IMG-LOGO

2025 සැප්තැම්බර් මස 15 වන සඳුදා


අද 12 ට කලින් නාවොත් හැමෝම ගෙදර

(අංජුල මහික වීරරත්න)

අද(10) දවල් 12 පෙර අදාල දුම්රිය ස්ථානයට හෝ ආසන්නතම දුම්රිය ස්ථානයට සියලුම දුම්රිය ස්ථානාධිපතිවරුන් සහ දුම්රිය පාලකවරුන් වාර්තා කළ යුතු බව දුම්රිය සාමාන්‍යාධිකාරී එස්.එස් .මුදලිගේ මහතා පවසයි.

එම නියෝගය පිළිපදින්නේ නැති සියලුම දුම්රිය ස්ථානාධිපතිවරුන් සහ දුම්රිය පාලකවරුන් සේවය හැර ගියා සේ සලකන බවද සියලුම දුම්රිය ස්ථානාධිපතිවරුන් සහ දුම්රිය පාලකවරුන් වෙත අවසාන නිවේදනයක් නිකුත් කරමින් මුදලිගේ  මහතා සඳහන් කරයි.



අදහස් (19)

අද 12 ට කලින් නාවොත් හැමෝම ගෙදර

ජයනාත් Wednesday, 10 July 2024 10:55 AM

දැන් එතකොට සේරම ඉවත් කරලා අලුතින් සේවයට බඳවාගෙන ආපහු කෝච්චි වැඩ කරන්න පටන් ගන්න කොච්චර කල් යනවාද...? ප්‍රායෝගික නොවන උත්තර...

:       47       34

pakeer Wednesday, 10 July 2024 11:04 AM

පුළුව්න නම් දෙගොල්ලොම කරලා පෙන්නපල්ලා බලන්න

:       35       31

Prabath Wednesday, 10 July 2024 11:06 AM

අන්න හරි ඕක තමයි ඔය ස්ට්‍රයික් කරන අයට කරන්න තියෙන්නේ. අලුතින් එන්න ඕන තරම් අය ඉන්නවා. මහජනතාවට ටිකක් අපහසු වෙයි ඔවුන් පුරුදු කරලා ගන්නකල් ඔක්කොම යවලා සියලුම සංගම් අහෝසි කරලා අවුරුදු 5 කට රට සංවර්ධනය කරන්න හොරාකන්නේ නැතුව

:       18       89

Thusitha Wednesday, 10 July 2024 11:13 AM

නියමයි ගෙදර යවන්ඩ ඕනෑ

:       16       92

අරවින්ද මොනරවිල Wednesday, 10 July 2024 11:15 AM

රස්සාවක් නැතිව ජනාධිපති ලේකම් කාර්යාලයේ රස්තියාදු වෙන සාගල, රංගේ, අකිල, ආශු හා වජිරට පාර්ට් ටයිම් ජොබ් ලැබෙයි අද දහවල් 12 න් පස්සේ, දුම්රිය පාලක හා දුම්රිය ස්ථානාධිපති තනතුර වලට. අනේ මෙහෙම පාලකයෝ.

:       64       39

PGp Thilak Wednesday, 10 July 2024 11:38 AM

රජයේ සේවකයින් කියලා ඉන්න කාලකන්නි මාෆියාවට බිය නොවී පුරවැසියන් වෙනුවෙන් නිර්භීතව පෙනී සිටියොත් රනිල්ට ජනපති ඡන්දයෙන් අනිවාර්යයෙන්ම.ජය ගනීවි.

:       36       133

jagath liyanage Wednesday, 10 July 2024 11:44 AM

බය කරනවා නේද ?

:       17       26

Mahesh Wednesday, 10 July 2024 11:45 AM

ඉතාමත්ම අගය කරනවා, මේවගේ තීරණ ගැනීම අනිත් සියලුම ආයතන වලත් මේවගේ කෙලින් තීරණ ගන්න ඕනි

:       16       115

පුරවැසියා Wednesday, 10 July 2024 11:46 AM

තව මාස තුනකින් ගෙදර යන්න ඉන්න එකෙක් කොහොමද අනෙක් අයට ගෙදර යන්න කියන්නේ

:       92       47

සත්‍යා Wednesday, 10 July 2024 11:51 AM

ගෝටා ගෙන් රට අපේක්ෂා කළේ ද මෙවැනි කෙලින් තීරණ ගැනීමයි. නමුත් ඔහු ලොවෙත් නැති සුපිරි ප්‍රජාතන්ත්‍රවාදියෙකු වීමට කටයුතු කල නිසා රටේ එම බලාපොරොත්තු සුන් විය. ඔහුගේ අනුප්‍රාප්තිකයා වශයෙන් දැන් කටයුතු කරන අරගලයන්ගේ නිර්මාණයක් වන රනිල් මහතා හෝ එම කටයුත්ත මැනවින් ඉටු කිරීම සතුටට කරුණකි.

