියල් දස දහසකටත්, බෝදිලිමෙකු රුපියල් දාහත්දහසකටත් විකුනන බව සදහන් වෙයි.  



අදහස් (0)

අන්තර් ජාලයෙන් වන සතුන් විකුනති

ජනක Tuesday, 30 July 2013 08:50 AM

එතකොට කොහොමද ඔය සත්තු යවන්නෙ.(ස)

:       0       0

බණ්ඩාර Tuesday, 30 July 2013 08:51 AM

පුදුම මනුස්සයෙක්නේ! (නි)

:       0       0

ආරොන් Tuesday, 30 July 2013 09:41 AM

ඕස්ට්‍රේලියාවට යන අය බොර්ටුවෙන් යවනවා. අනිත් තැන වලට යන අය පාර්සල් කරලා යවනව. ඊ මේල් තියන අයට සම්බන්ධ කරලත් එවනවා. ජනකට නයෙක්ව ඊ මේල් කරලා එවන්නද? (ස)

:       0       0

මාටින් Tuesday, 30 July 2013 09:53 AM

සත්තු යවන්නෙත් අන්තර්ජලයෙන්මයි ජනක. ඔයා ඕකවත් දන්නේ නැද්ද? දැන් තාක්ෂණය කොච්චර දියුණුද. හැබැයි ඉතින් දැන් ලෝකය විශ්ව ගම්මානයක් වෙලා නම් ඔය සර්පයෝ ලංකාවේ හිටියම මොකද? ලෝකයේ වෙන තැනක හිටියම මොකද? මං අහන්නේ විශ්ව ගම්මානය ඇතුලේ මෙයාලව එහෙට මෙහෙට ප්‍රවාහනය කරලා ගානක් හොයාගත්තම මොනවා වෙනවද? මේක පැහැදිලි ඉරිසියාව. (නි)

:       0       0

දුමින්ද Tuesday, 30 July 2013 10:00 AM

රටේ නීතී රීතී ලිහිල් නිසා මිනිස්සු එළිපිට වැඩ. මෙයාගේ නම් ගම් ප්‍රසිද්ධ කරන්න. (නි)

:       0       0

උදයංග Tuesday, 30 July 2013 10:17 AM

ඔය සත්තු කොහෙත් ඉන්නවා. ඒ මනුස්සයා මරන්න විකුණනවා නෙමෙයි . රටේ තත්වය අනුව මිනිස්සුන්ට ජීවත් වෙන්න අමාරුයි (නි)

:       0       0

කපිල Tuesday, 30 July 2013 10:36 AM

ඕස්ට්‍රේලියාවෙන් ටින් කරපු මස් ආනයනය කරන්න යනවාද? (නි)

:       0       0

සද රේඛා Tuesday, 30 July 2013 11:13 AM

ඕවද වනජීවී නිලධාරීන්ට තියෙන වැඩ ...මෙහෙ මිනිස්සු අලි ගහල මැරෙනවා. අලි වෙඩිල්ලක් ගන්න, අලියෙක් එලව ගන්න, අලියෙකුට බෙහෙතක් දෙන්න මොන වන ජීවි නිලධාරියෙක්වත් නෑ. මෙයාල මේ නයි පැටව් අල්ලාගෙන දගලනවා. සත්තු නෙවෙයි මිනිස්සුනේ ඉස්සරවෙලා මිනිස්සු ගැන හිතන්න, සත්තු ඉදල වැඩක් තියේවිය මිනිස්සු නැතිව.(ස)

:       0       0

මොහමඩ් Tuesday, 30 July 2013 11:21 AM

නයි පැටවෙකු, බෝදිලිමෙකු, පිඹුරෙකු යන තුන් දෙනාම අත්අඩංගුවට ගෙන නැවත කැලයට නිදහස් කරන්න (නි)

:       0       0

ලංකාසිරි Tuesday, 30 July 2013 11:39 PM

ඒ අකුර ගිලෙනකල් ඉඳලා පිඹුරව මේල් කරනවා. එහෙමයි ඊ-මේල් කරන්නේ. (නි)

:       0       0

රුපවති Tuesday, 30 July 2013 12:21 PM

නයයි බෝදිලිමයි , පිබුරයි , තුන් දෙනාවම අත්අඩංගුවට අරන්, ඔය මිනිහව කැළයට නිදහස් කරලා යවන්න,....? (දී)

:       0       0

බණ්ඩා Tuesday, 30 July 2013 04:44 PM

ආරොන් කොහොමද ඊ මේල් තිබෙන අයට පිඹුරව සම්බන්ධ කරලා යවන්නේ? නයි පැටියයි, බෝදිලියයි නම් පොඩියිනේ (නි)

:       0       0

ෆර්සාන් Tuesday, 30 July 2013 12:39 PM

ෂා මාර බිස්නස් අදහසක් නිකමට මට නොහිතුනු හැටි. අපේ ගේ පිටිපස්සේ කැලේ ඕන තරම් සත්තු ඉන්නවා. පටන් ගන්න ඔනේ බිස්නස් එකක්. (දී)

:       0       0

මාටින් Tuesday, 30 July 2013 12:52 PM

නයයි, බෝදිලිමායි , පිඹුරයි තුන් දෙනාවම අත්අඩංගුවට අරන්, ඔය මොහොමඩ්වයි, රූපවතියි කැළයට නිදහස් කරලා යවන්න (නි)

:       0       0

කීර්ති Tuesday, 30 July 2013 12:56 PM

ෆර්සන් වල් ඌරො එහෙම නැද්ද ඔය කැලේ? (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 533 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 270 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site