අඩි 41 කට අඩු කුඩා බෝට්ටු නිෂ්පාදනය තාවකාලිකව අත්හිටුවීමට පියවර ගන්නැයි ධීවර අමාත්‍ය මහින්ද අමරවීර මහතා බලධාරීන්ට උපදෙස් දී ඇත.
ඒ අනුව අඩි 41 කට අඩු කුඩා බෝට්ටු බෝට්ටු නිෂ්පාදනය කළ ද ඒවාට අමාත්‍යාංශයෙන් බලපත්‍ර නිකුත් නොකෙරෙණු ඇත.
එවැනි කුඩා බෝට්ටු ප්‍රමිතියෙන් තොර බවට ධීවරයන්ගෙන් එල්ල වන චෝදනා සැලකිල්ලට ගනිමින් අමාත්‍යවරයා මෙම තීරණය ගෙන තිබේ.
කුඩා බෝට්ටුවලට යොදා ගන්නේ අලුත්වැඩියා කරන ලද පැරණි එන්ජින් යැයි ද, බෝට්ටු භාවිත කළ හැකි කාල සීමාව ඉතා සීමිත යැයි ද ධීවරයෝ චෝදනා කරති.
අඩි 41 කට අඩු කුඩා බෝට්ටු එක්දින යාත්‍රා ගණයට වැටෙන අතර මෙම බෝට්ටුවලින් මසුන් මැරීමට ගොස් බෝට්ටු මුහුද මැද අබලන් වූ පසු එම බෝට්ටුවල සිටින ධීවරයන් බේරා ගැනීමට යන පිරිවැය දැරීමට සිදුවන්නේ ද ධීවරට අමාත්‍යාංශට බව අමාත්‍යවරයා පැවැසීය.
මෙවැනි බෝට්ටුවලින් මාළු ඇල්ලීමට යා හැක්කේ නාවුක සැතපුම් 20ක සීමාවක පමණක් බවත් එම බෝට්ටුවලට ජාත්‍යන්තර මුහුදට යා නොහැකි නිසා අල්ලාගත හැකි මාළු ප්‍රමාණය ඉතා සීමිත බවත් ධීවර අමාත්‍යාංශය සඳහන් කරයි.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
අඩි 41ට අඩු බෝට්ටු සෑදීම නවත්වන්න ඇමැතිගෙන් උපදෙස්
ද සිල්වා බෙර්ලින් Thursday, 07 July 2016 02:45 AM
ඔය වැඩෙන් වෙන්නේ ධිවර කර්මාන්තය තවදුරටත් ලොකු මුදලාලිලාගේ අණසකට යටත් වෙන එක. සාමාන්‍ය ධීවරයෙක් කුඩා බෝටුවක් අරන් රස්සාව කරන එක නතර වෙනවා (නි)
රෝෂන් Thursday, 07 July 2016 04:20 AM
මෙහි සැබෑ අරමුණ මෙය නොවිය හැක. උතුරේ ධීවරයාට බහුදින යාත්‍රා අවශ්‍ය නොවේ. ඔවුන්ගේ කලාපය නාවික සැතපුම් 20කට වැඩි නොවේ. ඔවුන් ජාත්‍යන්තර මුහුදට පිවිසුනොත් ඉන්දියානු ධීවරයාට උතුරට පැමිණීමේදී ඇතිවන ගැටළු අඩුවනු ඇත. පාරිභෝගිකයාට නැවුම් මාළු ලබාගැනීමට ඇති අවස්ථාව නැතිවනු ඇත. මෙය සමස්ත ශ්‍රී ලාංකික ධීවරයාට හා පාරිභෝගිකයාට අවාසිසහගත තීරණයක්දැයි සිතේ. (බ)
හේවා Thursday, 07 July 2016 04:59 AM
ඉන්දියාවේ බලපෑමක් මත (බ)
නිහාල් Thursday, 07 July 2016 05:00 AM
දුප්පත් ධීවරයන්ට ලොකු බෝට්ටු ගැනීමට මුදල් නොමැත. මුහුද මැද අබලන් වුන බෝට්ටු ධීවර අමාත්‍යංශයෙන් බේරාගත් බව කිසිම දිනක අසා නොමැත. අනෙක මේ ඇමතිගේ උත්සාහය පිටරටින් මාළු ගෙන්වීම දිගටම කරගෙන යාමටයි .රොෂාන් ඔබ හරි (බ)
ජයරත්න Thursday, 07 July 2016 05:33 AM
කුඩා බෝට්ටු නිපදවීම නතර කිරීම වෙනුවට ප්‍රමිතියෙන් යුත් කුඩා බෝට්ටු නිපදවීමට කටයුතු කිරීමයි කළ යුත්තේ. එවිට පාරිභෝගිකයාට නැවුම් මාලු ලබාගැනීමටත් ධීවරයාට දැරිය හැකි මිලකට බෝට්ටුවක් ලබාගැනීමටත් හැකිවේවි. (බ)
ද සිල්වා බෙර්ලින් Thursday, 07 July 2016 07:10 AM
ධීවරයන් පිටරට පාවිච්චි කරනලද එන්ජින් ගෙනාවත් ඒවා කිසිම වගවිභාගයක් නොමැතිව කෙළින්ම බෝට්ටු වලට සවි නොකරති. මුලින්ම තමන්ට විශ්වාසවන්ත කාර්මිකයකු යොදා එහි කොටස් ගළවා ගෙවීගිය කොටස් ඉවත්කර අඩුපාඩු සකසා නැවත 'ෆිට්' කරනු ලැබේ. ලංකාවේ වැඩි ප්‍රමාණයක් තිබෙන්නේ කුඩා ධිවර වරායන්ය. ඒවාට මේ විශාල ප්‍රමාණයේ බෝට්ටු ඇතුළත් කළනොහැක. ඒවායේ සමහර තැන් ගැඹුර අඩු නිසා බෝට්ටු පතුල යට වැදීම සිදුවේ. (නි)
උපුල් ගලප්පත්ති Thursday, 07 July 2016 08:45 AM
පොඩි මිනිහට සන්තානම් මෑණියන්ගේ පිහිටයි (බ)
කුමාර් (ගල්ෆ්) Thursday, 07 July 2016 09:17 AM
මුහුදේ මසුන් මැරීමට බෝට්ටු හදන්නේ ඒ අවශ්‍යතාවයට අනුව මිසක, ඇමතිට ඕනා ආකාරයට නොවේ. (බ)
විපුල Thursday, 07 July 2016 09:27 AM
ඇමතිතුමනි ලංකාවේ ජනයා ගැන හිතන්න . ඔබට ඡන්දෙ දෙන්න ඉන්නේ ඔවුන් . මෙය නැවත වනවානම් එයට පිලියමක් යොදන්න. ඔබගේ මේ අදහස ව්‍යාකූලයි (බ)