IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


අත් බෑගය ඉතාලි කතට

ඉතාලියේ රෝම නගරයේ සන්ජොවාන්නි මෙරුලානා මාවතේදී ,එම ප්‍රදේශයේම අවන්හලකදී ඉතාලි ජාතික කාන්තාවකගේ (73 ) අත්බෑගයක් සොරකම්කිරිම සම්බන්ධයෙන් ලාංකිකයෝ දෙදෙනෙක් (25,43 ) ඉතාලි පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුහ.

කාන්තා අත්බෑගයක් සමග සිටි සැක කටයුතු ලාංකිකයන්ව දැක පරික්ෂා කළ පොලීසිය මේ අත් බෑගය සොයා ගත්තේය. එහි යූරෝ 270 (රුපියල් 49410 ) ද තිබී ඇත. පසුව අත්බැගය කාන්තාවට භාරදී ඇති අතර ලාංකිකයන්ව අත්අඩංගුවට ගෙන ඇත.



අදහස් (0)

අත් බෑගය ඉතාලි කතට

අජිත් Friday, 25 April 2014 06:45 PM

රටේ නමත් කනවා (අ)

:       0       0

කුසුම් Saturday, 26 April 2014 02:57 PM

බුදුන් වහන්සේ පවසා තිබෙන ලෙස නම්, "කෙනෙකු භ්‍රාහ්මනයෙකු හෝ වසලයෙකු වන්නේ, ඔහුගේ උපත අනුව නොව ඔහු හෝ ඇය කරන ක්‍රියාව මතයි". මෙතන උපන් රට, ජාතිය, ආගම නොවේ වැදගත් වන්නේ අදාල පුද්ගලයයි. ලංකාවේ ජිවත් වන අය මෙන්ම ලංකාවේ ඉපදී විදේශ ගත වුවන් අතරත් වසල, අමන, අධම ගති ඇති නොමිනුසුන් සිටීම අරුමයක් නොවේ. නමුත් එක පුද්ගලයෙකු කල අවකල් ක්‍රියාවක් දෙස බලා මුළු රටකම පුරවැසියන්ව ඒ තත්වයේ ලා සැලකීමට, තරම් එම රටවල වෙසෙන ශිෂ්ඨ සම්පන්න ජනතාව පටු ආකල්ප නොදරාවී. නමුත් අවාසනාවට ශ්‍රී ලාංකිකයින් අතර නම්, එවැනි පටු මනස් සහිත අමනයින් සිටින බව පැහැදිලියි. තවද, තමන් ජිවත් වෙන රටේ පමණක් වැදගත් ශ්‍රී ලාංකිකයන් ඇතිබව මව පෙන්වීමට උත්සහ කිරීමත් සමහරුන්ගේ හීනමානය ප්‍රදර්ශනය කිරීමක් බවම දැක තිබෙනවා. අනුන්ගේ මුදල් පසුම්බිය දෙස බලා හුල්ලමින් තවකෙකුට අපහාස කරමින් කුරිරු සතුටක් ලබන අයත්, අර හොරකම කල පුත්ගලයාගේ ගණයටම වැටෙන, අතර ඔවුන්ගේ වසල කම හා මා කියූ අනෙක් දේවල් ද ඔවුන්ගේ නිරුවත හෙළිදරව් කල අවස්ථාත් මා ඕන තරම් දැක තිබෙනවා.(නදී)

:       0       0

කුරුවිට Saturday, 26 April 2014 02:29 PM

අයියෝ! (නදී)

:       0       0

නන්දන පනාගොඩ මිලානෝ Friday, 25 April 2014 09:09 PM

රෝමයේ මෙරුලානා වීදිය අසල තිබෙන ලංකාවේ අවන්හල් දෙකේම විශ්ෂයෙන්ම සිකුරාදා සහ සෙනසුරාදා රාත්‍රී අපේ අය මරා ගහගන්නවා (අ)

:       0       0

වාසව Saturday, 26 April 2014 04:56 PM

නුගත් මිනිස්සු ඉතාලියට රිංගල ලස්සන රට කනවා හැමතැනම හොරකන් කරන්නේ ලංකාවේ නුගත් කට්ටිය. ලංකාව ට යහපතක්ම වේවා මේවගේ නුගත් කට්ටිය ඉතාලියේ එන්නකම් (අ)

