අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීමේ රෝද පුටු ටෙනිස් තරගාවලි තුනක් මාර්තු මස 19 වැනිදා සිට 29 වැනිදා මීගමුව සහ කොළඹදී පැවැත්වීමට ශ්‍රී ලංකා ටෙනිස් සංගමය කටයුතු යොදා තිබේ. පළමු තරගාවලිය මාර්තු මස 19 වැනිදා සිට 21 වැනිදා දක්වා මීගමුව ටෙනිස් ක‍්‍රීඩා සමාජයීය ක‍්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වේ. එහිදී පිරිනැමෙන ත්‍යාග මුදල ඩොලර් 2000 කි. ඩොලර් 10,000 ක ත්‍යාග මුදලක් පිරිනැමෙන දෙවැනි තරගාවලිය මාර්තු මස 23 වැනිදා සිට 25 දක්වා ශ්‍රී ලංකා ටෙනිස් සංගම් මුලස්ථානයේදී පැවැත්වීමට නියමිතය. මාර්තු මස 27 වැනිදා සිට 29 දක්වා එස්. එස්. සී. විවෘත තරගාවලිය කොළඹ සිංහල ක‍්‍රීඩා සමාජයීය ක‍්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වේ. එහි ත්‍යාග මුදල ඩොලර් 2000 කි. මැලේසියාව, දකුණු අප‍්‍රිකාව, රුසියාව සහ යුක්රේනය යන රටවල කී‍්‍රඩකයන් මෙම තරගමාලාවට සහභාගිවීමට නියමිතය. දකුණු අප‍්‍රිකාවද මෙම තරගමාලාවට සහභාගිවන බව ස්ථීර කර ඇතැයි ද වාර්තාවේ. ජාතික ටෙනිස් ශූර උපාලි රාජකරුණා, ගාමිණී දිසානායක සහ සුනිල් පෙරේරා තරගාවලියට සහභාගිවන ශ්‍රී ලංකා පිලේ ප‍්‍රබල ක‍්‍රීඩකයෝ වෙති. රාජකරුණා ලෝක ශ්‍රේණිගත කිරීමේ 92 වැනි ස්ථානයේ පසුවේ.
2025 නොවැම්බර් මස 04
707
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2375
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1739
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අන්තර්ජාතික රෝද පුටු ටෙනිස් තරගාවලි තුනක් මාර්තුවේදී