IMG-LOGO

2025 මැයි මස 24 වන සෙනසුරාදා


අතරමං වු කතට සෞදි ලාංකියා උදව් කරයි

සෞදි අරාබියේ ගෘහසේවිකාවක් ලෙස පැමිණ මාස හයක  පමණ රැකියාව කිරීමෙන් අනතුරුව හාම්පුතාගේ සහ ඇයගේ කැමැත්ත මත නැවත ලංකාවට යැවීමට සිටි ශ්‍රී ලාංකික කාන්තාවකට  දමාම් ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ රැදී සිටිමට සිදු විය.

ඇයගේ ලියැවිලි වල අඩුවක් ඊට හේතුවයි.

අක්කරපත්තුවේ පදිංචි පොන්නම්බලම් ජයන්ති නමැති මෙම කාන්තාව අදාළ සෞදි ජාතිකයාගේ නිවසේ මාස හයක් රැකියාව කළාය.

හාම්පුතා විදෙස් සංචාරයක් සදහා පිටත් වීමට ඇති හෙයින් කාන්තාවගේ ද කැමැත්ත මත පසුගිය 7 වැනි දින  ශ්‍රී ලංකාවට පිටත් කර හැරීමට කටයුතු යොදා ඇත.

නිවසේ රියදුරු සමග ඇය ගුවන් තොටුපොළට ඇරලවා ඇති මුත් අයගේ සෞදි හැදුනුම්පත ඇය අතට පත්කර නොමැත (ඉකාමා)නව නීතිය අනුව කිසියම් තැනැත්තෙකු සෞදියෙන් ස්ථිරවම පිටවීමේදී ඉකාමා පත ගුවන්තොටුපොළ බලධාරීන්හට බාරදිය යුතු මුත් ඇය එම කාර්ය ඉටු නොකිරීම නිසා නැවත හරවා ඇත.

මේ වනවිට රියදුරුද පිටත්වී ගොස් ඇති අතර ඇය කනස්සල්ලෙන් සිටියායා.

මෙම අවස්ථාවේදී සෞදි ගුවන් සේවයේ ගුවන්තොටුපොළ පර්යන්ත සේවක මන්සූර් රිසාප් නම් ශ්‍රී ලාංකිකයා මේබව දැනගෙන ඇයට  සිදුවී ඇති අකරතැබ්බ පිළිබඳ සොයාබලා මා වෙත ද දන්වා  ශ්‍රි ලංකාවේ විදේශ සේවා කාර්යාංශයට ද  ඉන් අනතුරුව ඇය පැමිණි රැකියා ආයතනයටද  දැන්වීමෙන් අනතුරුව හාම්පුතාගේ දුරකථන අංකය ලබාගෙන ඔහුට කතා කොට නැවත නිවස වෙත පිටත්කැර යවා ඇත.

 



අදහස් (0)

අතරමං වු කතට සෞදි ලාංකියා උදව් කරයි

චන්ද්‍රසිරි Monday, 12 May 2014 12:45 AM

ඔබට බොහෝ පින්! (නි)

:       0       0

චන්ද්‍රසිරි Monday, 12 May 2014 12:46 AM

ලලිත් ප්‍රේමලාල් මහතාටත් බොහෝ පින්! (නි)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Monday, 12 May 2014 12:54 AM

මහත්මා ගුණයෙන් පිරි උතුම් මිනිසෙක්.ඔබගේ සද්ක්‍රියාවට හද පිරි ප්‍රණාමය.!! (නි)

:       0       0

රොෂාන්ක Sunday, 11 May 2014 05:06 PM

හරිම ආඩම්බරයි. හොඳ සහයක්. (ස)

:       0       0

මේනකා සෞදි අරාබිය. Monday, 12 May 2014 02:11 AM

ඇත්තටම එවැනි අය අගය කළ යුතුයි. (නි)

:       0       0

බුද්ධික Monday, 12 May 2014 03:00 PM

ඔබව අගය කරනවා. (ස)

