IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


අධ්‍යාපන ආයතනයක ලොක්කෙක් ගැන ලොකු විමර්ශනයක්

(සුජිත් හේවාජුලිගේ )

අධ්‍යාපනයට සම්බන්ධ ජාතික ආයතනයක ඉහළ තනතුරකට ව්‍යාජ අධ්‍යාපන සහතික ඉදිරිපත් කර  පත්ව ඇතැයි පැවසෙන උසස් නිලධාරියකු සම්බන්ධයෙන් විගණන  අංශ විශේෂ විමර්ශනයක් අරඹා ඇතැයි වාර්තා වේ.

විගණන  අංශ මේ විමර්ශනය  අරඹා ඇත්තේ ඔහුගේ  අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි ගණනාවක් පදනම් කරගෙනය.

මේ උසස් නිලධාරියා  ඉදිරිපත් කර ඇති ව්‍යාපාර පරිපාලනයට අදාළ පශ්චාත් උපාධි සහතිකය  සම්බන්ධයෙන් එම සහතිකය නිකුත් කර ඇතැයි පැවසෙන විදේශීය විශ්ව විද්‍යාලයෙන් විගණන  අංශ  කරුණු විමසා ඇතත්   ඒ තහවුරු කිරීම් මෙතෙක්  ලබාදී නැතැයි දැනගන්නට ඇත.

එසේම මෙම නිලධාරියා සම්පූර්ණ කර ඇති සේවා පළපුරුද්ද සම්බන්ධයෙන් ඔහු මීට පෙර රාජකාරිය කළ ආයතනයක්  විසින් නිකුත් කරනු ලැබ ඇති   සේවා සහතික දෙකක  වෙනස් තත්වයක්  සඳහන්වීමද විගණන නිලධාරීන්ගේ  බරපතළ සැකයට තුඩුදී ඇත.

මෙම නිලධාරියා කාලයක් ආරක්ෂක අංශයක සේවය කරමින් සිටියදී   කිසියම්දූෂණ  චෝදනාවකට ලක්වී සේවයෙන් ඉවත් කරනු ලැබුවකු බවද   සඳහන් වේ.

මොහු  අධ්‍යාපනයට සම්බන්ධ එම  ජාතික ආයතනයේ ඉහත තනතුරට පත්ව ඇත්තේ මූලික සුදුසුකම් හෝ නොමැතිව ඉල්ලා තිබූ පළපුරුද්ද සහ අධ්‍යාපන සුදුසුකම් පවා වංචා සහගත ලෙස හුවා දක්වමින් බව පවසන එම ආයතන ආරංචි මාර්ග මේ පිළිබඳව තොරතුරු හෙළි වීමෙන් පසු ඔහුගේ පෞද්ගලික ලිපිගොනු අදාල අමාත්‍යාංශයේ විමර්ශන අංශය බාරයට  ලබාගෙන ඇතැයිද   සඳහන් කළේය.

මේ අතර චෝදනා එල්ල වී සිටින  මේ උසස්  නිලධාරියා හිටි හැටියේම  එම ආයතනයේ වෘත්තීය සමිති දෙකක සභාපති ධූර ලබාගැනීමද කාගේත් විමතියට තුඩුදී ඇති බව වාර්තා වේ.



අදහස් (5)

අධ්‍යාපන ආයතනයක ලොක්කෙක් ගැන ලොකු විමර්ශනයක්

wedage Monday, 12 June 2023 02:49 PM

මේ අර පිරිමි හෙදිය නේද?

:       8       6

gunasiriTuesday, 13 June 2023 02:43 AM

වෙදගේ ඔයා දොස්තරලව පිරිමි දොස්තර , ගැහැණු දොස්තර කියල හඳුන්වන්වද? උපස්ථායක, ඉංජිනේරු , ගණකාධිකාරී , නීතිඥ වගේ අනෙකුත් වෘත්තීන් ? මෙතන තියෙන්නේ එක පුද්ගලයෙක් සමග තියෙන පෞද්ගලික ඉරිසියාවක් නේද? නර්ස් කෙනෙක් වෙන්න නම් උසස්පෙළ සමත් විය යුතුයි . එහෙම කෙනාට සමච්චල් කරන ඔබ අට සමත් වෙලා දේශපාලනයට අපු සමහර තක්කඩින්ට ගරු ඇස්වල කියල දෙකට නැමෙනවා . ඔබ ඔබේ හර්ද සාක්ෂියට තට්ටුකරලා බලන්න ඔබ කෙතරම් කුහකද කියල .

:       0       2

LalithakalaTuesday, 13 June 2023 06:02 AM

වෙදගේ මහතා ඉතා පැහැදිලියි ඔබේ චේතනාව යම් පුද්ගලයෙකුට අපහස කිරීම බව . ඔබට ඊට තිබුණු හදිසිය නිසාද නැති නම් නොදන්නා කම නිසාද මන්ද ඔබ ලියා ඇත්තේ පිරිමි හෙදිය කියලයි. ඒක හරියටම පිරිමි අම්මා , පිරිමි නැන්ද නැතිනම් පිරිමි ගායිකාව කියල කිව්වා හා සමානයි. ඕක ඊට වඩා හොඳ නැතිද අර හෙද නිලධාරියාද කියල ලිවුවා නම්. අනුන්ට අපහස කරන්න ගියහම ඉබේම තමන්ද ලෝකයා ඉදිරියේ සමච්චලයට ලක්වෙන බව මතක තියාගන්න . ඔය පිරිමි නර්ස් කියල එක්තරා පුද්ගලයෙකුට අපහස කරන්න පටන් ගත්තේ එක්තරා දොස්තර වරු පිරිසක්නේ. රැකියාව කුමක් උනත් සමහර මිනිස්සුනට තමන් තුල තියෙන කුහක කම සඟවගෙන ඉන්න බැහැ . අනිත් කාරණය තමයි මේ නිවුස් එකෙන් කතාකරන්නේ වෙනත් පුද්ගලයෙක් ගැන. නමුත් ඔබ වල්ගය පාගාගෙන වෙනත් අයෙක් ගැන කතාකරන්න ගිහින් තවත් වටයකින් කිච වෙනවා .

:       0       3

ravin Monday, 12 June 2023 02:57 PM

මෙම කියන කාරණා ඇත්තක් නම් මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයට ලබාතිබෙන හෙනහුරා ගැන තව කුමන කතාද?

:       0       10

Dion Tuesday, 13 June 2023 02:22 PM

අපො ඔය මිනිහ හොරා කාල තට්ටු ගානක ගෙයක් හදනව.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 538 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 271 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site