
බස්නාහිර, සබරගමුව, සහ වයඹ පළාත්වලත් ගාල්ල,මාතර මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර නුවරඑළිය සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවලට මිිලි මීටර් 50ට වැඩි තරමක වැසි ඇති විය හැකියි.
උතුරු නැගෙනහිර සහ ඌව පළාත්වලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි ඇති විය හැකියි.
මේ අතර මධ්‍යම සහ යාබද උතුරු බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපයට බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් ඉදිරි පැය 36 තුළ බටහිර-මධ්‍යම සහ ඊට යාබද වයඹදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමට බොහෝ දුරට ඉඩ ඇත.
ඉන්පසු එය බටහිරට බරව වයඹ දෙසට ගමන් කර උතුරු අන්ද්‍ර ප්‍රදේශය සහ දකුණු ඔඩිෂා වෙරළදෙසට ළඟා වනු ඇතැයි බලාපොරොත්තු වේ.
මේ හේතුවෙන් එම මුහුදු ප්‍රදේශවල ඉතා තද සුළං සමගින් තද වැසි පැවැති හැකි අතර මුහුද ඉතා රළු විය හැකි බව ද කාලගුණ දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි
2025 දෙසැම්බර් මස 18
642
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
307
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අදත් දවසම වැස්ස