අපොස සාමාන්‍ය පෙළ විභාගයේ විද්‍යා ප්‍රශ්න පත්‍රය පිට කළැයි සැකපිට අත්අඩගුවේ සිටින චන්දන සම්පත් අත්තටගේ (සම්පත් අත්තටගේ) ඇතුළු පස් දෙනා ජනවාරි 10 වැනි දින තෙක් නැවතත් රිමන්ඩ් කරන ලෙස කඩුවෙල ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය නියෝග කළාය.
මෙම සිද්ධියට සම්බන්ධ බව කියන සැකකරියකගෙන් ප්‍රශ්න කරගෙන යන බව රහස් පොලිසිය අධිකරණයට දැන්වුවාය.
ප්‍රධාන සැකකරුගේ සහායකයකු වන ලක්ෂාන් ජයසිංහ, නයිවල ප්‍රදේශයේ උපකාරක පන්ති ගුරුවරයකු වන සිරිවර්ධන ජයසේන, නයිවල රූපලාවන්‍යාගාරයක් පවත්වාගෙන යන නිරෝෂන් සංජීව, සහ විභාග දෙපාර්තමේන්තුවේ මුද්‍රණ යන්ත්‍ර ක්‍රියාකරු මංගල ප්‍රිය ශාන්ත සෙසු සැකකරුවෝ වෙති.
මෙම සිද්ධිය සුළු කොට තැකිය නොහැකි බවත් විභාග රහස් විභාගයට කලින් පිට කිරීම විශාල වරදක් බවත් මහේස්ත්‍රාත්වරිය පැවැසුවාය.
අත්තටගේ ඇතුළු සැකකරුවනට ඇපදෙන ලෙස ඔවුන්ගේ නීතිඥවරු ඉල්ලූහ. ඔවුනට ඇප දීමෙන් විභාගයට පෙනී සිටි සිසුනට ලොකු අගතියක් වන බව මහේස්ත්‍රාත්වරයි ප්‍රකාශ කළාය. ඇප ප්‍රතික්ශේප කළ මහේස්ත්‍රාත්වරිය අත්තටගේ ගෙන් හා ටියුෂන් ගුරු සිරිවර්ධන ජයසේන ගෙන් තව දුරටත් ප්‍රශ්න කිරීමට රහස් පොලිසියට අවසර දුන්නේය.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
අත්තටගේත් යළි රිමාන්ඩ්
ඉන්ද්‍රජිත් Friday, 28 December 2012 10:21 PM
මෙයාගේ අත්දැකීමෙන් අනුමාන කිරීමේ ශක්තිය ගැන ගල් පැලෙන බොරු ඇදබාන්න කෙනෙක් දැන් නම් කුලියටවත් හොයාගන්න බැරිවා වගේ. (නි)
ප්‍රනාන්දු Sunday, 30 December 2012 04:09 AM
දැන්නම් අත්තට 'ගේ' වත් තියෙනවා. නඩුව අවසන් වෙද්දි 'ගේ' තියා ඉඩමවත් ඉතුරුවෙලා තිබේවිද සැකයි. (නි)
රුවන් Friday, 28 December 2012 11:08 PM
මෙවන් අයට ගුරු වෘත්තිය තහනම් කළ යුතුයි. (නි)
නිමල් Friday, 28 December 2012 11:20 PM
ප්‍රශ්ණ 19 ක් අනුමාන කළ මෙයාට මේක අහුවෙයි කියලා අනුමාන කරන්න දැනුමක් තිබිලා නැද්ද? (නි)
ලාල් Saturday, 29 December 2012 12:38 PM
එයාටත් මොකක් හරි බලයක් ඇති (ස)
කිවි Sunday, 30 December 2012 07:46 AM
එයා දැන් රිමාන්ඩ් එකෙත් ටියුෂන් දෙනවද දන්නෙ නැහැ නේද? (නි)
බණ්ඩාර Saturday, 29 December 2012 02:24 AM
මෙයාගේ තටු ගලවන්නයි තිබුණෙ...!(නු)
ජනක Friday, 28 December 2012 04:15 PM
අනේ අපේ රටේ රහස්? (නි)
අමිල කටුනායක Friday, 28 December 2012 04:17 PM
ගුරුකමෙන් හොරකමට... (නි)
චන්ද්‍රා Saturday, 29 December 2012 02:49 PM
කාන්තාවක් නොසිටියොත් ඒක අඩුවක් (ස)
ඇන්ඩ්‍රෑ Friday, 28 December 2012 04:25 PM
අයියෝ! (නි)
කල්පගේ Friday, 28 December 2012 04:48 PM
පුලුවන් නම් විභාගය නැවතත් තියන්න. අශ්වයා ගිය පසු ඉස්තාලය වසා වැඩක් නැත. (නි)
ධනුක Saturday, 29 December 2012 05:15 PM
මෙයාට දෙන්න ඕනෑ දඩුවම තමයි සර්කස් වල කඩු ගිලින වැඩේ..! (නි)
නිෂාඩ් ප්‍රීනා Saturday, 29 December 2012 09:16 AM
තණ්හාය ජායතී සෝකෝ! (නි)
අජිත් Saturday, 29 December 2012 10:44 AM
මේ ගුරුවටයට බැනලා වැඩක් නෑ . මේක මෙයාට ගෙනැත් දීපු නිලධාරියා අල්ලාගන්න (ස)
පද්මි Saturday, 29 December 2012 10:50 AM
අපේ රටේ කොතන ගියත් හොරු.. (ස)
අජිත් Saturday, 29 December 2012 10:46 AM
කවුද ඔය නැවත විභාගේ තියන්න කියන්නේ . දැනටමත් ලකුණු දාලා ඉවර ඇති (ස)
ආනන්ද Friday, 28 December 2012 08:56 PM
යළිත් ඔවුන්ට ගුරු වෘත්තිය තහනම් කළයුතුයි. (නි)
ජයන්ත Saturday, 29 December 2012 10:22 PM
ඊළග පාර ප්‍රශ්න 45ම පිටකරන්න.. එතකොට ලකුණු 45ක් ලැබිලා හැමෝම පාස් වෙනවා.. එතකොට සාක්ෂරතාවය ඉහළයි කියන්නත් පුළුවං නේ..(නු)