(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාවේ සමස්ත අධිවේගී මාර්ග පද්ධතියේ පසුගිය 8 වැනිදා සිට 11 වැනිදා දක්වා දින හතර තුළ ධාවනය වූ වාහනවලින් රුපියල් කෝටි 14 කට ආසන්න ආදායමක් උපයා ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය උසස් නිලධාරියකු පැවසීය.
පසුගිය 9 වැනිදා සහ 10 වැනිදා දෙදින පමණක් රුපියල් කෝටි හතකට අධික මුදලක් උපයා ඇති බවත් 10 වැනිදා පමණක් කෝටි හතරකට ආසන්න මුදලක් ලැබී ඇති බවත් එම නිලධාරියා පැවැසීය.
සිංහල හා දමිල අලුත් අවුරුද්ද වෙනුවෙන් ජනතාව සිය ගම් බලා යාම සහ විනෝද චාරිකා සඳහා අධිවේගී මාර්ග යොදා ගැනීම මෙම ආදායම වැඩි වීමට හේතුව බව අධිවේගී මාර්ග පරිපාලනය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආදායම් නම් ලැබෙනවා.. නමුත් ඉතිං බහිරව කටට තමයි යන්නේ..
නියමයි. කෝටි 24ක තෙල් පිච්චෙන්න ඇති නේද? අරාබියෙන් තෙල් නිකන් දෙන නිසා ගාණක් නැහැ.
පේසාලෙන් හම්බවෙන තෙල් නිසා රටට වැඩි බරක් නැහැ.
හොඳයි ඉතින් ඔය චීන ණය රුපියල්වලින් ගෙවන්න පුළුවන් නම්
මධ්‍යම අධිවේගය හැදුවා නම් සාමාන්‍ය දවස් වලටත් මේ වගේ ආදායමක් ලැබෙනවා
හදන්න ගිය වියදම කවර් වෙලා ඇතිනේ දැන් නොමිලේ යන්න දෙන්න