IMG-LOGO

අත දාල ගිය අය යළි සාකච්ඡා

(ඩයනා උදයංගනී)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්ව ආණ්ඩුවට එක්වූ සහ ස්වාධීන වූ මැති ඇමැතිවරුන් නැවත පක්ෂයට එක්වීම සඳහා එම පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමඟ සාකච්ඡා පවත්වා ඇතැයි එම පක්‍ෂ ආරංචි මාර්ග පවසයි.

මෙම සාකච්ඡාව පාර්ලිමේන්තු පරිශ්‍රයේදී ඉකුත් සිකුරාදා පස්වරුවේ පවත්වා ඇතැයි එම පක්‍ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.

පක්‍ෂයෙන් ඉවත්ව ආණ්ඩුවට එක්ව සිටින අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ප්‍රමුඛ කණ්ඩායමක් මේ සඳහා සහභාගි වී ඇති අතර එහිදී යම් යම් එකඟතාවලට පැමිණ ඇතැයිද එම පක්‍ෂයේ ප්‍රකාශකයකු පැවසීය. එම එකඟතා අනුව දැනට පක්‍ෂයෙන් ඉවත්ව ආණ්ඩුව හා එක්ව සිටින නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, චාමර සම්පත් දසනායක, ශාන්ත බණ්ඩාර, මැති ඇමතිවරුන් 9 දෙනාගේ කණ්ඩායම පක්‍ෂයේ මී ළඟ මධ්‍යම කාරක සභාවට කැඳවීමට බොහෝ දුරට ඉඩ ඇතැයි ද එම ප්‍රකාශකයා සඳහන් කළේය. මෙම මැති ඇමතිවරුන් පිරිස හිටපු ජනාධිපතිවරයාගෙන් සාකච්ඡාවක් ඉල්ලා ඇති අතර, ඒ අනුව මෙම සාකච්ඡාව පැවැත්වූ බව ද ඔහු කීවේය. පක්‍ෂ වැඩබලන මහලේකම්වරයා ලෙස සරත් ඒකනායක මහතා පත්කිරීමෙන් පසු ඔවුන් එම ඉල්ලීම ඉදිරිපත් කළ බව ද එම ප්‍රකාශකයා කීවේය. මෙම පිරිසට යළි පක්‍ෂයට එක්වීමට අවශ්‍ය නම් ඇමතිධූර අත්හැරිය යුතු බවත්, සර්වපාක්‍ෂික වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන්නේ නම් පමණක් ඔවුන් ඇමතිධූර ලබාගැනීමේ වරදක් නැති බවත්, හිටපු ජනාධිපතිවරයා දැනුම් දී ඇතැයි ද හෙතෙම පැවසීය. ශ්‍රීලනිප මහලේකම් දයාසිරි ජයසේකර ගෙන් කළ විමසීමකදී පැවසුවේ පක්‍ෂයෙන් ඉවත්ව සිටි පිරිස හිටපු ජනාධිපතිවරයාගේ ආරාධනයකට අනුව මෙම සාකච්ඡාවට සහභාගී වූ බවයි. ඔවුන් යළිත් පක්‍ෂයට එක්වීමට කැමැත්ත පළ කර ඇති අතර, ඉදිරියේ දී පැවැත්වෙන සාකච්ඡාවලදී ඒ පිළිබඳ ස්ථිර තීරණයක් ගනු ඇතැයි ද හෙතෙම සඳහන් කළේය. පක්‍ෂයේ සියලු දෙනා යළි එක්වන්නේ නම් එය ඉතා වැදගත් බව ද දයාසිරි ජයසේකර මහතා පැවසීය.

 



අදහස් (0)

අත දාල ගිය අය යළි සාකච්ඡා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 246 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 775 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1198 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site