දකුණු ආසියාවේ විශාලම සමූපකාරය ලෙස සැලකෙන අධ්‍යාපන සේවකයින්ගේ සකසුරුවම් හා ණය දෙන සමූපකාර සමිතියේ නිලවරණයක් පවත්වා නිලධාරීන් පත් කරන ලෙස ලංකා ගුරු සංගමය ආහාර සුරක්ෂිතතා හා කළමනාකරණ අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර ඇත.
රුපියල් කෝටි 1500කට වැඩි මූල්‍ය වත්කම් හා රටපුරා ගොඩනැගිලි සහ දේපල රැසකට හිමිකම් කියන අධ්‍යාපන සමූපාකාරය පසුගිය රජය යටතේ පාලක සභාවකින් පාලනය කළ බවත්, පාලස සභාවක් යටතේ ඉඩම් මිලදී ගැනීම ආදිය සිදුකළ නොහැකි වුවත් මෙම පාලක සභාව එවැනි දෑ කර ඇති බවත්, සාමාජිකයන්ගෙන් උදුරා ගත් අධ්‍යාපන සමූපාකාරය නැවත ඔවුනටම ලබා දෙන ලෙසත් ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසයි.
මෙම සමූපාකාරය ඉඩම් මිලදී ගැනීම සම්බන්ධයෙන් සිදු කරන ලද පරීක්ෂණයේ වාර්තාවට ද සිදුවූ දෙයක් නැතැයි කියන ස්ටාලින් මහතා මේ පාලක සභාව ඉවත් කර ඡන්දයක් පවත්වන්නැයි ද ඉල්ලයි.
2025 දෙසැම්බර් මස 18
335
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
209
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1001
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අධ්‍යාපන සමූපයට නිලවරණයක් ඉල්ලයි