IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


අත්සන හොරට යොදා නඩු වාර්තාවක් ගත් අධිකරණ සේවකයා මාට්ටු

(සුමිත් පොතුපිටිය)

කළුතර මල්වත්ත බන්ධනාගාරයේ රදවා සිටින රැදවියකු ගේ අත්සන හොරට යොදා පානදුර මහාධිකරණයෙන් නඩුවාර්තා පිටපත් ලබාගත් එම මහාධිකරණයේම සේවය කළ සේවකයකු අත්අඩංගුවට ගත්බව පානදුර විශේෂ අපරාධ විමර්ශන ඒකකය පවසයි.

පානදුර මහාධිකරණ රෙජිස්ටාර් විසින් කළ පැමිණිල්ලක් අනුව දීර්ඝ විමර්ශනයක් කළ පොලිසිය සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

හෙරොයින් මත්කුඩු ජාවාරම් කිරීම සහ ගිනිඅවි සන්තකයේ තබාගැනීම ඇතුළු චෝදනා එල්ලවී 2018 වර්ෂයේ සිට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින රැදවියකුගේ බිරිඳ , ඔහුගේ නඩුවට අදාල සහතික කළ පිටපත් ලබාගැනීම සදහා මහාධිකරණ කාර්යාලයට පැමිණ ඇති බවත්, එහිදී සැකකරු ඇයට සහායවී රැදවියාගේ අත්සන හොරට යොදා නඩුවාර්තා පිටපත් ලබාදීමට කටයුතු කරදී ඇති බවත් හෙලිව ඇතැයි පොලිසිය සදහන් කරයි .

සැකකරු පානදුර මහාධිකරණ රාජකාරි නිමවා පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ස්ථාන මාරුවීම් ලබාගොස් සිට ඇති බවත්, අත්අඩංගුවට ගන්නාවිට කම්කරු අමාත්‍යාංශයේ රාජකාරි කර ඇති බවත් සදහන් වේ.

වසර 21 ක රාජ්‍ය සේවයේ නියුතුව සිට ඇති සැකකරු කූට ලේඛන ඉදිරිපත් කර මෙවැනි වරදකට පෙළඹී ඇත්තේ ඇයිද සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකරන බව පරීක්ෂණ සිදුකරන නිළධාරියෙක් කීය .

 



අදහස් (0)

අත්සන හොරට යොදා නඩු වාර්තාවක් ගත් අධිකරණ සේවකයා මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 544 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 274 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1070 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site