(විමුක්ති එස් රුද්‍රිගු)
ඉන්දීය සාගරයේදී අනතුරට පත්ව පෙරැළී ගිය චීන ධීවර නෞකාවේ සේවය කළ කාර්ය මණ්ඩල සාමාජිකයින් 39 දෙනාගෙන් හත් දෙනකුගේ සිරුරු කොටස් සොයා ගැනීමට ශ්‍රී ලාංකික කිමිදුම්කරුවන් සමත් වූ බව චීන මාධ්‍ය වාර්තා කර ඇත.
මුහුදේ ගිලුණු නෞකාවේ කුටියේ තිබී නාවිකයන් හත් දෙනාගේ සිරුරු ශ්‍රී ලාංකික කිමිදුම්කරුවන් සොයාගෙන තිබේ.ධීවර යාත්‍රාව අනතුරට පත් වී පෙරැළී යද්දී 39 දෙනකුගෙන් යුත් කාර්ය මණ්ඩලයක් එහි සිට ඇත.නෞකාවේ කාර්ය මණ්ඩලයට චීන නාවිකයන් 17 දෙනකු, ඉන්දුනීසියානු නාවිකයන් 17 දෙනකු සහ පිලිපීන නාවිකයන් පස් දෙනකු අයත් වී තිබේ.
ලූපෙන්ග් යුවාන්යු 028 බහු කාර්ය ධීවර යාත්‍රාව පසුගිය 16 වැනිදා ඉන්දියන් සාගරයේදී අනතුරට පත්ව පෙරැළී ගියේය.ලූපෙන්ග් ධීවර යාත්‍රාව පෙරැළී ගිලී යාමෙන් අතුරුදන් වූ කාර්ය මණ්ඩල සාමාජිකයින් 39 දෙනා සෙවීම සඳහා ඔස්ට්‍රේලියාව, ඉන්දියාව, ශ්‍රී ලංකාව, ඉන්දුනීසියාව, මාලදිවයින සහ පිලිපීනය ඇතුළු රටවල් කිහිපයක් එකතු විය.
සුන්බුන් වූ යාත්‍රාව සෙමෙන් නැගෙනහිර දෙසට ඇදී යන බවත් ධීවර යාත්‍රාව අනතුරට පත් වූ ප්‍රදේශයේ තවත් නෞකා 13 ක් යාත්‍රා කරමින් තිබෙන බවත් චීන මාධ්‍ය වාර්තා කර ඇත.
(034)
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
අනතුරට පත් චීන නෞකාවේ 7 කගේ සිරුරු හමුවෙයි