IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


අධිවේගයේ අනතුරකින් වෛද්‍ය පවුලක් තුවාල ලබයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

හම්බන්තොට ,මහ රෝහලේ විශේෂඥ වෛද්‍යවරයකුගේ බිරිඳ සහ සහ දරු දෙදෙනා ගමන්ගත් ,සුඛෝ භෝගී මෝටර් රථයක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ බද්දේගම අධිවේගී පිවිසුම ආසන්නයේ කිලෝමීටර් 80 දශම 9 කණුව අසලදී අනතුරකට ලක්වීමෙන් ඔවුන් තිදෙනාම තුවාල ලබා ඇතැයි අධිවේගී රථවාහන පොලිසිය කියයි.

තුවාල ලැබූවන් අතර වයස අවුරුදු 16-21 පසුවන පුතුන් දෙදෙනා සහ බිරිඳ වන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

අනතුර වන අවස්ථාවේදී 21 හැවිරිදි පුතු මෝටර් රථය පදවා ඇති බව පොලිසිය කියයි.ඔහුගේ තත්ත්වය තරමක් බරපතල බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

මාතර දෙස සිට කොළඹ දෙසට පැමිණෙමින් තිබූ මෝටර් රථය මැද ආරක්ෂිත වැටේ ගැටි කැරකී ගොස් මොනරාගල සිට කොළඹ දෙසට ධාවනය වෙමින් තිබූ සුඛෝභෝගී පෞද්ගලික බස් රථයේ තිබූ දකුණු පස බඳ කොටසේ ගැටී අනතුරට ලක්වී තිබූ බව පොලිසිය සඳහන් කරයි.

සිදුවූ අනතුරත් සමගම මෝටර් රථයේ තුවාල ලබා සිරවී සිටි පිරිස මාර්ග සංවර්ධන අධිකාරියේ ගිලන් රථ පැමිණීමට පෙර මාර්ගයේ ගමන් ගත් වාහන රියදුරන් විසින් කරාපිටිය රෝහල වෙත ඇතුලත් කිරීමට පියවර ගෙන තිබිණි.



අදහස් (5)

අධිවේගයේ අනතුරකින් වෛද්‍ය පවුලක් තුවාල ලබයි

Lalla Wednesday, 21 August 2024 08:49 PM

පොඩි එවුන්ට අධිවේගී මාර්ගය භාවිත කරන්න දීම භයානකයි. නුපුහුනු රියදුරන් සමහර අවස්ථාවල යන්න බය හිතෙන විදියට වැඩ පෙන්නන්න යනව.

:       7       120

ආච්චි Thursday, 22 August 2024 08:40 AM

තාත්තගේ මොලේ පුතාට කොයින්ද? එයත් තව එක් තරුණ මදයෙන් පිම්බුණු අපරික්ෂාකාරී රියදුරෙක් විතරයි. ඔන්න ප්‍රතිඵල.

:       9       30

Rohana Thursday, 22 August 2024 11:59 AM

තාත්තා (රියදුරු බලපත්‍රය ඇතැයි සිතමි) වාහනය පැදවූවා නම් මෙවැනි අනතුරක් නොවන්න තිබුණා. කොහොමත් තරණ වයසේ අය වේගයෙන් යන්න කැමති වුණත් ඒක ඕනෑම අවස්ථාවක දී පාලනය කරගන්න දන්නේ නැතිකම මෙවැනි අනතුරුවලට හේතුවයි.

:       1       4

චන්දිම Thursday, 22 August 2024 04:26 PM

සෑහෙන කාලයක් සාමාන්‍ය පාරවල්වල රිය පදවලා පුරුදු නැතිනම් මේ අධිවේගී මාර්ගයේ යන එක හොඳටම අවදානම්. මොකද වෙන රටවලට වඩා මේ අධිවේගී මාර්ගයේ පළල අඩු වගේ තමයි මට නම් පෙන්නේ. වාහනයක් තව වාහනයක් ඉස්සර කරද්දී වැටට බොහොම ලඟින් වගේ ගමන් කරන්නේ පොඩ්ඩ වැරදුනොත් විනාසයි. මේ සුඛෝපභෝගී බස් රියැදුරන් සාමාන්‍යෙයන් 100 ත් 110 ත් අතර වේගයෙන් යන වෙලාවල් තියෙනවා. ඒක හොඳයි කියනවා නෙමෙයි. හැබැයි ඒ හුඟක් රියැදුරන් අනතුරු කර ගන්නේ නැතුව යන්න දන්නවා. ඒ මිනිස්සුන්ගේ පළපුරුද්දත් එක්ක. මේ ළමයා එවැනි වේගයෙන් යන බසයක් ඊටත් වඩා වේගයෙන් ඉස්සර කරන්නත් ගියා වගේ තමයි මෙතැන පේන්නේ බසයේ දකුණු පැත්තේ වැදුණා කියලා කියන කොට...!

:       1       3

සෙනෙවිරත්න Thursday, 22 August 2024 09:06 PM

සමහර අය මැද ඉර අල්ලගෙන ගාටනවා, ඉස්සර කරන්න ඕන ⁣වාහනය දකුණට ගන්නකොට දකුණු පැත්තෙ වැටේ ගෑවෙනවා.. රෝද ⁣යන්තම් කැපුනොත් වදිනවා. පාර පටු කමත් මැද වම් පැත්ත කොච්චර ඉඩ තිබුණත් මැද ඉර අල්ලගෙන ගාටන ආත්මාර්තකාමි රියැදුරන් තමයි මේකට හේතුව...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 625 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 302 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1102 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site