IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


අධිවේගී මඟේ අනතුරින් 7 ක් රෝහලේ

 දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 69 කණුව ප්‍රදේශයේ  සිදු වු අනතුරකින් හත් දෙනකු තුවාල ලබා ඇල්පිටිය රෝහලට ඇතුළු කළ බව පොලීසිය කියයි.

කොළඹ සිට අම්බලන්ගොඩ දක්වා ගමන් ගත් කැබ් රථයක් ලිස්සා ගොස් ආරක්ෂක වැටේ හැපීමෙන් මෙම අනතුර සිදු වී ඇතැයි පොලීසිය සඳහන් කරයි.

 

 

 



අදහස් (0)

අධිවේගී මඟේ අනතුරින් 7 ක් රෝහලේ

සමන් වසන්ත Wednesday, 08 October 2014 11:05 AM

ඇත්තටම බොහෝ අනතුරු වලට මාර්ගය වැරදි නැහැ. අධිවේගී මාර්ගයේ සහ අනෙකුත් මාර්ගවල වන බොහොමයක් අනතුරු වලක්වා ගන්න පුළුවන් සැලකිලෙන් රිය ධාවනය කලොත්. විශේෂයෙන්ම ලංකාවේ රියදුරන්ගේ විනය පිලිබඳ ප්‍රශ්නයක් තියෙනවා. හැමදාම අනතුරු අසන්න ලැබුනත් හැමෝම හිතන්නේ තමුන්ට අනතුරක් වෙන්නේ නැහැ කියල. ඒ වගේම අපේ ආකල්පත් වෙනස් කරගන්න ඕනා. උදාහරණයකට රියදුරෙකුට කිව්වොත් සැලකිල්ලෙන් රියපදවන්න කියලා සමහරු කියන්නේ වෙන්න තියෙන දෙයක් වලක්වන්න බැහැ කියලා. හැම වෙලේම අනතුරක් සිද්ධ වෙන්න පුළුවන් කියන මනසිකත්වයේත් අදාල වේග සිමා පිළිපදිමින් ගියොත් ගොඩක් අනතුරු වලක්වා ගන්න පුළුවන්. (නදී)

:       0       0

රනේ Wednesday, 08 October 2014 11:17 AM

මේ වගේ පාරක යන්න බැරි රියදුරුන්ට මොන පාරකවත් යන්න බෑ. (නදී)

:       0       0

ප්‍රසන්න Wednesday, 08 October 2014 11:18 AM

වාහන පදවන අයට අනතුරක් වලක්වාගන්න බැරි උනහම කියන්නේ පාරේ වැරැද්ද. තමන්ට පාලනය කරගත යුතු වේගයෙන් යා යුතුයි (නදී)

:       0       0

රත්න Wednesday, 08 October 2014 11:37 AM

මිට පෙරත් මම ලියලා තියනවා මම යුරෝපා සහ මැද පෙරදිග වසර ගනනාවක් සිටින අයෙක්. ලංකාවේ අධි වේගී මාර්ගය පැ./ කිමි, 100 ක වේගයකටවත් ගැලපෙන්නේ නැහැ. 90 පනිනවිට ලෙස්සන්න බලනවා. පාරේ ආනතිය, මට්ටම් බව සහ යොදා ගත් මිශ්‍රනයේ ප්‍රමිතිය නැවත සමීක්ෂනයක් කලොත් හොඳයි. වෙන රටවල මොන කාලගුනයක් යටතේ වුවත් මෙවන් අනතුරු අවමයි. තව හේතුවක් රියැදුරන්ගේ අව පැවැත්ම, අපරික්ෂාකාරිත්වය,අධික වේගයට නුපුහුණු බව. (නදී)

:       0       0

වික්‍රම Wednesday, 08 October 2014 11:56 AM

විනාඩියක් හරි ඉක්මනට යන්න තමා හදන්නේ. ලංකාවේ රියදුරන්ගේ නොසැළකිලිමත්කම දැනගන්න වෙන රටක ඉන්න ඕනෑ. පාරේ වැරැද්දක් නම් ඉතින් අනික් වාහනත් අනතුරට ලක් වෙන්න ඕනෑනේ. වේගය වැඩි වුණාම ඕනෑම වාහනයක් පාරෙන් ඉවතට විසිවෙන්න පුළුවන්. ඒ වගේම පාලනය කරගන්න බැරි වෙන්නත් පුළුවන්. මේ සදහා කුමක් කෝ ක්‍රියාමාර්ගයක් ගතයුතුයි, සියලුම මාර්ග වල සියලු රියදුරන් වෙනුවෙන් (නි)

:       0       0

අනුර Thursday, 09 October 2014 12:33 AM

මෙම අධිවේගයේ පළල ජාත්‍යන්තර මට්ටමේ නැති බව කියන්නේ ඇත්තද? මේ නිසා විශාල පිරිසක් අනතුරට පත්වේ. කටුනායක චීන පාර නම් නිවැරදිව ඇත (නි)

:       0       0

ධනංජය Thursday, 09 October 2014 01:55 AM

ඔකේ යද්දී වේගේ වැඩිවෙනවා තේරෙන්නේ නෑ. වේගේ වැඩි කරන්නමයි හිත (නදී)

:       0       0

ධනුෂ්ක Thursday, 09 October 2014 03:02 AM

නියම කණුව ලඟ තමයි වැඩේ වෙලා තියෙන්නේ (නදී)

:       0       0

මඩවල සුමනසාර තෙර Thursday, 09 October 2014 03:52 AM

අපිට බොහෝ වැදගත් වන වෙබ් අඩවියක්. අපිට ඉතාම පහසුවෙන් දවසේ පුවත් දැනගන්න පුලුවන් (නදී)

:       0       0

සකුන්තලා Wednesday, 08 October 2014 10:03 AM

මේකනම් මාරම මාර අධිවේගී මරු කපොල්ලක් තමා (නදී)

:       0       0

නිශාන්ත Wednesday, 08 October 2014 10:09 AM

දැන් මේකට පාරට බනින අයත් ඉන්නවා. වෙන පාරක වුනා නම් බලන්නෙවත් නැති අය අධිවේගයේ අනතුරක් වුනොත් පාරට බනිනවා. ඒ තරමට අපේ රටේ දේශපාලනය බංකොලොත් වෙලා. (නදී)

:       0       0

බණ්ඩාර සරත් Wednesday, 08 October 2014 05:40 PM

අධිවේගී කියලා නියමිත වේගය ඉක්මවා යාම, මාර්ග සලකුණු ගැන සැළකිලිමත් නොවීම, මාර්ග නීති නොදැනීම හෝ නොසැළකිලිමත්කම බොහෝ අනතුරු වලට හේතුවයි (නි)

:       0       0

විකි Wednesday, 08 October 2014 10:40 AM

මාර්ගයෙන් ඉටුවෙන සේවය මිල කල නොහැක. මේ ගැන විදිමත් පරීක්ෂණයක් කලානම් හොදයි. රියදුරුගේ නොසැලකිල්ල හෝ අදික වේගය වගේ කාරණයක් අනතුරට හේතුවක් වෙන්න පුළුවන්. මාර්ගයට බැනල වැඩක් වෙන්නේ නැහැ (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 176 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 156 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site