:       0       0

කුසුම් Sunday, 11 May 2014 05:31 PM

සැබෑ මහත්මයෙක් ලෙස මන්සුර් රිසාෆ් මහතා කාන්තාවට අවශ්‍ය ලෙස, තැනට සුදුසු පරිදි අසරණවූ එම කාන්තාවට උදව් කර තිබෙනවා. එතුමාට මාගේ හද පිරි ගෞරවය! (ස)

:       0       0

ලලිත් Monday, 12 May 2014 03:53 PM

මතකයි බන්දුල මල්ලි...අපි කරන හොඳ දෙවිවරුත් දකිනවා (ස)

:       0       0

අසාත් Sunday, 11 May 2014 05:57 PM

හොඳ වැඩක් . (ස)

:       0       0

දිසා Monday, 12 May 2014 06:53 AM

අපේ අර සමහර කට්ටියටත් මේවා දැනගන්න අරින්න (නි)

:       0       0

සැම්සන් රියාද් Sunday, 11 May 2014 06:37 PM

මනුස්ස කම හඳුනන මිනිහෙක් . විශේෂයෙන් සෞදි වගේ රටකදී . ලාංකික කාන්තාවක් කරදරයක වැටුණු අවස්ථාවක . සමහරු මෙම අවස්ථාව තමාගේ පහත් අදහස් පිනවා ගන්නට කටයුතු කරනා කලෙක . (ස)

:       0       0

රාජේෂ් Monday, 12 May 2014 08:14 AM

නන්නාඳුනන රටක හොඳ ගතිගුණ තිබෙන අය අඩුයි. (නි)

:       0       0

රණසිංහ Sunday, 11 May 2014 07:17 PM

මෙය අගය කල යුතු දෙයක් (ස)

:       0       0

එමාන් දිසානායක Sunday, 11 May 2014 07:21 PM

නියමයි. (ස)

:       0       0

මොහමඩ් රිස්වාන් සෞධි අරාබිය Sunday, 11 May 2014 07:59 PM

සැම්සන් රියාද් - ඔයාගේ කතාව ඇත්ත. (ස)

:       0       0

රොෂාන් Tuesday, 13 May 2014 02:03 AM

මේ කාන්තා 11 දා කිසි ම කරදරයක් නැතිව ලංකාවට ගියා. (ස)

:       0       0

තුසිත Sunday, 11 May 2014 08:23 PM

ගොඩක් හොඳ වැඩක් අගය කළ යුතුය. බුදු සරණ වේවා. (ස)

:       0       0

ඇන්තනි Sunday, 11 May 2014 09:49 PM

ලස්සන හදවතක්. (ස)

:       0       0

අනෝමා Sunday, 11 May 2014 09:54 PM

ලස්සන හදවතක් (ස)

:       0       0

මොහමඩ් රිස්වාන් සෞදි අරාබිය Sunday, 11 May 2014 03:44 PM

ශ්‍රී ලාංකිකයන්ගේ ගතිගුණ සහ අනෙක් විදේශිකයන්ගේ ගතිගුණ අතර වෙනස සෞදියේ ඉන්න සෑම මිනිසුන්ම දන්නවා. (නි)

:       0       0

ඇන්ටන් Sunday, 11 May 2014 03:52 PM

ඔබ වගේ අනිත් අයටත් වෙන්න බැරි ඇයි? ඔය වගේ පිටරටකදී විශේෂයෙන් සහෝදරියකට උදව් වෙනවා නම් අන්න එතනයි මනුස්සකම තියෙන්නේ.අපේ සහෝදරියකට කරපු උදව්වට ඔබට ගොඩක් පින්! (නි)..

:       0       0

රොෂාන් Sunday, 11 May 2014 11:35 PM

සැම්සන්, ඔබ අවංක අයට අකමැතිද? (නි)

:       0       0

අෂාන් Sunday, 11 May 2014 11:39 PM

බොහොම පින් සිදුවෙන වැඩක් (නි)

:       0       0

බන්දුල Monday, 12 May 2014 12:25 AM

මමත් උදවු කරලා තියෙනවා .මතකද ලලිත් අයියේ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 72 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 480 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 250 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

Our Group Site