(උපුල් හේරත්)
පාසැල් ඇරී නිවසට පැමිණෙමින් සිටි අවුරුදු දහයක් පමණ වයසැති දැරිවියක පාළු හේනක පිහිටි පැලක දැත් දෙපා ගැට ගසා තිබියදී එම දරුවා බේරා ගෙන අනුරාධපුර ශික්ෂණ රෝහලේ මහාචාර්ය වෛද්‍ය සංකීර්ණ ඒකකයට ඇතුළත් කළ බව කල්ලංචිය පොලීසිය පවසයි.
මෙම සිද්ධියට මුහුණ පා ඇත්තේ රොටවැව, සීප්පුකූලමේ පදිංචි පස් වැනි වසරේ ඉගෙනුම ලබන දැරියකි .
මෙම කුඩා දැරිවිය පාසල් ඇරී නිවසට එමින් සිටියදී ඇගේ දැත් දෙපා හා මුහුණ ප්‍රදේශයේ රෙදි කඩකින් බැඳ පාළු හේනක පිහිටි පැලක් තුළ රඳවා තබා සිටිය දී ප්‍රාදේශවාසියකු පොලිස් හදිසි ඇමැතුම අංකයට දැනුම් දීමක් සිදු කර ඇත .
වහා ක්‍රියාත්මක වූ කල්ලංචිය පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු කණ්ඩායමක් ගොස් එම දැරිවිය බේරා ගෙන ඇත .
ඉන් පසු ඇය අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව නේවාසිකව ප්‍රතිකාර සඳහා මහාචාර්ය වෛද්‍ය සංකීර්ණ ඒකකයට ඇතුළත් කර ඇත .
වෛද්‍ය වාර්තා මෙතෙක් ලැබී නොමැති අතර පොලිස් පරීක්ෂණ ආරම්භ කර ඇත .සැකකරුවන් මෙතෙක් අත්අඩංගූවට ගෙන නැත .
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
අත,පය සහ කට ගැට ගැසූ දැරියක බේරා ගැනෙයි