IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


අද රාත්‍රියේ බඩු මිල අඩුවෙයි ?

අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල අඩු කිරීමේ ගැසට් නිවේදනය අද මධ්‍යම රාත්‍රියේ නිකුත්කිරිමට නියමිත බව පාරිභෝගික අධිකාරිය පවසයි. දේශීය කිරිපිටි, පරිප්පු, කරවල වර්ග කිහිපයක්, කඩල, හාල්මැස්සන් ඇතුළු භාණ්ඩ මිල අඩුකරන බව අයවැය යෝජනා මගින් ඉදිරිපත් කර තිබිනි.

පාරිභෝගික අධිකාරිය පවසන්නේ එම මිල අඩුකිරීම් නොවැම්බර් 24 දින සිට ක්‍රියාත්මක වන පරිදි ගැසට් නිවේදනය නිකුත් කරන බවයි. ගැසට් නිවේදනය නිකුත් කිරිමෙන් පසු වැඩි මිලට අදාල භාණ්ඩ අළෙවි කරන ව්‍යාපරික ස්ථාන වැටලීමට කටයුතු කරන බව ද පාරිභෝගික අධිකාරිය පවසයි.



අදහස් (0)

අද රාත්‍රියේ බඩු මිල අඩුවෙයි ?

කරුණාපාල Friday, 27 November 2015 08:57 AM

චන්දික මහත්තයෝ, මම කරවල හා පරිප්පු ගැන කියලා තිබුනේ මම ගැනම හිතලා හරිම සතුටින් තමයි. එ්ත්, ඔබතුමාලා වගේ අය ගැන හිතන කොට තමයි අර පුන්නක්කු මිල ගැන මතක් වෙලා මටත් පොඩි කණගාටුවක් ඇති වුනේ. කේ පෙරේරා මහත්මයට ඉතින් කිරිපිටි මිල අඩු කෙරුවට තරහා එන එක අතකට සාධාරණයි. ඕව එච්චර ගණන් ගන්න එපා මහත්තයෝ අපේ රටේ සම්ප්‍රදායික කිරි ගවයින්ටත් කවද හරි තැනක් එයි? (බ)

:       0       0

ඩිල්ෂාන් Friday, 27 November 2015 09:25 AM

හරියට හරි කරුණාපාල. මී හරකුන්ට ආහාර ඇරුනම වෙන දෙයක අගයක් නැහැනේ. කොටි නිදහස් කළත් කරවල අඩු කළානම් උන්ටික සතුටින්. (බ)

:       0       0

භද්‍රානි Friday, 27 November 2015 10:08 AM

කරුණාපාල වගේ අයට මොන සහන දුන්නත් අඩුවක් තමයි දකින්නේ...පහුගිය ගෙවුන මාස 11 තුල වැඩි වුණ වැටුප් සහ අඩු වුණ අාහාර මිල ගැන මතක නැහැ වගෙයි. (ම)

:       0       0

සේනක Friday, 27 November 2015 12:28 AM

මේ සුළු බඩු මිල අඩුවීම් කිසිසේත්ම ප්‍රමාණවත් නැහැ. සැළකියයුතු ලෙස බඩු මිල පහත නොදැම්මොත් අපිත් නිශ්ශබ්දව නම් ඉන්නේ නැහැ. ජයසිරි මහත්තයෝ, "අයවැය බඩුමිල අඩුකරන ලේඛනයක් නොවේ"නම් අයවැය තියෙන්නේ බඩු මිල වැඩිකරන්න විතරද? නොදන්නා දේ නොකියා ඉන්න. (නි)

:       0       0

රෝහණ Friday, 27 November 2015 02:10 AM

නියමයිනේ! (නි)

:       0       0

ලසන්ත Friday, 27 November 2015 02:29 AM

සතුටුදායක ආරංචියක් (නි)

:       0       0

බටගල Friday, 27 November 2015 02:42 AM

මෙතෙක් පැවති කිසිම ආණ්ඩුවකින් පාරිභෝගිකයා ආරක්ෂාකළේ නැහැ. මේ පාරත් ඒ ටිකම වේවි. බඩු මිල පාලනය කිරීමට නීති දමන ගමන් ඒ සඳහා අවශ්‍ය පරිපාලන සහ ආර්ථික විද්‍යාත්මක ක්‍රමවේද ගැන බැලීමක් කළයුතු වෙනවා. (නි)

