
(රන්ජන් කටුගම්පොල)
ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය මගින් ලබා දුන් නියෝගයක් ,ප්‍රවෘත්ති සාකච්ඡාවකදී විවේචනය කිරීම මගින් සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අධිකරණයට අපහාස සිදුකර ඇති බැවින් ඒ සම්බන්ධයෙන් විභාගයක් පවත්වා සුදුසු දඬුවම් නියම කරන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සමක විභාගය අවසන් කළ අභියාචනාධිකරණය අදාල චෝදනා වලින් ඇයව නිදහස් කිරීමට අද තීරණය කළේය.
තමා විසින් සිදු කරන ලද එම ප්‍රකාශය ඉල්ලා අස්කර ගැනීමට සහ මින් ඉදිරියට එවැනි කිසිදු ප්‍රකාශයක් සිදු නොකරන බවට සිය නීතීඥවරයා මගින් ඇය අධිකරණය හමුවේ දුන් පොරොන්දුව ලබා දුන් සලකා බැලීමෙන් පසු ව මෙසේ හිටපු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය නිදහස් කිරීමට අභියාචනාධිකරණය තීරණය කෙරිණි.
අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා සහ අභියාචනාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පැමිණිල්ල සලකා බැලීණි.
අධිකරණය විසින් මීට පෙර නිකුත් කළ නොතීසියකට අනුව විත්තිකාර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය එම අවස්ථාවේදී අධිකරණය හමුවේ පෙනී සිටියාය.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නිශාන් ප්‍රේමතිරත්න මහතා දන්වා සිටියේ තමා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අධිකරණයට පොරොන්දුවක් ලබා දී එය සමථයකට පත් කර ගැනීමට විත්තිකාරිය සූදානම් බවට ඇයගේ නීතිඥවරයා විසින් තමන්ට දැනුම් දුන් බවය.
ඒ සම්බන්ධයෙන් තමාගේ විරුද්ධත්වයක් නොමැති බවද ඒ අනුව මෙම පෙත්සම විභාගය අවසන් කළ හැකි බවද නීතිඥවරයා වැඩි දුරටත් කියා සිටියේ ය.
විත්තිකාර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆර්මාන් කසීම් මහතා එහිදී සඳහන් කළේ ගල්කිස්ස මහාධිකරණය විභාග වූ නඩුවක් සම්බන්ධයෙන් සිය සේවාදායිකාව විසින් සිදුකරන ලද ප්‍රකාශය ඉල්ලා අස්කර ගැනීමට ඇය සූදානම් බවය.
එසේම එම නඩුව සම්බන්ධයෙන් කිසිදු ප්‍රකාශයක් මින් ඉදිරියට සිදු නොකිරීමට පොරොන්දුවක් ලබා දෙන බවද ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේය.
ඒ අනුව හිරුණි ප්‍රේමචන්ද්‍ර මහත්මිය අධිකරණය ලබාදුන් පොරොන්දුව සැලකිල්ලට ගත් විනිසුරු මඩුල්ල මෙම පෙත්සම් විභාගය අවසන් කිරීමට තීරණය කළේය .
2025 දෙසැම්බර් මස 18
620
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
302
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1100
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අධිකරණ අපහාස නඩුවෙන් හිරුණිකා නිදහස්
ගමේ එකාලා Wednesday, 04 December 2024 04:52 PM
වෙන කේස් තියෙනවා.
විපරමා Wednesday, 04 December 2024 05:53 PM
ගරු විනිසුරු දෙපළ මානුෂිකව කල්පනා කර කටයුතු කිරීම සම්බන්ධයෙන් අපේ ප්‍රණාමය...
රුවන් Thursday, 05 December 2024 09:08 AM
නිතී උපාධිය ගත්තා කියන එකත් ප්‍රශ්නයක් මට නම්.