IMG-LOGO

2025 මැයි මස 10 වන සෙනසුරාදා


‘අද අපේ රට ගෝනුස්සන්ගෙන් පිරිලා. උන් දන්නේ හපා කන්න විතරයි‘

   (මුදිතා දයානන්ද)

  ‘තමන්ව බේරගත්ත හාමුරුවන්ගේ අත හපාකාන ගොනුස්සෙක් ගැන තරහින් කතා කළ හිමිනමක් අමතා සෙන් හාමුදුරු නමක් කියනවා මම මගේ වැඬේ කරනවා ගෝනුස්සා උගේ වැඬේ කරනවා.ඒ ගැන කළබල වෙන්න එපා කියලා.  අන්න ඒ වගේ වෙඬරුවේ උපාලි අනුනාහිමියනේ අද අපේ රට ගෝනුස්සන්ගෙන් පිරිලා. උන් දන්නේ හපා කන්න විතරයි. ඒ ගැන අපි කලබල විය යුතු නැහැ‘ යැයි ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ නියෝජ්‍ය මහා ලේඛකාධිකාරි ආචාර්ය වලේබොඩ ගුණසිරි නාහිමියෝ අද (24)  පැවසූහ.


      ගුණසිරි හිමියෝ මෙසේ පැවසුයේ උඩරට අමරපුර මහා නිකායේ අනුනායක පදවිය පිරිනැමූ නිකපොත චන්ද්‍රජෝති අනුනාහිමි වෙත සන්නස් පත‍්‍ර ප‍්‍රදානය කිරිමේ පුණ්‍යෝත්සවයේ පැවිදි අනුශාසනාවක් පවත්වමිනි. 


මෙහිදි තවදුරටත් අදහස් දැක්වු ගූනසිරි නාහිමියෝ මෙසේද පැවසූහ.


      ‘අපේ උපාලි අනුනාහිමියන්ට පහුගිය දිනවල මුහුණ දෙන්න සිදුවුණ දේවල් දිහා බැලූවාම මට පරණ සෙන් කතාවක් මතක් වෙනවා. එක අ වස්ථාවක සෙන් හාමුදුරුවෝ දිය කඩිත්තක් ළග සිටියදී ගෝනුස්සෙක් දියට වැටෙනව දැක්කා. උන්වහන්සේ මේ ගෝනුස්සා ගොඩට ගත්තා. ගොඩට ගත්ත තමන් ගෝනුස්සා හාමුදුරුවන්ගේ අත හපා කෑවා. එතකොටම අත ගැස්සීම නිසා ගොනුස්සා ආයෙත් දියට වැටුණා. මේ විදිහට අවස්ථා කීපයකදීම හාමුදුරුවෝ ගෝනුස්සාව ගොඩට ගන්නවා. ගෝනුස්සා හාමුදුරුවන්ගේ අත හපා කනවා. 


      මේක බලා හිටිය පොඩි හාමුදුරු නමක් අහනවා මොන මෝඩ වැඩක්ද මේ කරන්නේ. ඔය සතා අත හපාකනවා නේද කියලා. එතකොට අර සෙන් හාමුදුරුවෝ කියනවා මම මගේ වැඬේ කරනවා. ඌ උගේ වැඬේ කරනවා. කලබල වෙන්න එපා, කියලා. මේ රටෙත් ඉතිහාසය පුරා ඒ වගේ ගෝනුස්සෝ හිටියා. ඞී. එස්. සේනානායක මහතා ගොවිජනපද ඇති කරනකොට මිනිස්සු මැලේරියාව හදලා මරන්න හදනවා කිව්වා, අනගාරික ධර්මපාල තුමා ආගමික පුනරුදය ඇති කරන්නත් රට බේරාගන්නත් ජනතාව පුබුදුවන්න ගොනා මි හරකා වගේ වචන කිව්වාම එතුමාට පුලූවන්තරම් දොස් කිව්වා, පේ‍්‍රමදාස මහතා ගාමන්ට් ඇති කරනකොට සුද්දන්ට ජංගි මහන්න හදනවා කියලා කෑ ගැහුවා.


