
(විමුක්ති එස් රුද්‍රිගු)
තාවකාලිකව අත්හිටුවා ඇති ජපාන ආධාර යටතේ ක්‍රියාත්මක වූ ව්‍යාපෘති නැවත ආරම්භ කිරීම සඳහා මුදල් ලබා දෙන බව ජපාන රජය අද(24)දා මුදල් අමාත්‍යංශයේදී පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී නිල වශයෙන් නිවේදනය කළේය.
ඒ අනුව බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ සංවර්ධන ව්‍යාපෘතිය, උපයෝගිතා ව්‍යාපෘති, සෞඛ්‍ය ක්ෂේත්‍ර වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘති, ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘති ඇතුළු අත්හිටුවා තිබූ ව්‍යාපෘති රැසක් නැවත ආරම්භ වීමට නියමිතය.
අරමුදල් ලබා දීම නැවත ආරම්භ කිරීම පිළිබඳ ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනයේ සභාපති ආචාර්ය තනකා අකිහිකෝ මහතාගේ නිල නිවේදනය, ජයිකා ශ්‍රී ලංකා කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නියෝජිත ඉඩෙ යූරි මහත්මිය විසින් මහා භාණ්ඩාගාරයේ සහ මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ ලේකම් කේ. එම්. මහින්ද සිරිවර්ධන මහතා වෙත අද(24)දා භාර දෙනු ලැබුවාය.
නිල ණය හිමියන්ගේ කමිටුව සමඟ ගිවිසුමට එළඹීම මෙන්ම අනෙකුත් ණය හිමියන් සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලකිය යුතු ප්‍රගතියක් ලබා තිබීම සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ අනෙකුත් බහුපාර්ශ්වික හවුල්කරුවන්ගේ සහාය ඇතිව පුළුල් සාර්ව ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැංවීමට ශ්‍රී ලංකා රජයේ කැපවීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය සහ ණය තිරසාරභාවය පිළිබඳ විශ්වාසය වර්ධනය වීම ජපානය නැවත වරක් මෙරට අත් හිටුවා ඇති ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට හේතුවී ඇත.
මෙම අවස්ථාවට භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන, ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකොෂි හිදෙකි සහ ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනයේ මෙරට ජ්‍යෙෂ්ඨ නියෝජිත ඉඩෙ යූරි මහත්මිය ඇතුළු පිරිසක් සහභාගී වූහ.
2025 දෙසැම්බර් මස 18
589
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
291
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1091
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අත්හිටවූ ව්‍යාපෘති අරඹන්න ජපන් ආධාර
chandima Thursday, 25 July 2024 03:59 AM
නිවේදනය නම් දුන්නට කමක් නැහැ . සල්ලි දැන්ම දෙන්න එපා . දුන්නොත් චන්දෙන් පැරදිලා යන්න කලින් ඒ සල්ලි වලටත් විදිනවා