(නිමන්ති රණසිංහ)
අධිකරණ නියෝග නොතකමින් ගාලු මුවදොර බණ්ඩාරනායක පිළිරූව ඉදිරිපිට රැඳී සිටියදී කොටුව පොලිසිය අත්අඩංගුවට ගත් අරගලකරුවන් සිව් දෙනකු ලබන 29 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අද 26 නියෝග කළේය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ ගල්කිරියාගම, පදිංචි කෝරලේ වල්පිටගේ ඒකනායක සරත් ධර්මසේනගේ රෝහණ කුමාර, කොළඹ 07 පදිංචි රණසිංහ ආරච්චිගේ චානක මධුශංක, ගම්පහ පදිංචි චන්දාදාස ඩික්සන්, කොළඹ 09 පදිංචි මොහොමඩ් සහරාන් සුම්රි යන අයවළුන් ය.
ගාලු මුවදොර පිහිටි බණ්ඩාරනායක පිළිරුව අබියස සිට මීටර 50ක් ඇතුලත රැඳී සිටීම තහනම් කරමින් නියෝගයක් කොළඹ කොටුව අධිකරණය මගින් නිකුත් කර තිබුණේ ඉකුත් (20) වැනිදාය. අධිකරණය එම නියෝගය නිකුත් කරනු ලැබුවේ කොටුව පොලිසිය අධිකරණයෙන් කළ ඉල්ලීමක් ප්‍රකාරව ය.
ඒ අනුව අධිකරණ නියෝග නොතකමින් එම ස්ථානයේ රැඳී සිටි අරගලකරුවන් සිව්දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ ඉකුත් 24 වෙනිදා ය.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
අධිකරණ නියෝග කඩා ගාලුමුවදොර රැදී සිටි හතර දෙනා රිමාන්ඩ්
Lelwala Wednesday, 27 July 2022 07:30 AM
දැන් තමයි රටේ නීතිය ස්ථාපිත වෙන්න යන්නේ...
sharm warn Wednesday, 27 July 2022 11:15 AM
නීතියෙන් සුරකින්න ඔන පිලිමයක් ද නැතිනම් ජානතාවද? පිලිමයකට හානි කරන්න ඉඩ තියෙනව කිව්වම අදිකරණයට පහල වෙන වේදනාව මිනිස්සු පොලිම් වල මරෙනව කියද්දි නොදැනෙන්නෙ . . අදිකරනයටත් රනිල් ගෙ ලෙඩෙ හදිල ද?
BamunuarachchiWednesday, 27 July 2022 05:20 PM
පණපිටින් ඉන්න කෙනෙකුට හානි කලත් පිළිමයකට හානි කරන්න දෙන්න බැහැ. විශේෂයෙන් බණ්ඩාරනායක පිළිරුවට...