IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


අද රෑ කාලගුණේ එන හැටි හොඳ නැතිලු

ගිගුරුම් සහිත තද වැසි ඇතිවුවහොත් අද රාත‍්‍රියේදී තද සුළං තත්ත්වයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඇතැම් විට අහස වළාකුලින් බරව පැවතීම නිසා වේගවත් යටි සුළං ධාරාවන් වර්ධනය වි පැයට කිලෝමීටර් 80 පමණ වේගවත් තද සුළං ඇතිවිය හැකි අතර ටොනාඩෝ තත්ත්වයන් ද වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ප‍්‍රකාශකයෙක් පැවසීය.

ගොඩබිම මෙන්ම මුහුදු ප‍්‍රදේශවලද තද සුළං ඇතිවිය හැකි බැවින් ධීවර හා නාවික කටයුතුවලදීද අවධානයෙන් කටයුතු කළ යුතු බව එම ප‍්‍රකාශකවරයා ස`දහන් කළේය.

මීට අමතරව අකුණු අනතුරුද ඇති විය හැකි බැවින් අනතුරු වළක්වාගැනීමට කටයුතු කරන ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දීමක් කරයි.

මේ අතර අද සවස ඇතිවූ ධාරානිපාත වැසි හේතුවෙන් කටුනායක බණ්ඩාරවත්ත ප්‍රදේශයට ටොනේඩෝ තත්ත්වයක් ඇතිවූ බව ප්‍රදේශවාසීහු කියති.

අයිස් වැස්සක්ද ඇතිව තිබූ අතර සුළං හේතුවෙන් නිවාස කිහිපයකට ද හානි සිදුව ඇතැයි කියති.



අදහස් (0)

අද රෑ කාලගුණේ එන හැටි හොඳ නැතිලු

සොපි Thursday, 25 February 2016 05:35 PM

දෙවියන් වහන්සේ අප සැම රකිත්වා ....! (නි)

:       0       0

අජිත් කරුණාරත්න Thursday, 25 February 2016 05:29 PM

පැවති සුළි කුණාටුව නිසා සියඹලාපේ හන්දිය, බණ්ඩාරවත්ත හන්දිය, වඩුවේගම තිබු විශාල කටවුට් පවා විනාශ වී තිබෙනවා. (නි)

:       0       0

ශ්‍රීමාලි Thursday, 25 February 2016 12:17 PM

ඔය වගේ අනාවැකි කියන්න කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවක් අපිට අවශ්‍යද? (නි)

:       0       0

ජනක Friday, 26 February 2016 02:17 AM

සොපි, ලංකාවේ මිනිසුන් සිද්ධකරන අපරාධ හැටියට, දෙවියෝ අප අතහැර ගොස් ගොඩාක් කල්. (නි)

:       0       0

කලණි විතානගේ Friday, 26 February 2016 04:50 PM

පමාවෙලා වැහපන් වැහි වලාවේ නො වැස්සොතින් අපි ඔක්කොම මුලාවේ. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 625 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 302 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1102 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site