 එදා ඒක නොකලා නම් අද ආර්ථිකයට මොනවද තියෙන්නේ . මහින්ද රාජපක්ෂ මහතා තිස් අවුරුදු යුද්ධය ඉවර කළා. එතුමාටත් මේ රටෙ මොනවද නොකිව්වේ. නමුත් මේ කිසිවෙක් තමන්ගේ වගකීම ගෝනුස්සෝ නිසා අත්ඇරියේ නැහැ. ඒ නිසා ගෝනුස්සාගේ රාජකාරිය ගෝනුස්සාට කරන්න ඇරලා අපි අපේ වැඬේ කරමු.



අදහස් (30)

‘අද අපේ රට ගෝනුස්සන්ගෙන් පිරිලා. උන් දන්නේ හපා කන්න විතරයි‘

sirimal Sunday, 24 June 2018 01:11 PM

අනගාරික ධර්මපාල, ඞී. එස්. සේනානායක වගේ උත්තමයන් ශිෂ්ටාචාර ලෝකයම පිළිකුලෙන් යුතුව ඉවත් කරන හිට්ලර් වැනි අලුගොසුවෙකුට සමකරන්නේ කොහොමද අපේ හාමුදුරුවනේ? අනුන්ට බැන බැන ඔබ වහන්සේත් කරන්නේ මහින්ද රාජපක්ෂ පාර්ශවයට ආවැඩීමක් නේද? " හිට්ලර් කෙනෙක් වගේ හමුදා පාලනයක් ඇති කරලා හරි මේ රට හදන්න" කියන්නේ "දසරාජ ධර්මය" යොදාගෙන රාජ්‍ය පාලනය කිරීමක් නෙවේනේ. කවුරු කෙසේ කොහොම කිව්වත් මොන මොන අටුවා ටීකා ඉදිරිපත් කලත් මේ සියලුම වැඩ කටයුතු නිසා අදවනවිට අස්ගිරි මල්වතු උභය පාර්ශ්වය දේශපාලනිකව බෙදිලා තියෙන එකයි ඇත්ත කතාව අපේ හාමුදුරුවනේ. ඔය බෙදීම සංවිධානාත්මකව ආරම්භ කලේ මිට අවුරුදු පහ හයකට ඉස්සරයි. ඒ පාපය සිල්ලර කාරණයක් නෙවේ. අද වෙලා තියෙන්නේ ඒ බෙදීමේ කුටාප්රාප්තියයි.

:       969       1014

asoka depMonday, 25 June 2018 04:48 AM

අද වර්තමානයේ අපේ ගරු ස්වාමින්වහන්සේලා දේශපාලනික වෙලා. ඒකයි සත්‍ය ... අපි බෞද්ධයන්ට ධර්මයේම සරණයි.

:       14       127

BamunuarachchiMonday, 25 June 2018 05:16 AM

අපේ හාමුදුරුවනේ මේ ඔබවහන්සේගේ කතාවේ අරුත හෙරුම්ගන්න බැරි අය තවත්ඉන්නවා , කලබල වෙන්න එපා ඔබවහන්සේගේ පණිවිඩය තේරුම් ගත්ත වුන් ඔවුන්ගේ වැඩය කරාවි

:       334       422

Athula kMonday, 25 June 2018 08:44 AM

දස රාජ ධර්මය අද කාලෙට හරියන්නේ නැහැ. දැන් ඉන්න කෙනා වගේ කොන්ද නැති අයද හරියන්නේ...? අර්ථය තේරුම් ගන්න.

