IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


‘අන්තර්ජාතික නීතිවල අඩුපාඩු නිසා අපරාධකරුවන් හසුකර ගැනීමට අපහසුවෙලා’

විනීතා එම්  ගමගේ
 
අල්ලස් හා දුෂණයට එරෙහිව කටයුතු කරද්දී අන්තර්ජාතික නීතිවල අඩුපාඩු නිසා බරපතල ගණයේ අපරාධකරුවන් නීතියේ රැහැනට හසුකර  ගැනීමට අපහසුව පවතින්නේ යැයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ප‍්‍රකාශ කළේය. 


ශ්‍රී ලංකාවේ  බරපතල දුෂණ කළ අපරාධකරුවන් ලෝකයේ වෙනත් රටවල සැඟවී සිටින බවත් ඔවුන් අත්අඩංගුවට ගැනීමට යාමේ දී ශ්‍රී ලංකාව ප‍්‍රශ්නවලට මුහුණ පා ඇති බවත් ජනාධිපතිවරයා කීය. 


ඒ ඒ රටවල ආගමන නීති මෙන්ම වීසා නීති හා නේවාසික නීති ද මෙහි දී විශේෂයෙන් බලපාන බව ද සිරිසේන මහතා කීය.
මෙකී දූෂිතයින් සොයා ගැනීමටත් ඔවුන්ට විරුද්ධව කටයුතු කිරීමටත් නොහැකිවීම  නිසා රටේ උගත් බුද්ධිමත් ජනතාවගේ බලාපොරොත්තු ඉෂ්ඨ කරන්න බැරිවී තිබෙන්නේ යැයි ද හෙතෙම සඳහන් කළේය.  


ජාතික වශයෙන් අල්ලසට දූෂණයට එරෙහි නීතිරීති ශක්තිමත් කරන අතරම අන්තර් ජාතික නීතිරීති ද ශක්තිමත් කළ යුතුව ඇතැයි ද ජනාධිපතිවරයා කීය. 


ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මේ අදහස් පළ කළේ අද (25) පෙරවරුවේ කොළඹ ටාජ් සමුද්‍ර හෝටලයේ දී ආරම්භ වූ ජකර්තා මුලධර්ම පිළිබඳ එක්සත් ජාතින්ගේ විශේෂඥ කණ්ඩායම් රැස්වීමේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි. 


සහයෝගය නොලැබීම නිසා අපිට අපේ රටේ දුෂණයට විරුද්ධව ගෙන යන සටනේ දී අපි සැමවිටම ජාතික වශයෙන් ඒ කටයුතු ශක්තිමත් කරවනවා වගේම අන්තර් ජාතික වශයෙන් මේ සටනට එකතු වී සිටින රටවල් සමඟ එකට බැදී කටයුතු කිරීමේ අවශ්‍යතාව අපි දකිනවා. 


දූෂණ විරෝධී සටනේ දී අන්තර් ජාතික නීතිරීතිවල අඩුපාඩු රාශියක් අපි දකිනවා. බරපතල දුෂිතයින්, අපරාධකරුවන් සොයා ගැනීමේ දී ඒවා බලපා තිබෙනවා. අපේ රටෙන් උදාහරණ ගත්තොත් බරපතල දුෂණ කළ අපරාධකරුවන් ලෝකයේ වෙනත් රටවල සැඟවී සිටිනවා. අපේ අපරාධ පරික්ෂණ අංශ මේ අය අත්අඩංගුවට ගැනීමේ දී අපි බරපතල ප‍්‍රශ්නවලට මුහුණ දෙනවා. ඒ ඒ රටවල්වල සහය නොලැබීම නිසා මේ රටවල්වල සහයෝගය නොලැබීමේ දී ආගමන නීති වීසා නීති නේවාසික පුරවැසියන් ගැන නීති අපට බොහෝ අභියෝග වී තිබෙනවා. 
 

ඡායාරූප - ළහිරු හර්ෂණ



අදහස් (9)

‘අන්තර්ජාතික නීතිවල අඩුපාඩු නිසා අපරාධකරුවන් හසුකර ගැනීමට අපහසුවෙලා’

sanju Wednesday, 25 July 2018 10:24 AM

මෙයා මොනවා කියනවද මන්දා. පාර්ලිමේන්තුවේ ඉන්න හොරු අල්ලන්නේ නැත්තේ මේක හින්දා වෙන්න ඇති...

:       97       114

sena Wednesday, 25 July 2018 10:28 AM

මෙතුමාගේ වැඩ බැරි කමට, ඉස්සර බැන්නේ අපේ රටේ කට්ටියට විතරය් දැන් ලෝකෙටම බනිනවා.

:       55       70

kavinda Wednesday, 25 July 2018 10:30 AM

අනේ මෙහෙමත් අඩෝවැඩියාවක්.... යුද්ධයකුත් එක්ක රටක් හම්බවුණා නම් තව කොහෙද? නටන්න බැරි මිනිහට පොළව ඇදයි කියන්නේ මෙන්න මේ වගේ අය ගැන තමයි.

:       43       95

ලුම්බිණි Wednesday, 25 July 2018 10:36 AM

අනුන්ගේ පිට වරද පටවන එක වැරදි නේද?

:       51       74

Sunil Wednesday, 25 July 2018 11:14 AM

පාර්ලිමේන්තුවේ ඉන්න හොරු ටික අල්ලන්න අන්තර්ජාතික නීති අවශ්‍යද?

:       0       19

pathirana Wednesday, 25 July 2018 11:24 AM

නිදාගෙන ඉන්න මනුස්සයා ඇහැරවන්න පුළුවන්ලු... නමුත් බොරුවට නිදාගෙන ඉන්න මනුස්සයා ඇහැරවන්න බැරිලු... බොරුවට නිදාගෙන නිදහසට කරුණු කියන මනුස්සයා නම් කොහොමවත් ඇහැරවන්න බැරිවෙයි.

:       0       9

de silva Wednesday, 25 July 2018 11:29 AM

ප්‍රශ්නය තිබෙන්නේ අන්තර්ජාතික නීතිවල නෙවේ. අපේ විදේශ සේවය සඳහා පළපුරුදු නිලධාරීන් යවන්නේ නැතුව එම විෂය ගැන මෙලෝ හසරක් නොදන්නා දේශපාලන අනාථයන් යැවීම, ඉස්සර තිබුණු හැම ආණ්ඩුවක්ම කලේ එහෙමයි. ඔබතුමාගේ ආණ්ඩුවත් කරන්නේ එහෙමයි. මිරිස් හිටුවලා අස්වැන්නට ඉඟුරු බලාපොරොත්තු වෙන්න බැහැනේ ආයුබෝවන් !!!

:       0       0

ravi Thursday, 26 July 2018 07:30 AM

ඔව්. ජනාධිපතිතුමා කියන්නේ සහතික ඇත්ත. ඒකට හේතුව, ලංකාවේ ජාවාරම්කාරයෝ පිටරටවල්වල.

:       11       0

Kumara Friday, 27 July 2018 08:02 AM

මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයින්ට පිටරට යන්න දීලා බලාගෙන ඉන්නේ කව්ද? අපිද? කිසි දෙයක් කරගන්නත් බෑ. ඒ මදිවට කියවිල්ල. අනේ අපොයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31553 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13910 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11076 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 160 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1084 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 304 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site