IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


අතුරුදන් දරුවා ඇළෙන් හමු වේ

(ජේ.කේ.එල්. චාමින්ද සහ පියරත්න ජයවික්‍රම)

අලුත් අවුරුද්දට තම දෙමව්පියන් සමග පාමංකඩ, සුදුවැල්ලාව ,නෙළුව ප්‍රදේශයේ පිහිටි තම ආත්තම්මාගේ නිවසට පැමිණි සිටියදි අතුරුදහන්ව සිටි වයස අවුරුදු 02ක් හා මාස 06ක් වියැති දරුවාගේ සිරුර නෙළුව සුදුවැල්ලාව  රංකැට ඇළේ තිබි අද (16) පෙරවරුවේ දි සොයාගත් බව නෙළුව පොලිසිය පවසයි.

පොලිසිය, යුධ හමුදාව හා ගම්වැසියන් එක්ව සිදුකළ විශේෂ මෙහෙයුමකදි දරුවාගේ මළ සිරුර සොයාගෙන ඇත.

දරුවාගේ මළ සිරුර පශ්චාත් මරණ පරික්ෂණ කටයුතු සදහා කරාපිටිය ශික්ෂණ රෝහලට රැගෙන යාමට නියමිතව තිබුණි. පශ්චාත් මරණ පරික්ෂණයෙන් පසු දරුවාගේ මරණයට හේතුව අනාවරණය කරගතහැකි බවද පොලිසිය පවසයි.

මියගොස් ඇත්තේ කැකුළුන්දල ලියනගේ, දොන් නිවෙන් දෙව්මිර නැමති දරුවෙකි. මෙම දරුවා තම දෙමව්පියන් සමග අලුත්ගම, දර්ගානගරයේ සිට අලුත් අවුරුද්දට සිය ආත්තම්මාගේ නිවසට පැමිණ ඇත. දරුවා සිය බිරිදගේ නිවසේ සිටියදි ඊයේ (15) අතුරුදහන් වි ඇති බවට දරුවාගේ පියා විසින් නෙළුව පොලිසියට පැමිණිලිකොට ඇත.

 



අදහස් (11)

අතුරුදන් දරුවා ඇළෙන් හමු වේ

Sunil Sunday, 16 April 2023 03:01 PM

මේ දෙමව්පියන් සහ වැඩිහිටියන් මේතරම් නොසැලකිලිමත්ද?

:       2       51

පිටිගල මිලානෝ Sunday, 16 April 2023 03:59 PM

ලංකාවේ පමණක් දැන් කාලේ අම්මලා සහ ආච්චිලා නැත... ඉන්නේ නංගිලා සහ වයසක අක්කිලාය. ඒ අය ළමයි බලනවා වෙනුවට කරන්නේ මනමාලකම්ය.

:       3       37

කහදවලSunday, 16 April 2023 04:33 PM

අම්මගෙයි දුවගෙයි, අලගිය, මුලගිය කතා අවසානයේ දරුවත් අවසානය ලබා තිබුනේ ගුත්තිල කාව්‍යයේ නොදනිත් දරුවන් ඇකයෙන් වැටුණා... ලෙසට වෙන්න පුළුවන් ගුත්තිලය ලියූ හාමුදුරුවෝ කාන්තාවන් යමකට යොමුවුණොත් සිදුවිය හැකි විනාශය විස්තර කළේ එහෙමයි... අනේ දරුවෝ නැවත උපතකදී තමන්ගේ දරුවන්ට ආදරය ඇති අම්මෙක් සොයාගෙන උපත ලබා ඉක්මන් ආත්මයක නිවන් දකින්න උත්සාහ කරන්න...

:       3       32

සෑම් Monday, 17 April 2023 07:07 AM

කතාව නම් ඇත්ත... වයසක අක්කයි, නංගියි බලන්නේ කොල්ලෙක් එක්ක පුළුවන් නම් සෙට් වෙන්න...

:       1       1

Wasantha Monday, 17 April 2023 04:29 PM

ඔය කියන හැටියට දරුවාගේ අම්මාට 22කුත් ආත්තම්මාට 40කුත් ඇති. ඉතින් සෑම් ඔහේ කියන හැටියක් වෙන්න පුළුවන්...

:       0       0

prasanna Sunday, 16 April 2023 07:23 PM

ලෝකයේ තිරිසන් ජනගහනයෙන් යුක්ත එකම රට ශ්‍රී ලංකාව...

:       3       25

පිටිගල මිලානෝSunday, 16 April 2023 09:17 PM

තිරිසන්නු මුන්ට වඩා හොදට උංගෙ පැටව් බලාගන්නවා…

:       1       3

ගමේ එකෙක් Monday, 17 April 2023 08:19 AM

ඔව් ඒක ඇත්ත. නමුත් මේ කතාවට ඒක ගැලපෙන්නේ නෑ. පව් මේකා පොඩි එකා. අම්මලාට ඉතිං කතාවකට වැටුණොත් ළමයි නෙමෙයි ඇඳගෙන ඉන්න රෙද්ද ගලවාගෙන ගියත් දන්නේ නෑ. වැඩිපුරම මිනිස්සුන්ට කරදරයක් වෙන තරමට බෝවෙලා ඉන්න සතෙක් තමයි රිලව්. ගෙවල් ඇතුලටම එනවා. රිලව් පන්නන්න තියෙන හොඳම ක්‍රමය තමයි වෙස්මුහුණු... පැත්ත පළාතේ එන්නේ නෑ. පස්ස නොබලා දුවන්නේ. හැබැයි අමතක වුණාමද දන්නේ නෑ... ටීක දවසකින් එනවා.

:       0       4

Bunny Preena Monday, 17 April 2023 08:49 AM

මව් පදවිය ලබන්නට නුසුදුසු අයට එම පදවිය ලැබුණාම වෙන දේවල් තමයි. අන්තිමට කියයි ළමයාට ලොකු මාරකයක් තියනවයි කියලා... ජ‍ෝතිෂයේ කීවා කියලා.

:       0       5

Udhuli Monday, 17 April 2023 02:12 PM

ඔයාට නිවන් සුව ලැබේවා චූටි බබෝ...!

:       0       4

විපරමා Monday, 17 April 2023 02:22 PM

තමන්ගේ දරුවා ගැන මීටවඩා කල්පනාවෙන් හිටියා නම් මෙහෙම වෙන එකක් නැහැ. මේවා කාට කාටත් හොඳ පාඩම්...!

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 478 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2226 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1670 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site