IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


අද උද්ඝෝෂණයට ළිහිල් වාරණයක්

පසුගිය බ්‍රහස්පතින්දා කොළඹ වෝඩ් පෙදෙසේදී එච්එන්ඩීඒ සිසුන්ට පහරදීමට විරෝධය පළ කරමින් හා මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව සරසවි සිසුන් 7000 ක් පමණ ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ සිට අද අරඹන්නට නියමිත උද්ඝෝෂණයේ දී පාර්ලිමේන්තු පිවිසුම් මාර්ග සහ සෙසු මාර්ග අවහිර නොකරන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය.

උද්ඝෝෂණය සඳහා පැමිණි සිසුහු සරසවිය අසල රැස්ව සිටිති.

මේ අතර පහරදීම සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමට කළ පැමිණිල්ල විභාගය සඳහා අද එච්එන්ඩීඒ සිසුන් හා වැඩබලන පොලිස්පති පූජිත් ජයසුන්දර ඇතුළු පිරිස එහි ගියහ.

Hrc_2015113C0192 Hrc_2015113C0193 Hrc_2015113C0194 Hrc_2015113C0195 Hrc_2015113C0196



අදහස් (0)

අද උද්ඝෝෂණයට ළිහිල් වාරණයක්

නදීරා Tuesday, 03 November 2015 07:20 AM

අදත් මිනිසුන්ගේ වටිනා කාලය කන්න හදන්නේ. මොවුන්ට හිතෙන්නේ නැති හැටි කාටවත් කරදරයක් නොවී තමන්ගේ වැඩේ කරගන්න. (නි)

:       0       0

සමන් Tuesday, 03 November 2015 07:24 AM

මේ ළමයින්ගේ වැඩ නිසා අපිටත් ලැජ්ජයි (නි)

:       0       0

කමනි Tuesday, 03 November 2015 07:33 AM

මහ පාරේ හිරවෙලා පැය ගණන් රස්තියාදු වෙනකොට මිනිස්සු බනින්නේ මේ ළමයින්ට. කොච්චර උසස් අධ්‍යාපනය ලැබුවත් ඒක තේරුම් ගන්නේ නැහැ. ඔය වාරණ නියෝග ගන්න තිබුනේ කලින්මයි. එහෙම වුණා නම් කලින් ඇතිවූ ප්‍රශ්නයත් ඇති නොවෙන්න තිබුනා. (නි)

:       0       0

ඉසුරන්දි Tuesday, 03 November 2015 07:37 AM

උද්ගෝෂණ කරන්න කරන්න මර්දන වේගයත් වැඩියි. මර්දන වේගය අඩුවෙන්න අඩුවෙන්න උද්ගෝෂණ වේගයත් වැඩියි. (බ)

:       0       0

චන්දිමාල් Tuesday, 03 November 2015 08:01 AM

මිනිසුනේ, මේ ළමයි පාරේ මෙහෙම කෑගහන්නේ නුඹලාගේ දරුවන්ගේ අනාගතය විනාශවෙන එක වළක්වාගන්න. (නි)

:       0       0

හේමන්ත Tuesday, 03 November 2015 08:13 AM

චන්දිමාල්, මේ කෑගැහිල්ලෙන් අපේ ළමයින්ගේ නෙමෙයි, අපේ අනාගතයයි විනාශවෙන්නේ (නි)

:       0       0

සමර Tuesday, 03 November 2015 08:19 AM

චන්දිමාල්, මට හරි කනගාටුයි, ඩිප්ලෝමාවක් උපාධියකට සමාන කරන්න ඉල්ලන එකම රට ලංකාවයි. වෛද්‍ය උපාධියට විතරක් ඇයි මෙහෙම නීතියක්. ඇයි ඉංජිනේරුවන්ට පුළුවන් නම් පුද්ගලිකව ඉගෙන ගන්න එතකොට නිදහස් අධ්‍යාපනය නැති වෙන්නේ නැතිද? රට ගිහිල්ල ඉගෙන ගෙන ආවහම නිදහස් අධ්‍යාපනය නැති වෙන්නේ නැතිද? පෙරටුගාමියෝ තමයි මේ පිටිපස්සේ ඉන්නේ !!! (ස)

:       0       0

සමීර Tuesday, 03 November 2015 08:23 AM

චන්දිමාල් මහත්මය මෙතන ඉන්න අය බොහෝදෙනෙක් හිතාගෙන් ඉන්නේ මේ ළමයි වැරදි ආණ්ඩුව හරි කියල. මේගොල්ලන්ට හරි වැරැද්ද තේරන දවසට වෙන්න ඕන ඔක්කොම වෙලා ඉවරයි. (ස)

