IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


අතිරේක දිසා විනිසුරුගෙ පුතා පැහැරගෙන මුදා හරී

කොළඹ අලුත්කඩේ අංක හතර අධිකරණයේ අතිරේක දිසා විනිසුරු බී ඒ ආර් සෝමසිංහ මහතාගේ 15 හැවිරිදි පුතා වෑන් රථයකින් පැමිණි නාඳුනන පිරිසක් විසින් සෙනසුරාදා (28) මොරටුව රාවතාවත්තේ දී පැහැරගෙන එදිනම සවස තුනට පමණ වාද්දූව මොල්ලිගොඩ දී අතහැර ගොස් ඇතැයි මොරටු පොලිසිය කියයි.

සෙනසුරාදා උදේ දහයට පමණ ටියුෂන් පංති යෑම සදහා සිසුවා ගාලු පාරේ රැදීසිටියදී පැහැර ගෙන ඇත.

වෑන් රථයක සිටි සිව් දෙනකු බලහත්කාරයෙන් තමා වෑන් රථයට දමාගත් බවත්, පසුව කිරිබත්ගොඩ ප්‍රදේශයට රැගෙන ගොස් හරවාගෙන ආපසු එමින් සිටියදී බස්බලපිටියේ දී සිහි නැති වූ බවත්, පසුව නැගිට බල විට එම පිරිස විසින් යම් කිසි ප්‍රදේශයක දී වෑන් රථයෙන් බසින ලෙස පැවසූ බැවින් එයින් බැස බලන විට වාද්දූව බව හදුනාගත් බවත් එම ශිෂ්‍යයාගේ ප්‍රකාශයේ සදහන්ව ඇතැයි පොලිසිය කියයි.



අදහස් (0)

අතිරේක දිසා විනිසුරුගෙ පුතා පැහැරගෙන මුදා හරී

තබුක් සිල්වා Sunday, 29 September 2013 09:55 PM

පේනවා නේද මතින් ඉප යන කළු සල්ලි වල බලයේ තරම , කොන්ද කෙලින් තියලා තීරණයක් ගන්නත් පුලුවන්ද? (නදී),

:       0       0

ජයසූරිය Monday, 30 September 2013 09:58 AM

නඩුකාර හාමුදුරුවන්ටත් මෙහෙම කළා නම් සාමාන්‍ය ජනතාවට දෙයියන්ගේම පිහිටයි (නි)

:       0       0

රත්නායක ආරච්චිගේ Monday, 30 September 2013 10:37 AM

දැන් ඉතින් ෂුවර් එකටම නඩු තීන්දු කිහිපයක් අකමැත්තෙන් වුණත් වෙනස් විදියකට අපිට අහන්න වෙයි කියලා මට හිතෙනවා (නි)

:       0       0

මේනකා ඉතාලිය Sunday, 29 September 2013 11:33 PM

මේක තවත් කතාවක මුල වගේ. හෙට අනිද්දා සියල්ල දැනගන්න පුළුවන් වේ යැ‍යි සිතමි (නි)

:       0       0

අසංක Monday, 30 September 2013 12:29 AM

සාමාන්‍ය ජනතාව භීතියට පත්වේවි. නීතිය නැති රටක් විදියට අපව ලෝකයාට පෙනේවි. ඉදිරිය අදුරුද? පසුබිම මෙන්ම පසුපස සිටින්නන්ද වහාම හෙළිකර ගත යුතුයි (නි)

:       0       0

ටිකිරි බංඩා Monday, 30 September 2013 04:35 PM

රටේ මිනිසුන්ට නිදහසේ ජීවත් වෙන්න නොදී සුදු වැන් වලින් උස්සන් බය කරලා,විරුද්ද මත දාරීන්ගේ කට වහලා .මොනවද මේ කරන්නේ. මේකද ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ. නව නින්දන් පිල්ලේ හැම මාසෙකම ලංකාවට එනවනම් ඇත්තටම හොදයි.(නදී)

:       0       0

තිලක්-ඩුබායි Monday, 30 September 2013 11:35 AM

චානක. මෙක්ෂිකෝවෙවත් මෙහෙම දේවල් සිදු වෙන්නේ නැහැ.එහෙනම් කව්ද කියන්නේ රටේ තිබෙන්නේ යහ පාලනයක් කියා? (නි)

:       0       0

ටිකිරි බණ්ඩා Monday, 30 September 2013 11:36 AM

දැන්නම් ඇත්තටම හිතිලා තියෙන්නේ ප්‍රභාකරන් මීට වඩා හොඳයි කියලා. (ස)

