(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
දක්ෂිණ අධිවේගී මාර්ගයේ අපරැක්ක සහ ගොඩගම අතර කිලෝමීටර 133. 4 ප්‍රදේශයේදී සිමෙන්ති ලොරියක් ඇතුළු වාහන හතරක් ගැටි දෙදෙනකු තුවාල ලබාඇතැයි අධිවේගී රථවාහන පොලිසිය කියයි
මෙම අනතුර හේතුවෙන් අධිවේගී මාර්ගය පුරා සිමෙන්ති කුඩු විසිරී යාමෙන් දැඩි දුමාරයක් අවට පැතිරී ඇතැයි පොලිසිය සඳහන් කරයි.
ඒ හේතුවෙන් වාහන ගමනාගමනයට දැඩි බාධා පවතින බව එම ආරංචි මාර්ගවලින් පැවසේ.
තුවාල ලැබූවන් අතර බස් රථයේ කොන්දොස්තරවරයා සහ මගියකු බව පොලිසිය කියයි
සිමෙන්ති ලොරිය අපරැක්ක ප්‍රදේශයේ සිට ගොඩගම දෙසට ධාවනය වෙමින් තිබියදී ඊට පසු පසින් කොළඹ දෙසට ධාවනය වූ බස් රථය එහි ගැටීමත් සමගම මෙම අනතුර වී ඇතැයි පොලිසිය කියයි
සිමෙන්ති ලොරියේ පසුපස ගබඩා කර තිබූ සිමෙන්ති තොගයක් මාර්ගයට වැටී සී.සීකඩ විසිරීමෙන් පිටුපසින් පැමිණි මෝටර් රථයක් සහ වෑන් රථයක්ද එකිනෙක ගැටී අනතුරට ලක්ව ඇත
මේ හේතුවෙන් අනතුර සිදුවූ ප්‍රදේශයේ මීටර් පන්සියයක පමණ ප්‍රමාණයක් ගොඩගම සිට කොළඹ දෙසට එක් මං තීරුවක් සම්පූර්ණයෙන්ම වසා දැමීමට සිදුවිය
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
අධිවේගයේ අනතුර