:       16       50

sirimalMonday, 25 June 2018 10:02 AM

කාටත් සාධාරණව කටයුතු කරන එකයි කොන්ද පණ නැති එකයි දෙකක්. හිට්ලර් වගේ මිනීමරු " ඍජු" නායකයෙක්ද අද ලංකාවට අවශ්‍ය වන්නේ ? එහෙම කෙනෙක් බලය ලබාගෙන සරත් ෆොන්සේකා වගේ කෙනෙක් යටතේ හමුදා පාලනයක් බිහිකලොත් වැඩේ හරියයිද? මේවා නිකන් දුකට කියන සීපද.

:       54       102

Sanath Sunday, 24 June 2018 01:15 PM

හාමුදුරුවෝ කරන්නෙත් ගෝනුස්ස කරන වඩේමයි. නිර්වාන මාර්ගය පාදගන්න උදව් කරන්නේ නැතුව ගෝනුසු මාර්ගය පෙන්නලා දෙනවා.

:       428       494

BamunuarachchiMonday, 25 June 2018 09:49 AM

මෙරටේ මිනිස්සු නිර්වාණයට තියා අපායටවත් බාරගන්නේ නැත. අපේ හාමුදුරුවනේ ගෝනුසු කතාව තේරුම් ගන්න බැරි පාටයි අර හෝහපුටු කතාවවත් කියන්න.

:       1       13

ධනුෂ්ක Sunday, 24 June 2018 03:00 PM

ඔබ වහන්සේගේ කතාව සහතිකයෙන්ම අැත්ත. එ්කේ තවත් පැත්තක් තියනවා. ගෝනුස්සට නිතරම ලැබෙන අතදෑකීම මත තමා එහෙම කරන්නේ.කෙනෙක් කලාතුරකින් බේරා ගත්තට හැම විටම ගෝනුස්සට වෙන්නේ කොසුපාර හෝ සෙරෙප්පු පාරක් වදින එක. හරියට අපේ රටේ ජනතාවට වගේ. රාජපක්ෂ මහතා රට බේරාගත්ත එකට අදාලව ගත්තොත්, සමහර විට මේ ගෝනුස්සා වතුරෙන් බේරා ගත්තට උෟව හිර කර තබා දස වද දී, ඔෞෂධ නිපදවීමට උගේ විෂ සාරයය ලබා ගන්න තබා ගත්තොත් උෟට හිතෙයි අපාරදේ වතුරෙ නොගියේ කියලා.නිදහස තමා සතාට මෙන්ම මිනිසාට වඩා වැදගත් වෙන්නේ. නිදහස උදෙසා තමා මිනිසුන් ජීවිතය දීලා,අනෙක් අයට හෝ නිදහස ලබා දීමට අවිගෙන හෝ නොගෙන සෑම තැනම සටන් කරන්නේ

:       317       183

රනසිංහ Sunday, 24 June 2018 03:58 PM

ඒක තමා ගෝනුස්සො විනාශ කරන්න හිට්ලර්ට පුළුවන්.කොහොමත් හිට්ලර් කියන්නෙ සමූල ඝාතකයෙක් අදටත් ලෝකයම ශාප කරන යක්ෂයෙක්.පිටරටවලුත් ඔය ගමනම් දැනුවත් කලානම් නේද හොද අපේ හාමුදුරුවනෙ අපි අලුත් හිටලර් කෙනෙක් හදන්න යන්නෙ කියල..ගොඩක් අය උදවු කරයි

:       790       412

MaheeMonday, 25 June 2018 02:33 AM

ඒක නම් ඇත්ත රණසිංහ, හිට්ලර හැම පැත්තෙන්ම උදවු අරන් අන්තිමට ඒ පක්ෂවල මිනිසුන්ව විනාශ කළා වගේදේවලුත් සිද්ද වෙන්න පුළුවන් කියන එකත් වදාළ නම් තමයි හොඳ.

