IMG-LOGO

2025 මැයි මස 14 වන බදාදා


අතුරුගිරියේ වෙඩිතැබීමට ‘ටැටු‘හිමිකරු ඇතුළු හතක් අත්අඩංගුවට

(කේ. බුද්ධික කුමාරසිරි සහ ගයාන් සූරියආරච්චි)

අතුරුගිරිය නගරයේ ආරම්භ කළ ටැටූ මධ්‍යස්ථානයක් තුලදී සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හොවත් ක්ලබ් වසන්ත ඇතුළු දෙදෙනෙකු වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ටැටූ මධ්‍යස්ථානයේ හිමිකරු ඇතුළු 07 දෙනෙක් අත්අඩංගුවට ගත් බව බස්නාහිර දකුණ අපරාධ විමර්ශන ඒකකය පවසයි.

මෙලෙස අත් අඩංගුවට ගත් අනෙක් සැකකරුවන් වන්නේ අදාළ වෙඩිතැබීමට වාහන සැපයූ පුද්ගලයන් සිව් දෙනෙකු සහ ඝාතනයට ආධාර අනුබල දුන් පුද්ගලයන් දෙදෙනෙකි.

ටැටූ මධ්‍යස්ථානයේ හිමිකරුට රුපියල් ලක්ෂ 10ක මුදලක් කොටස් වශයෙන් වරින්වර ලැබී ඇති බව සිදුකල  විමර්ශනවලදී අනාවරණය වී ඇති බවද උසස් පොලිස් නිළධාරියෙකු පැවසීය

මෙම වෙඩි ප්‍රහාරය නිසාවෙන් ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත සහ එම අවස්ථාවේ එහි සිටි ප්‍රසිද්ධ ගායන ශිල්පිනී කේ. සුජීවාගේ සහකරු වන නයන වාසුල විජේසූරිය නැමැති 38 හැවිරිදි අයෙක්ද මියගිය අතර ගායිකා කේ. සුජීවා සහ තවත් පිරිමි පුද්ගලයකු කොළඹ ජාතික රෝහලේ සහ ක්ලබ් වසන්තගේ බිරිඳ සමගින් තවත් කාන්තාවක් තුවාල සහිතව කොළඹ දකුණ ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබයි.

ඝතෙනයට ලක් වූ දෙදෙනා ගේ දේහයන් පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු වලින් පසු ඥාතීන්ට භාර දීමට කටයුතු කර ඇත.



අදහස් (5)

අතුරුගිරියේ වෙඩිතැබීමට ‘ටැටු‘හිමිකරු ඇතුළු හතක් අත්අඩංගුවට

පිටිගල මිලානෝ Tuesday, 09 July 2024 04:38 PM

ටැටූ කාරයා නටපු නැටිල්ලටයි රගපෑමටයි සරසවි සම්මානෙ දෙන්න ඕනෙ…

:       0       0

නන්දන පනා-මිලානෝ Tuesday, 09 July 2024 06:36 PM

තම රංගන හැකියාව ගැන නොදත් ටැටුවෙක්…..

:       0       0

Ruwan De Silva Tuesday, 09 July 2024 07:03 PM

ලක්ෂ දෙකක් කියන්නේ අද කාලේ මොකක්ද? අඩුම ත්‍රිවීල් එකක්වත් ගන්න බෑ. ක්ලබ් වසන්තගේ ව්‍යාපාර මොනවා වුනත් ඔය ලක්ෂ 10 ඉල්ලුවා නම් ඒ වෙලාවෙම දෙනවා නේ.

:       0       0

නන්දන පනා- මිලානෝ Wednesday, 10 July 2024 10:19 AM

එකට එක්වී එකට කාබී එකට සැතපීලා… උගුල අටවයි විපත පටලයි මුරුග ගති පාලා…

:       0       5

බද්රානි Wednesday, 10 July 2024 01:42 PM

අර මරපු පුද්ගලයා ගැන ගුණකථන හෝ විනිශ්චය කරන්න මම යන්නේ නැහැ... නමුත් ඔය සැලෝන් එක ආරම්භ කරන්න හදපු ටැටූ කොල්ල තමයි ඔය ඝාතනයට උදව් කරලා තියෙන්නේ... ඔහු දකුණේ පුද්ගලයෙක් නේද..? කාපු පතේ පහරන, එකට ඉඳලා හපාකන සර්පයින් ලංකාවේ බහුතරයක් ඉන්නේ කොහෙද කියලා කවුරු කවුරුත් දන්නවා ඇතිනේ... ඉස්සර නම් ඔය පැත්තෙන් බළල් පැටියෙක් වත් ගේන්න එපා කියලයි අපි අහලා තියෙන්නේ...ලංකාවට මේ ඉරණම අත් උනෙත් ඇයි කියලා තේරෙනවා ඇතිනේ... ගිය තැන විනාශයි!! සල්ලි වලට අම්ම අප්පා උනත් විකුණගෙන කනවා... හැබැයි කතාවේදී නම් සිල් වත්තු... ඒකනේ රැවටෙන්නේ...මම නම් පැත්ත පලාතෙවත් වැද්ද ගන්නේ නැහැ....

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ජනාධිපති කාර්යාල වෙසක් සැමරුම් දෙවන දිනටත්
2025 මැයි මස 14 33 0

කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ අග්‍රාමාත්‍ය කාර්යාලය එක්ව සංවිධානය කරන බුද්ධ රශ්මි වෙසක් කලාපයට සමගාමීව පැවැත්වෙන


දෙමටගොඩ ඝාතනයට හතරක් අල්ලයි
2025 මැයි මස 14 318 0

දෙමටගොඩ ගුවන් පාලම යට නවාතැන් ගෙන සිටි ලියාපදිංචි අපරාධකරුවෙක් පසු පස එලවමින් අතින් පයින් හා පොලු වලින් පහරදී ඝාතනය කළ තරුණයන් සිව් දෙනෙකු අත්අඩංගු


වෙන්නප්පුව මුහුදේ අතුරුදන්වු දෙන්නකුගේ සිරුරු වෙරළට
2025 මැයි මස 14 81 0

වෙන්නප්පුව වෙල්ලමංකරේ මුහුදෙ ගිලි අතුරුදහන් වු තිදෙනාගෙන් දෙදෙනෙකුගේ සිරුරු අද(14 ) උදෑසන එම පිරිස දිය නෑමට ගිය වෙල්මංකරේ මුහුදු තිරයට ගොඩ ගසා තිබු බව


රම්බොඩ බස් අනතුරින් තුවාල ලැබූ තවත් අයෙක් මරුට
2025 මැයි මස 14 599 0

කොත්මලේ රම්බොඩ ගැරඩි ඇල්ල ප්‍රදේශයේදි ඉකුත් 11 වන දින සිදු වු බස්රථ අනතුරින් බරපතල ලෙස තුවාල ලබා ගම්පොළ මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින්


යාපනය නගර බිල්ඩිමට සල්ලි කාලා
2025 මැයි මස 14 281 0

යාපනය නගර සභා ගොඩනැගිල්ල නැවත ගොඩනැගීමේ කටයුතුවලදී මූල්‍ය අවභාවිතයක් සිදුව ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.


ලූලා ද සිල්වා චීන ජනාධිපති හමුවෙයි
2025 මැයි මස 14 215 0

බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතරේ හමුවක් පැවැත්විණි. බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා, චීනයේ බෙයිජීං අගනුවරට පැමිණ සිටින අ


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1349 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1569 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 410 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site