IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


අත්අඩංගුවට නොගැනීමේ නියෝගයක් නෑ: තිළිණ ගමගේගේ පෙත්සම විසිවේ

අනවසර අලි පැටවකු ඇති කරතියි මහේස්ත‍්‍රාත් අධිකරණයේ පවතින නඩුවෙහි සැකකරුවකු ලෙස තමා අත්අඩංගුවට ගැනීමේ වළක්වන නියෝගයක් ඉල්ලා කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් තිළිණ ගමගේ මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය අද (08) විභාගයට නොගෙනම ගාස්තු රහිතව නිෂ්ප‍්‍රභා කළේය.

අලි පැටවා සම්බන්ධයෙන් සුවිශේෂී නඩුවක් සඳහා පොදු දේපළ පනත යටතේ පෙත්සම්කරු අත්අඩංගුවට ගැනීමට ප‍්‍රමාණවත් කරුණු තිබෙන බවට නීතිපති ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට ගනිමින් ශ්‍රේෂ්ඨාධිකරණය එසේ ප්‍රකාශ කළේය.

ඊවා වනසුන්දර, බුවනෙක අළුවිහාරේ සහ කේ.ටී.චිත‍්‍රසිරි යන විනිසුරුවරුන් හමුවේ කැඳවිණි. පෙත්සම්කාර අතිරේක මහේස්ත‍්‍රාත්වරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා කියා සිටියේ කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණයේ පැවැත්වෙන නඩුවක් සම්බන්ධයෙන් තම සේවාදායකයා අත්අඩංගුවට ගැනීමේ ආසන්නතම සූදානමක් පවතින බවත්,එසේ කිරීම පුද්ගල නිදහසට බාධාවක් වන හෙයින් එලෙස අත්අඩංගුවට ගැනීම බලරහිත කරන ලෙසත් ඉල්ලා සිටියේය.



අදහස් (0)

අත්අඩංගුවට නොගැනීමේ නියෝගයක් නෑ: තිළිණ ගමගේගේ පෙත්සම විසිවේ

ලෙස්ලි Tuesday, 08 March 2016 01:37 PM

තවම හොරු ටික එළියේ ජනතාවගේ බලාපොරොත්තු එතනමයි.අපිටනම් පෙන්නේ හොරු ආරක්ෂා කරන වගේ.(හේ)

:       0       0

රොහාන් Tuesday, 08 March 2016 01:39 PM

හිස ඔසවමින් එන පාතාලයද ඉක්මනින් යටපත් කරන්න එතකොට තවත් සැනසිල්ලක් (හේ)

:       0       0

බෙනට් Tuesday, 08 March 2016 02:10 PM

දැන් වෙන්නේ හොර අල්ලන ගමන් වැට් බදු වැඩිකරන යහපාලනයක් .ඉස්සර කිවුවේ හොරකම් කරපුවා හොයාගත්තම ජනතාවට සහන දෙන්න ඒ ටිකම ඇති කියලයි .. දැන් බලද්දී ජනතාවයි හොරු . ඇයි ජනතාවගේ පොකට් එකෙන් සල්ලි අදින්නයි දැන් හදන්නේ (බ)

:       0       0

ඩිල්කි Wednesday, 09 March 2016 03:56 AM

වාණිජ මහාධිකරණයේ හිටපු විනසුරු තුමනි ඔබට අපගේ නිතිය පිළිබද ජන විශ්වාසය අපක්ෂපාති තීරණ හරහා තවදුරටත් වර්ධනය කරනු හැකි බව අපගේ විශ්වාසයයි.(ම)

:       0       0

සමන්ති Tuesday, 08 March 2016 02:46 PM

මහරගම රථවාහන අංශයේ හිටපු රාලහාමි දැන් කොහෙද? (බ)

:       0       0

උනම්බුව Tuesday, 08 March 2016 02:41 PM

ඔය අලි සබ්රිලා පහුගිය පාලන කාලයේ රාජ උෂ්ණේ බලයෙන් කටින් ගහල නඩු දිනන්න හදපු අය. අද අහන යහපාලනය නිසා අහන නඩුව පරාදයි (බ)

:       0       0

අරවින්ද Tuesday, 08 March 2016 04:52 PM

බොහොම හොඳයි (නි)

:       0       0

ඉන්ද්‍රජිත් Wednesday, 09 March 2016 12:45 AM

බයවෙන්න එපා. ලංකාවේ පොලිසිය ගොඩක් වෙලාවට හොරුන්ව නොවේ, හොරු වටේ ඉන්න අය විතරයිනේ ගන්නේ. (නි)

:       0       0

උපාලි Tuesday, 08 March 2016 12:25 PM

අලුත් නීතිපතිතුමාට සහ ගරු ශ්‍රේෂ්ඨාධිකරණයට මගේ ප්‍රණාමය! ෆයිල් ලාච්චු අස්සේ හිරවෙන්නේ නැති බව පෙනීමත් රටේ නීතිය ස්ථාපිත වෙමින් පවතින බව පෙනීමත් විශාල සැනසිල්ලක්. (බ)

:       0       0

බන්දුල Wednesday, 09 March 2016 01:44 AM

නඩු අහන අයත් නඩු වලට පැටලිලා. මෙහෙමත් ලෝකයක් ! (නි)

:       0       0

සමන් Tuesday, 08 March 2016 12:51 PM

හොඳ වැදගත් තිරණයක් අරන් තියෙන්නේ.(හේ)

:       0       0

ඩෙන්සිල් Tuesday, 08 March 2016 01:00 PM

අපේ අධිකරණය ගැන හරිම ආඩම්බරයක් දැනුනා.(හේ)

:       0       0

ඩෙන්සිල් Tuesday, 08 March 2016 12:51 PM

අපේ අධිකරණය ගැන හරිම ආඩම්බරයක් දැනුනා.(හේ)

:       0       0

දුමින්ද Tuesday, 08 March 2016 12:56 PM

ජාතික ආණ්ඩුවේ අයගේ ලිපි ගොනුවලත් බාලගිරි දොසේ දුරු වේවා.(හේ)

:       0       0

නන්දලාල් Tuesday, 08 March 2016 01:05 PM

ඉක්මනින් නඩු විසඳා චෝදිතයන්ට නිසි දඬුවම් පැමිණවීමට අධිකරණය තීරණය කලොත් අපේ නීති පද්දතියේ ස්වාධීනත්වය අගය කළ හැක. දඩ මගින් රජයේ භාණ්ඩාගාරයත් තර කර ගැනීමට මෙය ඉවහල් වෙන්න පුළුවන් !!!!! (හේ)

:       0       0

චන්දන Wednesday, 09 March 2016 02:24 AM

උණම්බුව, ඔබ හරියට හරි. රාජ ඌෂ්ණය දැන් ඉවරයි. (නි)

:       0       0

වින්සන්ට් Tuesday, 08 March 2016 01:10 PM

උපාලි මහතාගේ ප්‍රකාශයට මගේ ප්‍රණාමය! (හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 645 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 308 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site