:       125       12

Ajith Nissanka Sunday, 24 June 2018 04:18 PM

අපේ ජනතාව මේ ගෝනුස්සන්ව පාර්ලිමේන්තුවට යවලා කිසිම කලබලයක් නැතුව ඔය ශෝක් එකට ඉන්නේ!

:       15       184

Sunil Monday, 25 June 2018 03:29 AM

එක ජාතියේ කුරුල්ලො වහන්නෙ එක අත්තෙනෙ.

:       103       100

kalani Monday, 25 June 2018 04:19 AM

ගෝනුස්සන් වර්ග හතරක් හඳුනා ගෙන ඇති අතර උන් උෂ්ණ කලාපිය සහ කාන්තාර දේශගුණික ප්‍රදේශවල බහුලව දක්නට ලැබෙයි. දිවා කාලයේ පොළොවේ ගුල් තුල සැඟවී සිට රාත්‍රියේ ආහාර සොයා ඇවිදිති. ලංකාවේ දකින්නට ලැබෙන ගෝනුස්සන් උග්‍ර විෂ සහිත නැත. එහෙත් සතුරා අඩපණ කල හැකි විෂක් සහිතයි. නමුත් හිට්ලර් අනුගමනය කලේ සතුරා අඩපණ කිරීමක් නොව සමුලඝාතනය කර දැමීමයි. ජර්මනියෙන් ජපානයේ සෙන් ආගමෙන් උපමා රූපක ගෙන ඔබ වහන්සේලා දේශනා කරන්නේ ශිෂ්ට සම්පන්න ලෝකය පිළිකුලෙන් ප්‍රතික්ෂේප කල දෙවල්විම විමතියකි. වසර 2500ක් පමණ කාලයක් බුදු දහමින් හික්මුණු රජවරුන් යටතේ පාලන වූ ජනතාවකට හිට්ලර් කෙනෙක් අවශ්‍ය නැත, ධර්මාශෝක වැනි රජෙක් මිස කාලිංග මාඝ හෝ යසලාලකතිස්ස වැනි රජවරු අවශ්‍ය නැත.

:       219       153

MaheeMonday, 25 June 2018 08:08 AM

කලණි, ඔබ ඔහොම කිව්වට පුද්ගලයාට ගැලපෙන උපමාව කිව්වා වෙන්න බැරිද? කවුද දන්නේ උන්වහන්සේ අශෝක අධිරාජයාට වඩා හිට්ලර් ගැන හොඳට දන්නා හින්ද එහෙම කිව්වද කියලා.

:       101       2

BamunuarachchiMonday, 25 June 2018 10:00 AM

කොනක් පාදා දුන්නාම එය තේරුම් ගැනීමට බුද්දීමතාට පුළුවන.

:       10       10

BamunuarachchiMonday, 25 June 2018 10:12 AM

අද ප්‍රවෘත්ති විකාශනයට සවන් දුන්නානම් මාධ්‍යවේදීන් ඝෝඨාභය මහතාගෙන් මේ පිළිබඳව ප්‍රශ්න කළාම කීවේ හාමුදුරුවෝ... මගේ ගෙදරදී මට දීපු අනුශාසනාව අනික් මිනිස්සු තේරුම් අරන් තිබෙන විදිහ තමයි ඔය. ඒකත් හරියටම බන්දුල ගුණවර්ධනගේ 2500 කතාව වගේ...

:       1       129

padmini Monday, 25 June 2018 04:37 AM

ගිය නුවන ඇතුන් ලවා අද්දන්න බැහැ හාමුදුරුවනේ. ඒ කිව්වා කතාව සුළුපටු දෙයක් නෙවේ. ගෝඨා කියන්නේ හිට්ලර් වගේ එකෙක් කියලනේ කොටින්ම කිව්වේ. කපු කමේ යනවට හොද පාඩම.

:       215       140

Jayantha Monday, 25 June 2018 04:59 AM

ගෝනුස්සාගේ රාජකාරිය ගෝනුස්සාට කරන්න ඇරලා අපි අපේ වැඩේ කරමු.... අපේ හාමුදුරුවනේ!!!