:       0       0

ඇත්ත Friday, 25 April 2014 10:22 PM

ඉතාලියේ ඉන්න ශ්‍රී ලාංකිකයන්ගෙන් 98% ම කරන්නේ ජරාම ජරා වැඩ.දැන් ටික කාලයකට ඉස්සර අවුරුදු 80 ක ආච්චි කෙනෙක්ව දුෂණය කළා අපේ අය 5 දෙනෙක් එකතුවෙලා.කොහොමත් ඉතාලිය කියන්නේ එච්චරම වැදගත් මිනිස්සු ඉන්න රටක් කියන්න බැහැ. (දී)

:       0       0

කුසුම් Saturday, 26 April 2014 05:54 PM

වාසව කියන වචනයේ තේරුම "වසල" කියාන වචනයට සමාන පදයක් ද? දන්නා කෙනෙක් ඇත්නම් මට කියල දෙන්නකෝ. උගතෙක්ගේ "කටේ නරි වාදම රෙද්ද පල්ලෙන් බේරෙනවා." අර කතාවට කියනවනේ, කට නරින තාක් කල් මොඩයත් ඥානවන්තයෙක් කියලා. එහෙම නේද වාසව ගොයියෝ? (නදී)

:       0       0

දුමින්ද Saturday, 26 April 2014 01:10 AM

"ඇත්ත" ,දැන් මට කියනවද ඔය වැදගත් කියන මිනිස්සු ඉන්නෙ කොයි රටේද කියල? (නදී)

:       0       0

සත්‍යයා Saturday, 26 April 2014 12:36 AM

ඉතාලි ගියත් හඳට ගියත් අපේ සමහර අය රටේ නම තියනවා. රටේ හැටියට තමා පිටරට ගියත් වැඩ. පුදුම වෙන්න දෙයක් නැහැ.(නදී)

:       0       0

ඩෙන්සිල් මිලානෝ Saturday, 26 April 2014 01:01 AM

අපේ රටේ නම කන්නේ නැතුව නැවතත් ලංකාවට ගිහිල්ලා මුහුද ආශ්‍රිත රක්ෂාව කර ගෙන ඉන්න. දැන් මෙහෙ හිටියා ඇති.(නදී)

:       0       0

රෝහණ Saturday, 26 April 2014 01:06 AM

ඔය හිතන විදියට ඉතාලියේ ඉන්න හැමෝම එහෙම නැහැ ඔබ තුමා දන්නා දේ ගැන කියන්න නොදන්න දේ කියන්න එපා.(නදී)

:       0       0

සුදත් ඇන්තනි Saturday, 26 April 2014 06:18 PM

මේ අය අපේ නමත් කනවා. (දී)

:       0       0

ලේක්කෝ ගලබඩ Saturday, 26 April 2014 01:32 AM

ඇත්ත කියා කියා තිබෙන පුද්ගලයා දන්නවද මේ වැදගත් නොවන මිනිස්සු ඇවිල්ල තියෙන්න කොහේ සිටද කියා? ඔහුගේ අම්මා, තාත්තා, ඔහු සිටින ලංකාවෙන් මයි. (නදී)

:       0       0

රෝහිත Saturday, 26 April 2014 01:34 AM

මේවා අහල මට නම් පිස්සු වගේ. (නදී)

:       0       0

නුවන් Saturday, 26 April 2014 02:23 AM

ඉතාලියත් හොදයි ඒ ජාතිකයනුත් හොදයි. ලාංකිකයින් ටික දෙනෙක් අපේ නම කනවා.(නදී)

:       0       0

සිංහ Saturday, 26 April 2014 03:47 AM

කොහෙත් මේ වගේ මිනිස්සු ඉන්නවා .(නදී)

:       0       0

සිල්වා Saturday, 26 April 2014 03:22 AM

ඒ වගේ වැදගත් රටක ඇයි මෙවැනි දේවල් කරන්නේ? (නදී)

:       0       0

කුමාර Saturday, 26 April 2014 05:57 AM

රට කොතරම් වැදගත් වුණත් වැඩක් නැහැ, යන මිනිස්සු නොවැදගත් නම්.(නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 496 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site