IMG-LOGO

අත හයි කරන්න තවත් සාකච්චාවක් හෙට

 

(සුජිත් හේවාජුලිගේ )

තනතුරු ලබාගෙන ආණ්ඩුවට සම්බන්ධවූ පිරිස පක්ෂයට යළි එක් කර ගැනීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයන් තවත් සාකච්ඡා වටයක් අද(24) ආරම්භ කරන බව එම පක්ෂ ආරංචි මාර්ග වලින් පැවසේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම සාකච්ඡාවට පක්ෂයේ විනය මණ්ඩලයේ සාමාජිකයෝද සහභාගි වෙති.

තනතුරු ලබාගෙන ආණ්ඩුවට සම්බන්ධවූ පිරිස යළි එක් කර ගැනීම සඳහා මෙයට පෙරද සාකච්ඡා වට කීපයක් පැවැත්වුවද ඒවා සාර්ථක නොවීය.

තනතුරු ලබාගෙන ආණ්ඩුවට සම්බන්ධවූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් සංඛ්‍යාව අටකි. නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, රංජිත් සියඹලාපිටිය, ලසන්ත අලගියවන්න, ශාන්ත බණ්ඩාර, ආචාර්ය සුරේන් රාඝවන්, ජගත් පුෂ්පකුමාර සහ චාමර සම්පත් දසනායක එම අට දෙනා වෙති.

මින් නිමල් සිරිපාල ද සිල්වා සහ මහින්ද අමරවීර යන මහත්වරුන් කැබිනට් අමාත්‍යධූර හොබවන අතර සෙසු පිරිස රාජ්‍ය අමාත්‍යවරුන් ලෙස කටයුතු කරති.

 



අදහස් (1)

අත හයි කරන්න තවත් සාකච්චාවක් හෙට

අත කොතැනටද හයි කරන්නේ..... Sunday, 23 April 2023 09:51 PM

අත කොතැනටද හයි කරන්නේ..... යකෝ තොපි ඔක්කො එයමල එකතු වෙලා අත නෙවෙයි. තේ ගහපියව්.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 205 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 716 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1124 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site