:       30       111

Lakruwan Wednesday, 10 July 2024 11:53 AM

අනිවාර්යයෙන් කරන්න ඕනේ.හැමදාම තමන්ගේ ඉල්ලීම් දිනාගන්න එක ගැන විතරයි හිතන්නේ .මහ ජනතාව හැමදාම අතරමන් කරනවා .රට හරි මාවතකට යන්න නම් නීතිය කාටත් පොදු ලෙස ක්‍රියාත්මක වෙන්න ඕනේ

:       17       100

Janindu Perera Wednesday, 10 July 2024 12:28 PM

හැමදාම ස්ට්‍රයික් වෙලාවට අවසන් නිවේදනය දෙනවා. කිසි එක්කෙනෙක් ගනන් ගන්නෙ නෑ මේක. අවසන් නිවේදනත් බාල්දු වෙනවා ක්‍රියාවෙන් ඔප්පු කරන්න බැරුව මේ වගේ ලොරි ටෝක් දෙනකොට

:       64       35

නාමල් Wednesday, 10 July 2024 02:39 PM

ඒක හොඳයි. එජාපෙ කීදෙනෙක් නම් රස්සා නැතුව ඉන්නවද? මුලු පක්ෂයම දුවන්නේ එක ආසනේකුයි පිං ජනපති කමෙන් ලැබෙන ආදායමෙනුයි...

:       10       7

PATTA hora Wednesday, 10 July 2024 02:47 PM

තුවාල තියෙන එකයි වේදනාව දන්නේ. මේකේ කමෙන්ට් දාපු වැඩි හරියක් මොවුන්ගේ වැඩ වර්ජනයට හේතු දන්නේ නෑ, දැනගත්තත් ආත්මාර්ථකාමී බවින්, වෛරයෙන් ඒ දිහා බලනවා. නැතිනම් දේශපාලන කඩේ යෑම කරනවා. මොකද පිනා හිතන්නේ, සාගලටයි අනිත් පිම්පියන්ටයි, මේකෙ ලොරි ටෝක් දෙන අයටයි දුම්රිය ධාවනය කරන්ට පුළුවන් කියලා...

:       23       10

රාජ්්‍ සෙවකයා Wednesday, 10 July 2024 02:54 PM

හොඳ තීරණයක්. ජෙප්පො නම් කලබල වෙලා. ඕකුන්නේ ඔය යූනියන් අටවාගෙන මිනිස්සු අමාරුවේ දාන්නේ...!

:       11       30

annda Wednesday, 10 July 2024 03:11 PM

මෙම වැඩ වර්ජනය පසූ පස ඉන්නේ ජෙප්පෝ... වර්ජක මහ අයව එලෝලා දාන්න ඕනෑ අනිත් අයට පාඩමක් හැටියට...

:       10       23

pakeer Wednesday, 10 July 2024 04:19 PM

වැඩේ කියන්නේ දුම්රිය සේවකයන්ට බනින අය අතරේ ගුරුවරුයි, රෝහල් සේවකයෝත් ඉන්නවා. මොවුන් තමයි මිනිස්සු...

:       2       1

NARTH Wednesday, 10 July 2024 04:31 PM

ෙහාඳ තීරණයක්... දුම්රිය ෙදපාර්තෙම්න්තුව රටට සාපයක්...!!!

:       0       7

Upali Wednesday, 10 July 2024 05:29 PM

දුරදක්නා නුවණක් තිබුණු සිරිමාවෝ මැතිණියගේ ආණ්ඩුව යටතේ මුදල් ඇමැතිවරයා වුණේ එවැනි නුවණක් තිබුණා ඇන් .ඇම් ඇමැතිවරයා එම ආණ්ඩුව අනාගතයේ රටේ පාලනය කළ නොහැකි දුම්රිය සේවකයින් සිටීවි කියලා අනුමානයක් නිසා මුලින්ම කැළනි වැලි දුම්රිය මාර්ගය වසා දැම්මා. 1977 වර්ෂයේ ආණ්ඩුව පැරදුනේ නැත්නම් තවත් මාර්ග කීපයක් වසන්න හැකියාව තිබුණා... අපරාදේ 1977 ආණ්ඩුව වෙනස්වුනේ කියලා දැන් හිතෙනවා. ඒ අතරේ මහින්ද මහත්තයා අගය කරන්න ඕනෑ... මොකද එතුමා දුම්රිය මාර්ග නොහදා අධිවේගී මාර්ග ඇතිකිරීම ගැන සැහැල්ලු දුම්රිය මාර්ගය ඉදිකිරීමට නොදුන් හිටපු ජනාධිපතිටත් ප්‍රසංසා කරන්න ඕනෑ.

:       1       4

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 22971 19

’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18115 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10848 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 550 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 167 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 828 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site