IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


අතරමැදි බොක්සිං තරගාවලිය අද ඇරඹෙයි

ශී‍්‍ර ලංකා ආධුනික බොක්සිං සංගමය විසින් සංවිධානය කරනු ලබන ‘2013 - අතරමැදි බොක්සිං තරගාවලිය’ අද (27) සිට 31 වැනිදා දක්වා කොළඹ සුගතදාස කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ.

මෙම තරගාවලිය සඳහා වයස අවුරුදු 19 ත් 40 ත් අතර කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට සහභාගි විය හැකිය. ආධුනික බොක්සිං තරගාවලියන් හිදී ජයග‍්‍රහණ ලැබූ මින් පෙර අතරමැදි, විවෘත හෝ වෙනත් ජාතික මට්ටමේ බොක්සිං තරගාවලි ජයග‍්‍රහණය කර නොමැති තරගකරුවන්ට පමණක් මෙම තරගාවලිය විවෘත වේ.

ආධුනික බොක්සිං තරගාවලියේ වැඩි දස්කම් දැක්වූ ගුවන් හමුදාවේ, යුද හමුදාවේ, නාවික හමුදාවේ පොලිසියේ සහ මාස් ලීනියා කී‍්‍රඩකයන් අතර ගැටුම් වඩාත් උණුසුම් මුහුණුවරක් ගනු නිසැකය. පසුගියදා නිමාවූ ආධුනික බොක්සිං තරගාවලියේ කාන්තා තරග වැඩි සංඛ්‍යාවක ජයග‍්‍රාහිකාවන් වූ ගුවන් හමුදා කී‍්‍රඩිකාවන්ට මෙවර මාස් සදර්න්, පොලිසියේ සහ නාවික හමුදා කී‍්‍රඩිකාවන් සමග තියුණු සටනක නිරත වීමට සිදුවනු ඇත.

පිරිමි සහ කාන්තා යන දෙඅංශයෙන්ම බර පංති 10 යටතේ පැවැත්වෙන මෙම තරගාවලියේ පිරිමි තරග විනාඩි 3 බැගින් වන වට 3 කින් සමන්විත වන අතර කාන්තා තරග විනාඩි 2 බැගින් වන වට 4 කින් සමන්විත වේ. සියලූ තරග ජාත්‍යන්තර ආධුනික බොක්සිං සංගමය විසින් 2013 වසරේ හඳුන්වා දෙන ලද නව නීති රීති වලට අනුව පැවැත්වීමට කටයුතු යොදා ඇත.

තරගාවලියේ ජයග‍්‍රාහක ජයග‍්‍රාහිකාවන්ට පදක්කම් සහ සහතිකපත් පිරිනැමෙන අතර ඔවුහු ලේටන් කුසලාන, ක්ලිෆර්ඞ් කුසලාන සහ ජාතික ශූරතාවලිය වැනි තරගාවලි වලට සහභාගී වීමටද සුදුසුකම් ලබති.
ශී‍්‍ර ලංකා ජාතික බොක්සිං සංගමයේ හිටපු ලේකම් වරයෙකු සහ ජාතික ශූරයකු වන වසීර් සෝර්ජා මහතා සමාරම්භක උළෙලේ ප‍්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගීවීමට නියමිතය.



අදහස් (0)

අතරමැදි බොක්සිං තරගාවලිය අද ඇරඹෙයි

චන්ද්‍රසිරි Tuesday, 28 May 2013 02:41 PM

අතරමැදි තරගාවලියක්. මාත් හොයා හොයා හිටියේ එහෙම එකක් තමයි. දැම්මම ඉදිරිපත්වෙන්න ඕනෑ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 160 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site