:       3       0

Chanak Los angeles Monday, 25 June 2018 05:04 AM

බුදුන්ගේ දහම එකක් නම් ඇයි මේ සංඝයා නිකායවලට බෙදී ඉන්නේ? සංඝයාගේ මේ බෙදීමම බුදුදහමට අගෞරවයක් ..

:       143       69

BamunuarachchiMonday, 25 June 2018 09:55 AM

ඔය බෙදිල්ල සියලු ආගම්වල තිබෙනවා. ක්‍රිස්තු ධර්මය ක්‍රිස්තියානි කතෝලික කියා බෙදිලා, මුස්ලිම් ආගම ෂියා, සුන්නි කියලා බෙදිලා ධර්මය විකුණාගෙන කන්න ඔහොම බෙදාගන්නවා.

:       0       1

singapuli Monday, 25 June 2018 06:02 AM

මේ ප්‍රතිචාර දාලා තියෙන බොහෝ දෙනා ගෝනුස්සොනේ.

:       25       107

indika Monday, 25 June 2018 07:16 AM

අමනයන් ඉන්න රටක සංඝයාවහන්සේලගේ උපදෙස් තාර්කිකව සිතාබලා තේරුම්ගත නොහැකි බොහෝ අදබාලයෝ සිටිනවගත්. රට පිරිහෙන එක නොදැන එකතැන පල්වෙන හිට්ලර් පන්නයේ ලැජ්ජාවක් නැති අය රනිල් ට ආවඩන අයත් සිටීම ගැන අප පුදුම විය යුතු නැත.

:       156       363

kalani Monday, 25 June 2018 08:49 AM

ආර්ථික, සමාජීය, සංස්කෘතික පරිහානියට පත්ව ඇත්නම් එය නිවැරදි දිශානතියකට ගෙනයාමට දේශපාලන නායකත්වය ගත යුතුව ඇත්තේ හිට්ලර් කෙනෙක් නොව ඍජු නිවැරදි තීරණ ගන්නා පරිණත රාජ්‍ය තාන්ත්‍රිකයෙකි. ලෞකික හැඟීම්වලින් තොරව ලෝකෝත්තර දැකිමකින් යුත් යෝනිසෝමනසිකාරයෙන් කටයුතු කරන සංඝයා වහන්සේලාගේ උපදෙස් පිළිගැනීමට අප පසුබට වෙන්නේ නැත. එහෙත් අමනයන් සිටිනා රටකට එවැනි උපදෙස් අවශ්‍ය නැත.

:       21       0

kalani Monday, 25 June 2018 08:49 AM

රටක් ආර්ථික, සමාජීය, සංස්කෘතික පරිහානියට පත්ව ඇත්නම් එය නිවැරදි දිශානතියකට ගෙනයාමට දේශපාලන නායකත්වය ගත යුතුව ඇත්තේ හිට්ලර් කෙනෙක් නොව ඍජු නිවැරදි තීරණ ගන්නා පරිනත රාජ්‍ය තාන්ත්‍රිකයෙකි. ලෞකික හැඟීම්වලින් තොරව ලෝකෝත්තර දැකිමකින් යුත් සංඝයා වහන්සේලාගේ උපදෙස් පිළිගැනීමට අප පසුබට වෙන්නේ නැත. එහෙත් අමනයන් සිටිනා රටකට එවැනි උපදෙස් අවශ්‍ය නැත.

:       13       1

JS Monday, 25 June 2018 09:08 AM

ගෝනුස්සන් හපන්නේ නැත ,උන් වලිගය කෙලවර ඇති කටුවෙන් දෂ්ට කරන්නාහුය

:       0       0

Arjuna Ranawana Monday, 25 June 2018 09:17 AM

හත්පොලේ ගාගන්නවා..............

