IMG-LOGO

‘අධිකරණයට සමච්චල් එපා’

අධිකරණයේ වැදගත් තනතුරු පිරවීමේදී රාජපක්ෂ පාලනය හිතා මතාම අධිකරණය සමච්චලයට හා බෙලහීනත්වයට පත් කරන බව පෙනී යතියි එක්සත් ජාතික පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

සුදුසුකම් සහිත පුද්ගලයින්  නොතකා සාමාන්‍ය නීතීඥයකු වන ප්‍රියන්ත ජයවර්ධන මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට පත් කිරීම ආසන්නතම උදාහරණය බව එම පක්ෂය කියයි.



අදහස් (0)

‘අධිකරණයට සමච්චල් එපා’

ලුම්බිණි Wednesday, 07 May 2014 06:54 AM

ඇත්තටම අධිකරණයේ ස්වාධීනත්වය යනු කුමක්ද? (නි)

:       0       0

සහන් Wednesday, 07 May 2014 07:13 AM

කවුරු කළත් අධිකරණය සමච්චලයයට ලක්කිරීම නීතියේ ආධිපත්‍යය හෑල්ලු කිරීමක්. පසුව ජනතාව අධිකරණය ගැන විස්වාසය අතහැරලා එකිනෙකා ප්‍රශ්න විසඳන්න බලාවි. එය ඉතාමත් භයානක තත්ත්වයක්. පසුගිය දිනවල මෙවැනි සිදුවීම් ගණනාවක්ම අපි දැක්කා. (නි)

:       0       0

මාලක Wednesday, 07 May 2014 07:46 AM

ඒසී කාමරවල ඉඳගෙන සමහරු විභාග ලියනකොට ඔහොම තමා (නි)

:       0       0

ප්‍රවීන් Tuesday, 06 May 2014 07:57 PM

ඒක ඇත්ත. අධිකරණයකට සමච්චල් අවශ්‍ය නැහැ (නි)

:       0       0

නිශාර්ඩ් ප්‍රීනා Wednesday, 07 May 2014 09:15 AM

අධිකරණය සහ සාධාරණය බලාපොරොත්තු වන සාමාන්‍ය ජනතාව වැඩි වශයෙන්ම සමච්චලයට ලක්කරන්නේ එහි නඩු වෙනුවෙන් පෙනී සිටින නීතිඥ මහතුන් විසිනි. (නදී)

:       0       0

උඩුරාවණ Wednesday, 07 May 2014 09:18 AM

මොකක්ද මේ අධිකරණයට කරලා තියෙන සමච්චලය.? ඒක කිසිම කෙනෙක් කතා කරන්නේ නැත්තේ නො දන්නාකම නිසාද.? මම දන්නා තරමට නම් අධිකරණයට කිසිම සමච්චලයක් සිදුවෙලා නැහැ. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඇබෑර්තු තුනකින් එකක් පිරවීමට කටයුතු කර තිබෙනවා. ඉතින් එහි තිබෙන අයෝග්‍යතාවය කුමක්දැයි පැහැදිළි නැහැ. මෙහෙම දෙයක් මෑත අතීතයේදීත් සිදුඋනා. හිටපු අගවිනිසුරුතුමිය පත් කිරීමේදී මෙවැනිම විරෝධතා සමහර දේශපාලන පක්ෂ තුළින් මෙන්ම නීති අංශ තුළින්ද මතු වී නැති වී ගියා. විවිධ අංශ වලින් මේ සම්බන්ධව විවිධ මත පලවී තිබෙන අතර පත් කිරීමට යෝජිත විනිසුරු තුමාගේ සුදුසුකම් පිළිබඳව නීති සංගමය විසින් විමසිල්ලෙන් කටයුතු කරන බවත් පලවෙනවා. ඉදිරියේදී මෙහි නිවැරදි තීරණය ලැබෙනතුරු බලා ඉඳ කතා කිරීම ඉතා හොඳයි.(නදී)

:       0       0

දයා අළහකෝන් Tuesday, 06 May 2014 08:09 PM

ඕක තමයි ඉතින් මේ රටට වෙලා තියෙන්නේ. (නි)

:       0       0

නිශාන්ත Wednesday, 07 May 2014 09:19 AM

සමහරවෙලාවට අධිකරණයම අධිකරණය සමච්චල් කරගන්න අවස්ථාත් තියනවා. එකම වරදට අධිකරණ දෙකකදී තීන්දු දඩුවම් දෙකක්.(නදී)

:       0       0

මධුභාෂිනී Wednesday, 07 May 2014 09:30 AM

සහන්. නීතියේ ආධිපත්‍යයක් නැහැ. එක් අතකින් තරාදියත් අනෙක් අතින් කඩුවකුත් ගත් දෙනෙත් බැඳී කාන්තාවක ලෙසින් සංකේතවත් කරන නිතිය අපක්ෂපාතිය. සාධාරණය.(නදී)

:       0       0

අල්විස් Tuesday, 06 May 2014 08:29 PM

හිටපු අගවිනිසුරුතුමිය සම්බන්ධයෙන්ද මෙවැනිම විරෝධතා ආවා මතකයි නේද? (නි)

:       0       0

සත්‍යපාල Wednesday, 07 May 2014 09:55 AM

අධිකරණය හෑල්ලුවට ලක්කිරීම පසුගිය කාලෙම සිදු උනු දෙයක්. ඒක පටන්ගන්නේ ජේ.ආර්. ජයවර්ධන කාලේ නඩුකාරයන්ගේ ගෙවල් වලට ගල්ගහලා. ඊට පස්සේ අගවිනිසුරු නෙවිල් සමරකෝන්ට එරෙහිව විශ්වස බංග යෝජනාවක් ගෙනාවා. අද රාජපක්ෂ කාලේ අගවිනිසුරු සරත් නන්ද සිල්වාව පන්න ගත්ත ශිරාණි බණ්ඩාරනායකට විරුද්දව විශ්වාස බංග යෝජනාවක් ගෙනෙල්ලා විශ්‍රාම ගිය නීතිඥයෙක් අගවිනිසුරු කලා. අද සාමාන්‍ය නීතිඥයෙක් මහාධිකරණයට පත්කරනවා. හැබැයි මේ දෙන්නම නීතිඥයන්.(නදී)

:       0       0

ඉසුරන්දි Wednesday, 07 May 2014 09:58 AM

පහුගිය කාලේ සිදුවන දේවල් දිහා බැලුවම කොහොමත් දැන් සේරම කෙරුවාවල් බලයට යටයි.(නදී);

:       0       0

හේමාල් Tuesday, 06 May 2014 09:04 PM

අනේ මෙහෙමත් දේවල්? (නි)

:       0       0

රොෂාන් ප්‍රනාන්දු Wednesday, 07 May 2014 12:38 AM

හැම තැනම ලොකු තනතුරු වල ඉන්නේ නුසුදුස්සෝ.එකයි හැම වැඩක්ම අවුල් වෙන්නේ. (ස)

:       0       0

නන්ද Wednesday, 07 May 2014 01:49 AM

ප්‍රජාතන්ත්‍රවාදයේ වැදගත්ම අංගයක් අධිකරණයේ ස්වාධීනත්වය හා ඒ පිලිබඳ පොදුජනයා තුල පවත්නා විශ්වාසය. මෙහෙම ගියොත් අපේ රටට කුමකින් කුමක් වෙයිද කියා හිතා ගන්න බැහැ.(ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 94 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 490 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 255 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

Our Group Site