:       0       0

පිටබැද්දර ජයා Monday, 30 September 2013 04:42 PM

අද අපේ රටට ව්‍යවස්තාදායකය , අදිකරණය වැඩකට නැති දේවල් වෙලා , ඕනේ කරන්නේ සුදු පාට වැන් එකකුයි ආයුද ටිකකුයි ඒවා පරිහරණය කොරන්න දන්නා ඇඟපත හයිය හතර පස් දෙනෙකුයි විතරයි. (නදී)

:       0       0

ටිකිරි බණ්ඩා Monday, 30 September 2013 11:37 AM

මේ යන ක්‍රමයට ඉදිරියේදී නඩුකාර හාමුදුරුවෝ වරුත් දන ගහන කාලයක් එනවා. (ස)

:       0       0

රෝහණ Monday, 30 September 2013 11:46 AM

අපේ රන් දිවයිනකට ගිය කලක හැටි! ඉස්සර මේවා සෝමාලියාවේ සුඩානෙ වගේ අප්‍රිකානු රටවල අහන්න ලැබුන දේවල්. අද සමාජය එන්න එන්නම පිරිහෙනවා. (නි)

:       0       0

ටිකිරි බණ්ඩා Monday, 30 September 2013 04:50 PM

පිටබැද්දර ජයා,සොබා දහමින් හෝ නිසි දඩුවම ලැබේවි. (නි)

:       0       0

පිටිගල මිලානෝ Monday, 30 September 2013 02:09 AM

මෙතන කොහේ හරි කොනක දේශපාලකයෙක් ගෑවිලා ඇති. (නි)

:       0       0

හේරත් Monday, 30 September 2013 02:10 AM

කුඩා ළමයින්, වයසක උදවිය, අබල දුබල අයට හිංසා කිරීම හෙලා දකිමි. (නි)

:       0       0

දොන්සේතන් Monday, 30 September 2013 11:58 AM

විනිසුරුගේ පුතා කීවහම බය උනාලු.කොට්ටෝරැවා ගිහින් ගිහින් කොටලා තියෙන්නේ කෙහෙල් ගහට නේ. (ස)

:       0       0

චානක. Monday, 30 September 2013 02:16 AM

මෙක්ෂිකෝවෙවත් මෙහෙම දේවල් සිදු වෙන්නේ නැහැ.එහෙනම් කව්ද කියන්නේ රටේ තිබෙන්නේ යහ පාලනයක් කියා? (නි)

:       0       0

වාස් Monday, 30 September 2013 02:53 AM

කවුරුහරි එක්ක ගිහින් වෙන්න ඇති. (නි)

:       0       0

උපාලි Monday, 30 September 2013 04:06 AM

තොරතුරු නොදැන මොකුත් කියන්න බැහැ. මොනවා වුණත් මේ පැහැරගෙන යාමේ "සංස්කෘතිය" දැන්මම නැති නොකළොත් නීතියක් ගැන අපි කතා කිරීමත් නිෂ්ඵලයි. (නි)

:       0       0

බණ්ඩාර Monday, 30 September 2013 06:57 AM

මේක සුලුවෙන් බලන්න එපා‍ (නි)

:       0       0

පෙරේරා Monday, 30 September 2013 07:53 AM

මේ නඩුකාර හාමුදුරුවෝ කලින් හිටියේ මොරටුව උසාවියේ නේද? (නි)

:       0       0

රකිත් Monday, 30 September 2013 08:38 AM

සුදු පාට වෑන් රථයක් නම් ප්‍රශ්නයක් නැහැ මගේ හිතේ... (නි)

:       0       0

සිතිජය Saturday, 05 October 2013 11:24 PM

මේකේ ඇත්ත ලගදී දැනගන්න ලැබෙයි (නි)

:       0       0

දුමින්ද Monday, 30 September 2013 08:47 AM

කරුණාකර මේගැන විධිමත් පරීක්ෂණයක් කරන්න (නි)

:       0       0

සදුනි Sunday, 29 September 2013 08:39 PM

මේක නම් ඇතුලෙත් කතාවක් තියෙන දෙයක් වගෙයි.(නදී)

:       0       0

බෙනට් Sunday, 29 September 2013 08:47 PM

ෂුවර් එකට කොලු පැටියා තව යාළුවො ටිකක් එක්ක ටියුෂන් යනවා කියල ගිහින් වත්ද කොහේ හරි.(නදී)

:       0       0

අමිළ කටුනායක Sunday, 29 September 2013 09:10 PM

දැක්ක අය නැත්නම් කොල්ලා රවුමක් ගහන්න ගිහිල්ලා.(නදී)

:       0       0

සරත් Monday, 30 September 2013 09:32 AM

ඇත්ත එලියට ඒවි. (නි)

:       0       0

කමල් Sunday, 29 September 2013 09:43 PM

අසුභ පෙර නිමිති(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 595 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1093 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site