:       0       1

BamunuarachchiMonday, 25 June 2018 10:32 AM

අපි දන්නවා කාටද කීවේ කියලා

:       1       0

rasika Monday, 25 June 2018 02:38 PM

මායින් ගම්මානවල හිටපු දෙමළ, සිංහල, මුස්ලිම් මිනිසුන් සමුල ඝාතනය කරපු, තමන්ට විරුද්ධ වන ඕනෑම කෙනෙක්ව ඝාතනය කරපු, රටවල්වල ජනාධිපතිවරු, අගමැතිවරු ඝාතනය කරපු, නිරායුධ නිලධාරීන් සමුල ඝාතනය කරපු, දරුවන් ලැබෙන්න ඉන්න මවුවරුන්ව කපා කොටා ඝාතනය කරපු, ඒ ම්ලේච්ච ප්‍රභාකරන්ට 'මහත්මය ' කියනකොට ඔය කට්ටිය කොහෙද හිටියේ…? අපේම සහෝදරවරු, මවුවරු, පියවරු ඝාතනය කරපු ප්‍රභාකරන්ට ගරු නම්බු දෙන රටක, එම ඝාතකයන්ට අපේ බදුමුදලින් වන්දි ගෙවන්න හදන රටක "හිට්ලර් " වචනය ගැන මෙච්චර ආන්දෝලනයක් අැයි? දැන්වත් නැගිටින්න. නැත්නම් සදාකාලිකවම නිදාගන්න..

:       0       0

rocky Monday, 25 June 2018 03:05 PM

ගෝනුස්සන් වැඩි හරියක්ම දැන් ඉන්නේ සිවුර පොරවාගෙන. තමුන්නාන්සේගේ අර්ථ කථනයෙන්ම එ්ක ඔප්පු වෙනවා!

:       0       170

kalani Thursday, 28 June 2018 08:21 AM

රොකි බෞද්ධ චීවරයට නින්දා කරන්න එපා.

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්


ව්‍යවස්ථා සභාවේ ලේකම් ධම්මික අස්වෙයි
2025 මැයි මස 10 1001 0

පාර්ලිමේන්තුවේ හිටපු මහ ලේකම් ධම්මික දසනායක මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ලේකම් ධූරයෙන් පෞද්ගලික හේතු මත ලබන 15 වැනිදා සිට ඉල්ලා අස්වන බව එම සභාවට ද


කොළඹ ලක්ෂ 10කට ඡන්දය එපා වෙලා
2025 මැයි මස 10 396 0

කොළඹ සහ ඒ අවට තදාසන්න ප්‍රදේශවල විවිධ රැකියාවන්හි නිරතව සිටි විශාල පිරිසක් මෙවර පළාත් පාලන මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සිය ගම්බිම් වෙත ගොස් නැත


සූදු ගැසූ 13ක් මාට්ටු
2025 මැයි මස 10 210 0

කාලයක සිට පොලොන්නරුව සෙවනපිටිය ප්‍රදේශයේ නිවසක් තුළ පවත්වාගෙන ගිය මහා පරිමාණ සූදු පොලක් වටලා, සූදු ක්‍රීඩාවේ යෙදී සිටි සිවිල් ආරක්ෂක බටයකු ඇතුළු දහත


තැනින් තැනට අද තද වැසි
2025 මැයි මස 10 110 0

මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වලත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් පස්වරු 1.00 පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍


වෙසක් උත්සවයට නුවරඑළිය සූදානම්
2025 මැයි මස 10 470 0

‘‘කලණ ගුණ ඇති උතුම් මිතුරන් ඇසුරු කරමු‘‘ ආදර්ශ පාථය කරගත් සමබුදු තෙමගුල රාජ්‍ය උත්සවය අද සිට වැනි 16 වැනි දින දක්වා නුවරඑළිය ඛේන්ද්‍ර කරගනිමින් පැවැත්


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 359 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1337 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 343 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site