
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩංගොඩ පිවිසුම ආසන්නයේ සිදුවූ අනතුරු වැලකින් වාහන විසි හයකට ආසන්න සංඛ්‍යාවකට අලාභ සිදු වී ඇතැයි දක්ෂිණ අධිවේගී රථවාහන පොලිසිය කියයි.
අලාබ වු වාහන අතර මෝටර් රථ 22 ආසන්න ප්‍රමාණයක් වන බව පොලිසිය සඳහන් කරයි.
ගාල්ල සිට කොළඹ බලා ගමන් ගත් වාහන කිලෝමීටර් 32 හා 35 අතර දී තැන තැන සිදු වූ අනතුරු හයකින් මෙම අලාභ සිදු වී ඇත.
සිදු වු අනතුරුවලින් කිසිවෙකුටත් තුවාල හෝ අධිවේගී මාර්ගයෙහි දේපළවලට අලාභ සිදු වී නැති අතර බහුතරයක් වාහනවල ඉදිරිපස සහ පිටුපස ප්‍රදේශවලට අලාභ සිදුවී ඇත.
වාහන අතර පරතරයක් තබාගෙන ධාවනය නොකිරීම හේතුවෙන් මෙම අනතුරු සියල්ල සිදුවී ඇතැයි එම පොලිස් නිලධාරියෙක් කීය.
දක්ෂිණ අධිවේගී රථ රථවාහන පොලිසිය පරීක්ෂණ පවත්වයි.
2025 දෙසැම්බර් මස 18
486
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
256
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1050
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අධිවේගයේ අනතුරු වැලක්
Prabha Monday, 17 April 2023 02:50 AM
විනයක් නැති අපේ උන්ට හරි යන්නේ බක්කි කරත්ත තමයි
ලුම්බිණි Monday, 17 April 2023 05:06 AM
ලංකාවේ රියදුරන් වැඩි දෙනෙක් අධිවේගී මාර්ග වල වාහන පැදවීමට කිසිම පල පුරුද්දක් නැති යයි.
kasun Monday, 17 April 2023 07:14 AM
අනතුරක් වළක්වා ගන්න තමා ශෝල්ඩර් එකක් දාන්නේ. කොහෙද හයිවේ හදපු අය ශෝල්ඩර් ලේන් එකට ලැබුණු සල්ලි ගසාකාලා දැන් අපි තාම විඳවන්නේ...
jayath Monday, 17 April 2023 08:00 AM
මේ රටේ විශ්ෂයෙන් මේ කොළඹ වාහන එලවන්නේ උන්මත්තකයින් රැලක් කියන එකට හොඳම උදාහරණයක් තමයි මේක. මේ නරිරැළ තමයි කොළඹදී අරෙහෙන් දමන්නේ, මෙහෙන් දමන්නේ තත්පරේ පරක්කුවට හෝන් එකේ උඩ හිටගන්නේ...!! ඇත්තම කියනවා නම් මේ අයට හයිවේ අත්දැකීම් නැහැ... හයිවේ එලවන්න හදන්නෙත් මෙහෙ එලවන විදියට මිනිහෙකුට කරදරයක් වුණාම හිනාවෙන එක වැරැදියි. නමුත් මේ අයට නම් නියම පරිප්පුව...!!!
විපරමා Monday, 17 April 2023 02:55 PM
කිසිම විනයක්, හික්මීමක් නැති අය අධිවේගයේ ඉගිල්ලෙන්න ගිහිල්ලා වෙච්වි දේ...