:       0       0

මනෝජ් Friday, 27 November 2015 03:05 AM

මහින්ද මැතිතුමාගේ කාලේ නම් බඩු මිල ගොඩාක් අඩුයි. ජනතාවගේ පොකට්ටුවේ හැම වෙලාවේම සල්ලි (නි)

:       0       0

චන්දික Friday, 27 November 2015 03:19 AM

කරුණාපාල වගේ හැමදෙයම නරකට දකින අය ඉන්නතුරු රටක් දියුණු වෙයිද? (නි)

:       0       0

ඩිලාන් Friday, 27 November 2015 03:35 AM

යහපාලනයට දුන්නේ වෙනසක් බලාපොරොත්තුවෙන්. අත්‍යවශ්‍යම දේවල් කියන්නේ කරවල, පරිප්පු විතරද? මිනිසුන්ගේ අත්‍යවශ්‍ය දේ තමයි, හැමදම මිනිස්සු කන "බත්". ඒකනිසා හාල් වල මිල අඩුකරන්න. මහජනතාවගේ කතිරය ප්‍රබලයි. අහිංසක මහජනතාව රවටන්නේ නැතුව හාල්, පොල්, සීනි,පොල්තෙල්, එළවලු මිල ගණන්, තෙල්, සබන්, වගේ මිනිසුන්ගේ එදිනෙදා පරිභෝජනයට අවශ්‍ය දේවල් වල මිලත් අඩුකරන්න (නි)

:       0       0

උපුල් Friday, 27 November 2015 04:21 AM

බඩු මිල අඩුවුයේ නම් ආපන ශාලා හිමියන් ආහාර වල මිල ගණන් වැඩිකරන්නේ ඇයි? (නි)

:       0       0

කේ. පෙරේරා Friday, 27 November 2015 04:36 AM

කරුණාපාලට පුන්නක්කුම තමා කවන්න ඕනෑ (නි)

:       0       0

දුමින්ද Friday, 27 November 2015 07:18 AM

සහල් මිල අඩුකරන්න ගොවියාගෙන් ගන්න මිල අඩු කරන්න වෙනවා. වී කිලෝ 1 ක් 50 ට අරගෙන සහල් කිලෝව 50 ට දෙන්න බැහැනේ. (නි)

:       0       0

කරුණාපාල Thursday, 26 November 2015 03:43 PM

නියමයි! දැන් අපිට හැමදාම කරවලයි පරිප්පුයි කකා හරිම සතුටින් ඉන්න පුලුවන්. අපරාදේ! අපි ගොඩක්ම බලපොරොත්තුවෙලා හිටියේ පුන්නක්කු වල මිලත් අඩුවෙයි කියලයි (නි)

:       0       0

විකුම් Thursday, 26 November 2015 03:44 PM

ඇත්තටම බඩු මිල අඩු වෙන්නේ කවදාද බලමු. දැනටනම් කොහෙවත් ඔය කියන මිලට වැඩියෙන් මිසක් අඩුවෙන් කිසිම බඩුවක් නැහැ. (නි)

:       0       0

ධම්මි Thursday, 26 November 2015 04:27 PM

24,25,26 මේ බඩුවලට වැඩිපුර ගෙවාපු සල්ලි ඉල්ලගන්නෙ රනිල්ගෙන්ද මෛත්‍රීපාලගෙන්ද (අ)

:       0       0

ජයසිරි Thursday, 26 November 2015 05:02 PM

මේ මිල අඩුවීම් වලදී අඳ ,ගොළු, බිහිරි, වෙළෙන්දෝ මට්ටුකරන්න ඔහොම පාලනය නොකර බැහැ .ජන.8 නව පාලනය දුන් ජනතා සහන වූ ගැස්,පිටි,මිල අඩුකිරීමේ වාසිය පාරිභෝගිකයාට ලබා දුන්නේ කොයි වෙළෙන්දාද..?,අවන්හල් හිමියාද.? අන්තිමේ දී තේ එකටයි 10/= සිට කිරි තේ 25/= ,ආප්පය යි රු.10/- දක්වා පාලන මිල ගැසට් කරන්නම වුනානේ ..! කෙසේ වෙතත් අය වැය බඩුමිල අඩුකරන ලේඛනයක් නම් නොවේ. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 499 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1055 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site