IMG-LOGO

අඩුවී ඇති වි අස්වනු නැංවීමට ජාත්‍යන්තර සහය

(ඩයනා උදයංගනී)

ශ්‍රී ලංකාවේ වී අස්වනුවල අඩුවීමක් පසුගිය වසර 10ක කාලයේ දී දක්නට ලැබෙන බව අන්තර් ජාතික සංවර්ධනය පිළිබඳ  එක්සත් ජනපද නියෝජිතායතනය (USAID)  පවසයි.

ශ්‍රී ලංකාවේ වී වගාව සඳහා යොදාගන්නා හෙක්ටයාර් 890000 ක භූමි ප්‍රමාණයෙන් සියයට 75 ක්ම කුඩා පරිමාන ගොවීන් විසින් වගාකරනු ලබන අතර, මේවායෙහි නිෂ්පාදනය වැඩි කිරීමට හැකියාවක් ඇතත්, වියළි සහ අතරමැදි කලාපවල වී නිෂ්පාදනය පසුගිය අවුරුදු 10 ක කාලසීමාවේදී  වර්ධනය නොවීම හෝ අඩුවීමේ ප්‍රවනතාවයක් දක්නට ලැබුණු බව එම ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

මෙය ආසියාවේ වී වගා කරන අනෙකුත් රටවල දක්නට ලැබෙන නිෂ්පාදනය වර්ධනයවීමේ තත්වයන්ට ප්‍රතිවිරුද්ධ තත්වයක් බව ද එහි සඳහන්ය.

වියළි සහ අතරමැදි කළාපයේ වී නිෂ්පාදනය සියයට 10 කින් ඉහළ නැංවුවහොත් ශ්‍රී ලංකාවට ටොන් මිලියන භාගයක අතිරේක වී නිෂ්පාදනයක් සිදුකළ හැකි අතර, වඩාත් කාර්යක්ෂම වගා ක්‍රමයන් හඳුන්වාදෙන්නේ නම් අඩු ජල ප්‍රමාණයක් හා අවම රසායනික ප්‍රමාණයක් යොදාගනිමින් සහ අඩු පිරිවැයක් යටතේ එම නිෂ්පාදනය ඉහළ නැංවිය හැකි බව ද අන්තර් ජාතික සංවර්ධනය පිළිබඳ  එක්සත් ජනපද නියෝජිතායතනය කියයි.

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය,  අන්තර් ජාතික සංවර්ධනය පිළිබඳ  එක්සත් ජනපද නියෝජිතායතනයේ සහාය ඇතිව කෘෂිකර්ම අමාත්‍යාංශය සමගින්  එක්ව ශ්‍රී ලංකාවේ වියළි සහ අතරමැදි කලාපයේ වී නිෂ්පාදනයන් සහ ඒවායේ ඔරොත්තුදීමේ  හැකියාව  ඉහළ නැංවීමේ වැඩපිළිවෙලක් ද මේ වන විට ක්‍රියාත්මක කර ඇතැයි එහි දැක්වේ.

මේ සම්බන්ධයෙන් ආරම්භක වැඩමුලුවක් එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානය  මගින් මැනිලා හි අන්තර්ජාතික සහල් පර්යේෂණ ආයතනයේ විද්වතුන් සහ පාර්ශවකරුවන් සමගින් එක්ව පසුගියදා පවත්වා ඇත.



අදහස් (1)

අඩුවී ඇති වි අස්වනු නැංවීමට ජාත්‍යන්තර සහය

යෝගා Thursday, 09 March 2023 06:08 PM

මේ රටේ ගොවිතැනට යොමු වන බහුතරයක් අඩුම අධ්‍යාපන මට්ටමක් ඇති අය වීමත් හේතුවක් වෙන්න පුළුවන්...

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 398 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 960 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1345 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site