IMG-LOGO

අත්‍යාවශ්‍ය සේවා ලේබලය ගහගෙන මංගල උත්සවයක කාඩ් බෙදලා

(මොහොමඩ් ආසික්)

ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන අවස්ථාවේදී ජනතාවට අත්‍යාවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනය කිරීම සඳහා ලබා දෙන අවසර පත්‍රයක් මෝටර් රථයේ ගසා ගෙන සිය නැඟණියගේ විවාහ උත්සවයේ ආරාධනා පත්‍ර බෙදමින් සිටි පුද්ගලයෙකු අද (05) අත්අඩංගුවට ගත්බව අලවතුගොඩ පොලිසිය පැවසීය.

ඇඳිරි නීතිය පවතින අවස්ථාවේ ජනතාවට අවශ්‍ය අත්‍යාවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනය කිරීම සඳහා කුලී පදනම මත ලබා ගත් මෝටර් රථයක අත්‍යවශ්‍ය සේවා යන දැන්වීම සවි කරගෙන අලවතුගොඩ පූජාපිටිය මාර්ගයේ ගමන් කරමින් තිබූ මෙම මොටර් රථය පොලිසිය පරීක්ෂා කර තිබේ.

එම මෝටර් රථයේ කිසිදු අත්‍යවශ්‍ය සේවා භාණ්ඩයක් හෝ ඒවා ප්‍රවාහනය කරන බවට සලකුණක් හෝ නොමැති වීම හේතුවෙන් මේ සම්බන්ධයෙන් පරීක්ෂා කර ඇති අතර එහිදී ඔහු සිය නැඟණියගේ විවාහ උත්සවයේ ආරාධනා පත්‍ර බෙදමින් සිටිනු හඳුනා ගැනීමට හැකිව තිබේ.

ඒ අනුව  මෙම සැකකරු  අත්අඩංගුවට ගෙන ඇත අතර  මේ සඳහා යොදා ගත් මෝටර් රථයද පොලිස් භාරයට ගෙන තිබේ.

අත් අඩංගුවට ගත් සැකකරුට එරෙහිව නීතියම ක්‍රියාමාර්ග ගැනීමට නියමිතව තිබේ.

 

 



අදහස් (7)

අත්‍යාවශ්‍ය සේවා ලේබලය ගහගෙන මංගල උත්සවයක කාඩ් බෙදලා

Raveendra Sunday, 05 April 2020 12:19 PM

කරුණාකර අප අපගේ සිත්වලට එකගව මොහුගේ ක්‍රියාකලාපය අනුමත කරන්නේද? අනිත් කරුණ වන්නේ මෙවන් අවදානම් අවස්තාවක මගුල් උත්සවයක් කෙසේ පවත්වන්නේද යන්නවත් තේරුම් ගැනීමට මොලයක් නොමැති කෙනෙක් නොවේද මේ? අත්‍යඅවශ්‍ය සේවා ලේබලය ද පාවිච්චි කරන්න තරමට මෙම නිවට සුනඛයා කෙසේ බලගතු වුයේද? අප තරයේ විස්වාස කරනවා මෙම කලකන්නියාට උපරිම දඩුවම් ලැබේ යන්න.

:       2       179

Always breakdown Sunday, 05 April 2020 01:08 PM

බලන්න මුස්ලිම්ද කියලා?

:       598       410

Sarath Sunday, 05 April 2020 01:33 PM

මෙවැනි පුද්ගලයින්ට දැඩි දඩුවම් දියයුතුයි. එතැනින් නොනැවතී එය ප්‍රසිද්ධ කලයුතුයී. එයට හේතුව, මෙවැනි මෝඩ තකතීරු ක්‍රියාකාරකම් තවත් මෙවැනිම මෝඩයෙක් අනුගමනය කරනවාමයී. ඒ අනුව මෙවැනි ක්‍රියා සමාජයේ පිළිලයක්සේ වැඩීවීමට බොහෝ ඉඩකඩ ඇත. මුලු මනුෂ්‍ය සන්හතීයම මුහුනදී සිටින මෙවැනි භයානක අවස්ථාවක මෙවවැනි තකතීරුවන්ට දඬුවම් දියයුත්තේ අනික් අයටද පාඩමක් කියාදෙන අටියෙනි.

:       1       35

පිටිගල මිලානෝ Sunday, 05 April 2020 02:28 PM

ණයවෙලා මඟුල් කාලා යුග ජීවිතේ පටන්ගන්න මිනිසුන්ට මේකත් දෙයක්ද?

:       0       46

jayath Sunday, 05 April 2020 02:33 PM

බය වෙන්න එපා එච්චර මොලයක් නැහැ මේ වගේ මෝඩ දෙයක් වත් කරන්න. මන් හිතන්නේ මැන්ට අන් තට්ට්ටුවක් බැඳලා හන්දියක තියන්න ඕන

:       0       8

Amal Sunday, 05 April 2020 02:54 PM

මොවුන්ව අත්අඩංගුවට අරගෙන වැඩක් නැහැ කෙලින්ම අංගොඩ යවන්න ඕන.

:       0       123

wije Sunday, 05 April 2020 04:27 PM

රටට මෙච්චර විනාශයක් වෙලා මිනිස්සු එදාවේල හොයාගන්න රස්සාවකට යන්න විදියක් නැතුව දහදුක් විදිනවා. මේ නිසා මේ රටේ මිනිස්සුන්ට මැරෙන්නයි වෙන්නේ.

:       1       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 334 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 506 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 204 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site