:       0       0

සෙනරත් Tuesday, 03 November 2015 08:33 AM

චන්දිමාල් කියන දෙය ඇත්ත. (හේ)

:       0       0

සාගර Tuesday, 03 November 2015 08:47 AM

පාලකයින් ජනතාවට අධ්‍යාපනය ලබදීමට උනන්දුවන්නේ නැත. උගතුන්ගේ ප්‍රශ්නවලට පිලිතුරු දීමට තරම් උගත්කමක් පාලකයින්ට නැත. (හේ)

:       0       0

නිශාන්ති Tuesday, 03 November 2015 08:46 AM

චන්දිමාල් මෙම ඩිප්ලෝමාව උපාධියට සම කරන්න ඕන මෙය වසර 4 පාඨමලාවක් ඒ වගේම න්‍යයාත්මක පමණක් නොව ප්‍රයෝගික පුහුණුවත් ලැබෙනවා මෙය ඉතාම සාධාරණ ඉල්ලීමක් මෙම පාඨමලාවේ අඩුකරන ලැබූ වසරත් නැවත එකතු කල යුතුයි. (අ)

:       0       0

නාමල් Tuesday, 03 November 2015 08:49 AM

මේ අය උද්ඝෝෂණය කරන්නේ කුහක අරමුනකට. ඒ තමන්ගේ අයිතියක් ආරක්ෂ කරාන්න නෙමේ මුදල් ගෙවා වෛද්‍ය උපාධිය සදහා ඉගෙන ගැනීමට ඇති අයිතිය (මුදලට උපාධිය ගන්නවා කීම වැරදියි, විභාග පාස්වෙන්නේ නැතිනම් පෞද්ගලික විශ්ව විද්‍යාල. මුදල්තිබ්බට උපාධිය දෙන්නෙ නෑ ) අහෝසි කිරීමට. (අ)

:       0       0

ඉන්ද්‍රා Tuesday, 03 November 2015 08:55 AM

ළමයි එළියට එනකොට මේකෙ ඉන්න මාධ්‍යවේදියෙක් කියනවා ඇහෙනවා "අපිව දැක්කම හරි සතුටු ඇති" කියල එහෙමනම් විශේෂයක් නැතුව ඇති ළමයින්ට. (අ)

:       0       0

අශාලි Tuesday, 03 November 2015 09:05 AM

සමීර ඔයාගේ අදහස නිවැරදි කරන්න ඕනි, මමත් එච් එන් ඩී. එ්. ඩිප්ලෝමා ලාභියෙක්, 1969 චක්‍ර ලේකයක් තිබුනා මේක වාණිජ වේදී විශේෂ උපාදියට සමානකරලා , දැන් පාට මාලාවේ කාලයත් අඩුකොට හැල්ලු කරලා (අ)

:       0       0

ඉසුරු කුමා Tuesday, 03 November 2015 09:21 AM

සමීර, වෙන්න දීලා බලන් හිටියොත් උසස් පෙළ කොච්චර හොදට පාස් උනත් දවසක සල්ලි දීලා කැම්පස් යන්න වෙයි. උනාට පස්සේ වෙනස් කරන්න බෑ. (ර)

:       0       0

කිංග්ස්ලි පෙරේරා Tuesday, 03 November 2015 09:27 AM

අද බිස්කට් දෙනවා කියලා හිතන්න එපා. (ර)

:       0       0

අමල් Tuesday, 03 November 2015 09:29 AM

ගෙදර නොයා. අදත් පාරේ ඉන්න වෙයි වගේ. (ර)

:       0       0

මදූ Tuesday, 03 November 2015 10:23 AM

උසස් පෙළ ඉහලින් සමත්වෙලා ලංකාවේ කැම්පස් එකක ඉගන ගත්ත කිසිම මනුස්සයෙක් මේ දරුවන්ගේ උත්සාහය වැරදි කියන්නේ නැහැ. නිදහස් අධ්‍යාපනයේ වටිනාකම තේරෙන්නේ ඒකෙන් උපරිම ප්‍රයෝජන ගත්ත මිනිස්සුන්ට විතරයි. ඉහලින් කොමෙන්ට් කරලා තියන අය ගැන බොහොම කණගාටුයි. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 477 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 252 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1049 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site